The Leader News
BREAKING
Top Ad
පුවත්

උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට

T

The Leader Desk

September 25, 2025 • 3:45 AM

උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පාසල් තුළ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ගේ මානසික මට්ටම යහපත් පරිදි පවත්වාගෙන යා හැකි මනෝ උපදේශන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වැඩටහනේ වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක් වෙමිනි.
  • එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය පෙන්වා දුන්නේ, දිවයිනේ සියලු ම පළාත් ආවරණය වන පරිදි විධිමත් සැලැස්මක් අනුව සියලු ම පාසල්වලට මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පාසල් තුළ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ගේ මානසික මට්ටම යහපත් පරිදි පවත්වාගෙන යා හැකි මනෝ උපදේශන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වැඩටහනේ වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය පෙන්වා දුන්නේ, දිවයිනේ සියලු ම පළාත් ආවරණය වන පරිදි විධිමත් සැලැස්මක් අනුව සියලු ම පාසල්වලට මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි.

පළාත් මනෝ සමාජීය සම්පත් මධ්‍යස්ථාන කළමනාකරුවන්ගේ පුරප්පාඩු සහ සම්පත් මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය පහසුකම් පිළිබඳ ව මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ධනාත්මක විනය පාලන ක්‍රම පිළිබඳ ව ද, මෙහි දී අවධානය යොමු කළ අමාත්‍යවරිය ගැටලු නිරාකරණය, මත්ද්‍රව්‍ය, අපයෝජන මෙන් ම ළමා හිංසනය ආදී ගැටලු සියල්ල ම එක ම තැනකින් විසඳීම හරහා වඩා ඵලදායීතාවක් ලබා ගත හැකි දැයි යන්න සලකා බලන ලෙස ද පැවසී ය.

 ගුරුවරුන් ගුරු උපදේශකවරුන් හා විෂය අධ්‍යක්ෂවරුන් සමග සාකච්ඡා කරමින් අන්තර් ජාතික ප්‍රමිතීන් ද සැලකිල්ලට ගෙන  ළමා ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරෙමින් පවතින බවත් එහි නියමු ව්‍යාපෘතිය යටතේ සකස් කරන ලද පන්ති කාමර තුළ දරුවන් ඉතා සතුටින් සිටින බවත්, එහි නියමු වැඩසටහන මේ වන විට පළාතකින් පාසල් 10 බැගින් ගෙන පාසල් 50ක් ආවරණය වන පරිදි සාර්ථකව සිදු වන බවත් මෙහි දී අමාත්‍යවරියගේ අවධානයට යොමු විය. 

 

education 09.25

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...