The Leader News
BREAKING
Top Ad
පුවත්

වර්ජනය සියයට සීයක් සාර්ථකයි - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

T

The Leader Desk

September 30, 2025 • 3:27 PM

 වර්ජනය සියයට සීයක් සාර්ථකයි - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග පවසයි.
  • වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසීමේදී අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා විශාල සාර්ථකත්වයක් අද දිනය තුළ දැකගත හැකි වූ බව ඔහු කියා සිටියේය.
  • වැඩ වර්ජනය සියයට සියයක් සාර්ථකයි.
  • මේ වන විට රජයත් සමඟ මාස අටක් තුළ සාකච්ඡා පහකට වඩා වැඩි ප්‍රමාණයක් පැවැත්වුවද එයින් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග පවසයි.

වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසීමේදී අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා විශාල සාර්ථකත්වයක් අද දිනය තුළ දැකගත හැකි වූ බව ඔහු කියා සිටියේය.

සංකේත වැඩ වර්ජනයට සමගාමීව දිවයින පුරා විශ්වවිද්‍යාල රැසක උද්ඝෝෂණ ව්‍යාපාර ද ක්‍රියාත්මක විය.

"අද දවසේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සියලුම දෙනා මේ වැඩ වර්ජනය සඳහා එක්ව සිටියා. වැඩ වර්ජනය සියයට සියයක් සාර්ථකයි. නමුත් ඒකෙන් අපිට කියන්න අවශ්‍ය නැහැ අපි විශ්වවිද්‍යාල පද්ධතිය අඩපණ කළා කියලා. මේ හරහා නිරූපණය වෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරයා තුළ තියෙන කලකිරීම."

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩි පඩි ඉල්ලා කරන අරගලයක් ලෙස මෙය අර්ථ නිරූපණය කිරීමට පිරිසක් උත්සාහ ගත හැකි බැවින්, විශ්වවිද්‍යාල පද්ධතියේ අභ්‍යන්තරයේ පවතින ගැටලු පිළිබඳ ඉදිරියේදී මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීමට බලාපොරොත්තු වන බව මහාචාර්යවරයා පැවසිය.

මේ වන විට රජයත් සමඟ මාස අටක් තුළ සාකච්ඡා පහකට වඩා වැඩි ප්‍රමාණයක් පැවැත්වුවද එයින් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලුවලට විසඳුම් නොලැබුණහොත්, ඉදිරි වසර පහක කාලය තුළ විශ්වවිද්‍යාල පද්ධතියේ ගුණාත්මකභාවය බරතල ලෙස පහළ බසිනු ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...