The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

තාජුඩීන්ගේ ආත්මයට මේ ආණ්ඩුව කරන්නේ ලොකු අසාධාරණයක් – නාමල්

T

The Leader Desk

October 1, 2025 • 5:00 PM

 තාජුඩීන්ගේ ආත්මයට මේ ආණ්ඩුව කරන්නේ ලොකු අසාධාරණයක් – නාමල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
  • ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද (01) මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
  • අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ, එසේ නොකළ හොත් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ තාජුඩීන්ගේ ආත්මයට ලොකු අසාධාරණයක් සිදු කිරීම බවයි.
  • වසරේ සිට හිටපු යහපාලන ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව විසින් රාජපක්ෂවරුන් ඉලක්ක කරගෙන නොයෙක් අභූත චෝදනා ගොඩනැගූ බව මන්ත්‍රීවරයා පැවසිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද (01) මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ, එසේ නොකළ හොත් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ තාජුඩීන්ගේ ආත්මයට ලොකු අසාධාරණයක් සිදු කිරීම බවයි.


රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) බොරු සාක්ෂි ගොඩනැගීම සහ දේශපාලන වාසි තකා මහජන මතය වෙනතකට යොමු කිරීමට උත්සාහ කරන්නේ යයි නාමල් රාජපක්ෂ මාධ්‍යවේදීන් හමුවේ චෝදනා කර සිටියේය.


2015 වසරේ සිට හිටපු යහපාලන ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව විසින් රාජපක්ෂවරුන් ඉලක්ක කරගෙන නොයෙක් අභූත චෝදනා ගොඩනැගූ බව මන්ත්‍රීවරයා පැවසිය.

ඔහු පෙන්වා දුන්නේ, තජුඩින්ගේ නඩුව සම්බන්ධයෙන් නාරාහේන්පිට OIC ලවා බොරු සාක්ෂි කියවීමට එදා හිටපු නිලධාරීන් කටයුතු කළ බවත්, එම නිලධාරීන්ම අද ඉහළ පුටුවල වාඩි වී සිටින බවත්ය.

මීට අමතරව, හිටපු නාවික හමුදාපතිවරයාගේ නඩුව සම්බන්ධයෙනුත් බොරු සාක්ෂි කියන්න බලපෑම් කළ බවට පොලිසියේ නිලධාරියෙක් අධිකරණයට දැනුම් දී ඇති බව නාමල් රාජපක්ෂ  ප්‍රකාශ කළේය.

CID එක නිරන්තරයෙන් බොරු සාක්ෂි හදා ආණ්ඩුව සතුටු කරවන්න උත්සාහ කරන බවටද ඔහු චෝදනා කළේය.


පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු මාධ්‍යයට දැක්වීම වෙනුවට, එම කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කළ යුතු බව පවසන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, කරුණු මාධ්‍ය හමුවේ ඉදිරිපත් කිරීමෙන් පෙනී යන්නේ මේ නඩුව සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් කතිකාවතක් ගොඩනැගීමට ඇති උමනාව බවද සඳහන් කළේය.


නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ආණ්ඩුවට සහ පොලීසියට දැඩිව කියා සිටියේ, සියලු කාරණා ගැන අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු කරන ලෙසයි.

තජුඩින් නඩුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන ආකාරයටම, යම්කිසි කෙනෙක් තමන්ගේ ස්වාමි පුරුෂයා ඉනට අත තියන් ඉන්නවා යැයි හඳුනාගත්තා නම්, ඇයගේ ස්වාමි පුරුෂයා කවුද, ඇය පසුගිය දිනවල කොහේද ජීවත් වුණේ, කා සමඟද සිටියේ, කවුරුන් ඇසුරු කළේද යන කාරණා ආණ්ඩුව සහ පොලිසිය සොයා බැලිය යුතු බවයි.

මෙම තඩුඩීන් නඩුව දේශපාලන වේදිකාවක් නිර්මාණය කරගන්න මහන්සි නොවී, යම්කිසි අසාධාරණයකට ලක්වී ඇත්නම් ඒ පිළිබඳව සාධාරණව අපක්ෂපාතීව පරීක්ෂණයක් කළ යුතු බවත් එසේ නොකළහොත් එය යම් යම් අයගේ පෞද්ගලික හේතු කාරණා ඉෂ්ට කරගැනීමට සහ ආණ්ඩුවේ දේශපාලන වාසිය හා අවස්ථාව ඉෂ්ට කරගැනීමට කරන දෙයක් බවටද ඔහු චෝදනා කළේය.

ඔහු සඳහන් කළේ, ආණ්ඩුව තමන්ව ප්‍රශ්න කරන විට, ප්‍රශ්නවලට උත්තර නැති වන විට, එම ප්‍රශ්නය යට ගහගන්න ජනතාවගේ මතය වෙන පැත්තකට හරවන්න උත්සාහ කරන බවයි.

එමෙන්ම, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෝ වෙනත් පුද්ගලයෙක් වේවා, ආණ්ඩුවේ උමනාව මත බොරු කරුණු දක්වන්න උත්සාහ කෙරුවොත්, අධිකරණ ක්‍රියාදාමයට හෝ පරීක්ෂණ කටයුතුවලට අගතියක් වන ලෙස ප්‍රකාශන නිකුත් කිරීමට ලෑස්ති වුවහොත්, ඒ පිළිබඳව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වනු ඇති බවටත් ඔහු පැවසීය.

 
සබැඳි පුවත් :

මළගිය පරාණකාරයෙක් දහතුන් වසරකට පසු තාජූඩීන් ඝාතනයේ සැකකරුවෙක් වෙයි

වසර 13කට පසු තාජුඩීන්ගේ මෝටර් රිය පසුපස ලුහුබැඳ ගිය සැකකරු ගැන හෙළිවූ අයුරු

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තාජුඩීන්ගේ ආත්මයට මේ ආණ්ඩුව කරන්නේ ලොකු අසාධාරණයක් – නාමල් | The Leader