The Leader News
BREAKING
Top Ad
පුවත්

2024 දී රුපියල් බිලියන 3.8ක් ලාභ ලැබූ SriLankan 2025 දී බිලියන 7.6ක පාඩු ලැබුවේ ඇයි? | BBC වාර්තාවක්

T

The Leader Desk

October 23, 2025 • 4:11 AM

2024 දී රුපියල් බිලියන 3.8ක් ලාභ ලැබූ SriLankan 2025 දී බිලියන 7.6ක පාඩු ලැබුවේ ඇයි? | BBC වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • SriLankan ගුවන් සමාගම 2023/24 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 3.8ක ලාභයක් වාර්තා කර තිබියදී 2024/25 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 7.6ක අලාභයක් වාර්තා කර තිබේ.
  • එහි සඳහන් වන ආකාරයට SriLankan ගුවන් සමාගම 2024 අප්‍රේල් 01 වන දා සිට 2025 මාර්තු 31 දක්වා වන මූල්‍ය වර්ෂය තුළ රු.
  • බිලියන 7.59ක පාඩුවක් ලබා තිබේ.
  • එමෙන් ම එම වාර්තාවට අනුව සමාගම 2023 අප්‍රේල් 01 සිට 2024 මාර්තු 31 දක්වා කාලය තුළ රු.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වන විට SriLankan ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති 2025 මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් වේ.

එහි සඳහන් වන ආකාරයට SriLankan ගුවන් සමාගම 2024 අප්‍රේල් 01 වන දා සිට 2025 මාර්තු 31 දක්වා වන මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 7.59ක පාඩුවක් ලබා තිබේ.

එමෙන් ම එම වාර්තාවට අනුව සමාගම 2023 අප්‍රේල් 01 සිට 2024 මාර්තු 31 දක්වා කාලය තුළ රු. බිලියන 3.87ක ලාභයක් වාර්තා කර ඇතැයි පෙනී යයි.

තව ද, SriLankan සමූහය ද 2025 මූල්‍ය වර්ෂයේ රු. බිලියන 2.7ක අලාභයක් වාර්තා කර තිබේ. ඒ 2024 මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 7.9ක ලාභයක් වාර්තා කර තිබූ පසුබිමක ය.

ශ්‍රම බළකාය සහ කොටස් හිමිකාරීත්වය

2024/25 මූල්‍ය වර්ෂය සඳහා SriLankan ගුවන් සමාගමේ මුළු සේවකයින් සංඛ්‍යාව 6,071ක් වූ අතර, එයින් 67%ක් පුරුෂයින් හා ඉතිරි 33% කාන්තාවෝ වෙති.

එහි සේවය කරන සේවකයන් සංඛ්‍යාව පහත පරිදි ය.

* කළමනාකරුවන් - 291

* ගුවන් නියමුවන් - 272

* කැබින් කාර්යමණ්ඩලය - 940

* ගුවන් යානා ඉංජිනේරු සහ තාක්ෂණ ශිල්පීන් - 615

* පුහුණු, අභ්‍යාසලාභී සහ විධායක නිලධාරීන් - 3,953

සේවක පිරිවැය සඳහා 2024/25 මූල්‍ය වර්ෂය සඳහා රු. මිලියන 32,799ක් වැය කර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව රු. මිලියන 538ක වැඩි වීමකි.

මීට අමතරව, කාර්ය මණ්ඩල වියදම් ලෙස දක්වා තිබෙන වියදම් සඳහා රු. මිලියන 9,469ක් වැය කර ඇති අතර එම වියදම් පසුගිය වසරට සාපේක්ෂව අඩු වී තිබේ.

2025 මාර්තු 31 වන දිනට SriLankan Airlines Limited සමාගමේ කොටස් හිමිකරීත්වයෙන් 99.77%ක් රජය සතු අතර, 0.09%ක් සේවක අර්ථ සාධක අරමුදල සතු ය.

වෙනත් පාර්ශවයන් සතුව ඇති කොටස්වල ප්‍රතිශතය 0.14%කි.

වියදම් අඩු වී තිබියදී අදායම් අඩු වී ඇත්තේ ඇයි?

SriLankan සමූහයේ වියදම් පෙර වර්ෂයට සාපේක්ෂව අඩු වී ඇති බවක් නිරීක්ෂණය කළ හැකි ය.

2023/24 වසර සඳහා රු. මිලියන 339,591.65ක ආදායමක් උපයා ඇති අතර, 2024/25 වසරේ උපයා ඇත්තේ රු. මිලියන 303,093.89කි.

වසර දෙකේ ආදායමේ පරතරය රු. මිලියන 36,498කි.

2024 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගිය නමුත්, SriLankan ගුවන් සේවය සේවය සපයා ඇත්තේ, ගුවන් මගීන් මිලියන 3.5ක් සඳහා පමණක් වන බවට වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. එය පෙර වසරට සාපේක්ෂව 4%ක හැකිලීමක් ලෙස එහි දක්වා තිබේ.

ඒ අනුව 2024/25 මූල්‍ය වර්ෂය සඳහා මගී ආදායම රු. බිලියන 234.5ක්ව ඇති අතර එය පෙර මූල්‍ය වර්ෂයේ රු. බිලියන 276.2කි.

එය පෙර වසරට සාපේක්ෂව 15%ක සංකෝචනයකි.

සේවයේ යෙදවිය හැකි ගුවන් යානා සංඛ්‍යාව සීමිත වීම, නඩත්තු කටයුතුවලින් ගුවන් යානා මුදා හැරීමේ ප්‍රමාදයන් සහ වසර පුරා ගුවන් සමාගම අත්විඳින ලද ඉංජිනේරු කටයුතු ආශ්‍රිත බාධා හේතුවෙන් ගෝලීය අදායම් අඩු වීම සහ ධාරිතාව අඩු වීම මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වාර්තාවේ සඳහන් වේ.

ගුවන් සේවා මට්ටමින් වාර්ෂිකව ලබා ගත හැකි ආසන කිලෝමීටර් සංඛ්‍යාව (ASK) 5%කින් හැකිලී තිබේ.

Screenshot 2025 10 23 093701

අඛණ්ඩ පැවැත්මක අවිනිශ්චිතතාව

2025 මාර්තු 31 දායින් අවසන් වූ වර්ෂය තුළ SriLankan සමූහය රු. මිලියන 2,735ක ශුද්ධ අලාභයක් ලබා ඇති බව 2025 අගෝස්තු 12 වන දිනැති ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විගණකාධිපති වාර්තාවේ දැක්වේ.

විගණකාධිපති වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ, සමාගමේ හා සමූහයේ ජංගම වගකීම් ප්‍රමාණය ජංගම වත්කම් ප්‍රමාණයට වඩා වැඩි බව ය.

SriLankan ගුවන් සමාගම රු. මිලියන 7,594ක අලාභයක් ලබා ඇති බව ද විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව පෙන්වා දී ඇති කරුණු අනුව, "සමූහයට/ සමාගමට අඛණ්ඩ පැවැත්මක් පවත්වාගැනීමට ඇති හැකියාව පිළිබඳව සැලකියයුතු සැකයක් ඇති කළ හැකි අවිනිශ්චිතතාවක් පවතින බව," වාර්තාවේ සඳහන් වේ.


| බීබීසී සිංහල

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...