පැවසුව ද මේ මොහොත වන විට එම ආයතනය සිංගප්පූරුවේ දී ගෙවීම් ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් කරුණු දැක්වූ විපක්ෂ නායකවරයා,
අදාළ ආයතනයට විරුද්ධව ගත යුතු ඉහළම පියවර ගත යුතු යි
''මේ ඛේදවාචකයෙන් පසු: නයිට්රිට් ඇසිඩ් කාන්දුවක්, කන්ටේනර් 81ක් තුළ භයානක ජීවිතවලට හානි කරන ප්ලාස්ටික් පෙලට්ස්, ඇසිඩ් ඇතුළු විශාල ප්‍රමාණයක් පරිසරයට නිකුත් වී විනාශයක් සිදු වුණා. කටාර් රාජ්‍යයත් ඉන්දියාවත් මෙය ප්‍රතික්ෂේප කරන විට අපේ රටට මේ නැව විවෘත කිරීම නිසා බරපතළ ඛේදවාචකයක් සිදු වුණා. අදටත් විපතට පත් ධීවරයන්ට වන්දි නැහැ. එම නිසා මේ ගැටලුවේ දී රටක් ලෙස එකට සිට ගෙන මේ ආයතනයට විරුද්ධව ගත යුතු ඉහළම පියවර ගත යුතු යි.'' යයි ද කියා සිටියේය.





