The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

2025 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.9 ක වර්ධනයක්

T

The Leader Desk

September 15, 2025 • 5:26 PM

2025 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.9 ක වර්ධනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) පවසයි.
  • ඊට අමතරව වසර 2025 දෙවන කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2024 දෙවන කාර්තුවේදී වාර්තා වූ රුපියල් මිලියන 2,749,504 සිට රුපියල් මිලියන 2,883,559 දක්වා ඉහළ ගොස් තිබේ.
  • දෙවන කාර්තුවේදී කෘෂිකාර්මික කටයුතු, කාර්මික කටයුතු සහ සේවා කටයුතු සියල්ලම පිළිවෙලින් සියයට 2.0, සියයට 5.8 සහ සියයට 3.9 කින් වැඩි වීමක් වාර්තා කර ඇත.
  • අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් කලින් පැවති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරන බවද එම දෙපාර්තමේන්තුව කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) පවසයි.

ඊට අමතරව වසර 2025 දෙවන කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2024 දෙවන කාර්තුවේදී වාර්තා වූ රුපියල් මිලියන 2,749,504 සිට රුපියල් මිලියන 2,883,559 දක්වා ඉහළ ගොස් තිබේ.

2025 දෙවන කාර්තුවේදී කෘෂිකාර්මික කටයුතු, කාර්මික කටයුතු සහ සේවා කටයුතු සියල්ලම පිළිවෙලින් සියයට 2.0, සියයට 5.8 සහ සියයට 3.9 කින් වැඩි වීමක් වාර්තා කර ඇත.

අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් කලින් පැවති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරන බවද එම දෙපාර්තමේන්තුව කියයි.

වාහන ආනයන සීමා ඉවත් කිරීමට සාපේක්ෂව අඩු මට්ටමක පැවති පොලී අනුපාත සමඟ සම්බන්ධ වෙමින්, ‘වාහන අලුත්වැඩියාව ඇතුළත් තොග සහ සිල්ලර වෙළෙඳාම’, ‘ගබඩාකරණ කටයුතු ඇතුළත් භාණ්ඩ හා මගී ප්‍රවාහනය’, ‘මූල්‍ය සේවා කටයුතු’, ‘රක්ෂණ සේවා කටයුතු’ මෙන්ම භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු (සහනාධාර අඩුකළ) වැනි ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් හරහා ආර්ථිකය වර්ධනය කිරීමට සමත්ව ඇත.

තවදුරටත්, ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට හුරුපුරුදු ආර්ථික කටයුතු වන 'ඉදිකිරීම්' සහ 'පතල් හා කැණීම්' 2025 දෙවන කාර්තුවේ දී ද සිත්ගන්නා සුළු ප්‍රසාරණයන් වාර්තා කර තිබේ.

මෙම කාර්තුව තුළ ද ‘නිමවුම් කර්මාන්ත’ ආශ්‍රිත ක්‍රියාකාරකම් මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කර තිබේ.

(සටහන | ජේ.මුණසිංහ) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

2025 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.9 ක වර්ධනයක් | The Leader