The Leader News
BREAKING
නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●
Top Ad
පුවත්

විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටි 6.8%ක විදුලි ගාස්තු වැඩි කිරීම මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කළේ ඇයි?

T

The Leader Desk

October 14, 2025 • 6:19 PM

විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටි 6.8%ක විදුලි ගාස්තු වැඩි කිරීම මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කළේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලාපොරොත්තු නොවන බවට මහජන උපයෝගීතා කොමිසම අද (ඔක්තෝම්බර් 14 වැනිදා) පැවති විදුලි ගාස්තු නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවේදී නිවේදනය කරන ලදී.
  • ඒ අනුව වසරේ ඉදිරි මාස 3ක කාලය සඳහා පවතින විදුලි ගාස්තු නොවෙනස්ව පවත්වාගෙන යන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.
  • මෙම වසරේ ජනවාරි 17 වන දින සිට 20%කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු කළේ ය.
  • ඉන්පසු ජූනි 11 වන දින 15%ක ගාස්තු වැඩි වීමක් නිවේදනය කළ අතර, එය ජූනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා වලංගු බවට නිවේදනයේ සඳහන්ව තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

බලාපොරොත්තු නොවන බවට මහජන උපයෝගීතා කොමිසම අද (ඔක්තෝම්බර් 14 වැනිදා) පැවති විදුලි ගාස්තු නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවේදී නිවේදනය කරන ලදී.

ඒ අනුව වසරේ ඉදිරි මාස 3ක කාලය සඳහා පවතින විදුලි ගාස්තු නොවෙනස්ව පවත්වාගෙන යන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ. පී. එල්. චන්ද්‍රලාල් පැවසුවේ ය.

මෙම වසරේ ජනවාරි 17 වන දින සිට 20%කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු කළේ ය.

ඉන්පසු ජූනි 11 වන දින 15%ක ගාස්තු වැඩි වීමක් නිවේදනය කළ අතර, එය ජූනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා වලංගු බවට නිවේදනයේ සඳහන්ව තිබිණි.

එලෙස තිබියදී නැවත වතාවක් මෙලෙස විදුලි ගාස්තු සංශෝධනයක් කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලා තිබුණේ විදුලි ගාස්තු ඉහළ දමා මාස 4ක පමණ කාලයක් ගත වන විට ය.


සාමාන්‍යයෙන් විදුලි ගාස්තු සංශෝධනය සිදුවන්නේ මාස හයකට වරකි. මාස හයකට වරක් විදුලි ගාස්තු සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු කර මහජන උපයෝගීතා කොමිසම විසින් මහජන උපදේශන වැඩසටහන් සිදු කරනු ලබයි. ඉන්පසුව සියලු පාර්ශවයන්ගේ අදහස් සලකා බලා අවසන් විදුලි ගාස්තුව තීරණය කර නිවේදනය කිරීම සිදු කරන්නේ මහජන උපයෝගීතා කොමිසම විසින් ය.

 

විදුලි බිල වෙනස් නොකළේ ඇයි?

ලංකා විදුලි බල මණ්ඩලය විසින් අගෝස්තු 24 වෙනිදා 6.8%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් සඳහා වන යෝජනාවක් අනුමැතිය ලබා ගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර තිබේ.

ඉන්පසුව ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා වන වැඩසටහන් සැප්තැම්බර් 08 වන දින ආරම්භ කිරීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු කළේ ය.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ. පී. එල්. චන්ද්‍රලාල් විදුලි ගාස්තු සංශෝධනය නොවන බවට පවසමින් ප්‍රකාශ කළේ මෙම තීරණය සමස්ත ආර්ථිකය හා බැඳුණු තීරණයක් බවට ය.

"විදුලි බල මණ්ඩලය 6.8%ක ගාස්තු ඉහළ නැංවීමක් ඉල්ලා සිටිනු ලැබුවා. විදුලි ගාස්තු සම්බන්ධ තීරණය ඉතාමත් සංකීර්ණ ඉතාමත් වැදගත් තීරණයක්. ඒක එක ආයතනයක ලාභ සහ පාඩු තීරණය කරන තීරණයකට වඩා සමස්ත ආර්ථිකය හා බැඳුනු තීරණයක්," ඔහු පැවසුවේ ය.

"අපනයන කර්මාන්තයේ තරගකාරීත්වයට මොකද වෙන්නේ, සුළු හා මධ්‍යම පරිමාන කර්මාන්තවල පැවැත්මට මොකද වෙන්නේ, මහජනතාවගේ ජීවන තත්ත්වය මේ සියල්ල හා බැඳුණු තීරණයක් තමයි විදුලි ගාස්තු සම්බන්ධ තීරණය."

මහාචාර්යවරයා පැවසුවේ එය මහජන උපයෝගීතා කොමිසමේ ඒකමතික තීරණයක් බව ය.

"ඒ අනුව විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලා සිට තිබුණු 6.8% විදුලි ගාස්තුව වැඩි නොකිරීමට අපි ඒකමතික ව තීරණයක් ගනු ලැබුවා."


ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් වන ආකාරයට "2025 අවසන් කාර්තුව සදහා ලංවිම විසින් ඉදිරිපත් කළ විදුලි ජනනය හා බෙදාහැරීමට අදාළ වියදම් වලින් අකාර්යක්ෂම වියදම් කපා හැරීමට කොමිෂන් සභාව තිරණය කර" තිබේ.

 
ඉන් අනතුරුව ඇතිවන හිඟය පියවීම සදහා 2024 අවසන් කාර්තුවේදී හා 2025 මුල් කාර්තු 2ක තුළදී ලංවිම ලැබු අතිරික්තයෙන් රු. මිලියන 8,487ක් ගැලපීම සදහා කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි සඳහන් ය.

2025 මුල් කාර්තුවේදී ලංවිම රු. මිලියන 22,875ක ලාභයක් ලබා ඇති අතර ඉදිරියේදී විදුලි ගාස්තු ස්ථාවරව තබාගැනීම සදහා එම අතිරික්තයෙන් 1/3ක් පමණක්(රු මි. 8,487) 2025 අවසන් කාර්තුව සදහා ගැලපීමටද, ඉතිරි 2/3ක ආදායම් අතිරික්තය (රු.මි. 16,975) 2026 මුල් කාර්තුව සදහා වන විදුලි ගාස්තු සංශෝධනයේදී ගැලපීමටත් කොමිෂන් සභාව මෙහිදී තීරණය කර තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ විදුලි බලයට කොන්දේසි
මෙම ගාස්තු සංශෝධනය සමග ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංවිම සහ LECO සමාගමට කොන්දේසි 7ක් පනවා තිබේ.
 
පිරිවැය ගිණුම් සැකසීම, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් වලට එළඹීම, 2024දී ලංවිම ලැබූ රු. මිලියන 60,461 අතිරික්තය සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කර වාර්තා කිරීම, 2026 මුල් කාර්තුව සදහා වන විදුලි ගාස්තු සංශෝධන යෝජනාවේදී රු. මිලියන 16,975ක ලාභය ගැලපීම එම කොන්දේසිවලට ඇතුළත් බව මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

විදුලි ජනනය සදහා තරගකාරී මිල ගණන් යටතේ ඉන්ධන මිලදී ගැනීමට ලංවිම ක්‍රියාකල යුතු බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මීට පෙර ලංවිමට කොන්දේසි පැනවීය.
 
ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවරක් වශයෙන් බලාත්මක කිරීමේ නියෝගයක් ක්‍රියාවට නැගීම සදහා ද කොමිෂන් සභාව පියවර ගන්නා බව නිවේදනයේ සඳහන් කර තිබේ.
 
ගාස්තු පිළිබද තීරණය ගැනීමේදී විදුලිබල පනතේ ප්‍රතිපාදන සහ ඒ යටතේ අනුමත කර ඇති මිල සුත්‍රයට අනුකූලව කොමිෂන් සභාව ක්‍රියාකරන අතර මහජන උපදේශනයේදී ඉදිරිපත් වු සියලු සාධනීය යෝජනා සැලකිල්ලට ගන්නා ලද බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියි.

| බීබීසී සිංහල
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටි 6.8%ක විදුලි ගාස්තු වැඩි කිරීම මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කළේ ඇයි? | The Leader