The Leader News
BREAKING
Top Ad
පුවත්

මුස්ලිම් හෙදියන්ට තම ආගමික අනන්‍යතාව රකිමින් නිල ඇඳුම් ඇඳීමට අනුමැතිය දීමට මුරුත්තෙට්ටුවේ හිමිගේ විරෝධය

T

The Leader Desk

October 26, 2025 • 7:35 AM

මුස්ලිම් හෙදියන්ට තම ආගමික අනන්‍යතාව රකිමින් නිල ඇඳුම් ඇඳීමට අනුමැතිය දීමට මුරුත්තෙට්ටුවේ හිමිගේ විරෝධය  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අනුදමින් හෙද සාත්තුවද වෙනස් කළ යුතු බවට කවුරුන් හෝ යෝජනා කළහොත් එයද කළ යුතුව වනු ඇති බව ආනන්ද හිමියෝ සිය ලිපියේ සඳහන් කර තිබේ.
  • කිසියම් කෙනෙකුගේ ඉල්ලිම මත හෙද නිල ඇදුම වෙනස් කිරීමට පෙර හෙද සංගමය සමඟ සාකච්ඡා කර නිගමනයන්ට එළඹෙන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සිය ලිපියේ සඳහන් කර ඇත.
  • මුස්ලිම් සිවිල් සංවිධාන නායකයන් සහ රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් 23 වන දා අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
  • රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් හෙදියන් තම හිස, කකුල් වෙසෙන පරිදි මුස්ලිම් ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් නිල ඇඳුම් ඇඳීම පිළිබඳව දීර්ඝ කාලීනව ගැටලුවට මුහුණ පා ඇතැයි සිවිල් සංවිධාන නියෝජිතයින් මෙම සාකච්ඡාවේ දී පෙන්වා දුන්හ.
අකුරු ප්‍රමාණය (Font Size):


නිසි ප්‍රමිතියකින් යුතුව ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව නිර්මාණය කරන ලද හෙද නිල ඇඳුම කිසියම් ආගමක් හෝ සංස්කෘතියක් අදහන අය වෙනුවෙන් වෙනස් කල යුතු බව රජයේ වගකිවයුතු ඇමතිවරයෙක් ප්‍රකාශක කර තිබන බවට වාර්තා පළ වි ඇතැයි සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අත්සනින් යුතුව ඇමතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් කර තිබේ.

මේ අනුදමින් හෙද සාත්තුවද වෙනස් කළ යුතු බවට කවුරුන් හෝ යෝජනා කළහොත් එයද කළ යුතුව වනු ඇති බව ආනන්ද හිමියෝ සිය ලිපියේ සඳහන් කර තිබේ.

කිසියම් කෙනෙකුගේ ඉල්ලිම මත හෙද නිල ඇදුම වෙනස් කිරීමට පෙර හෙද සංගමය සමඟ සාකච්ඡා කර නිගමනයන්ට එළඹෙන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සිය ලිපියේ සඳහන් කර ඇත.

කෙසේ වෙතත් සමස්ත ලංකා ජමෙයිතුල් උලමා ඇතුළු මුස්ලිම් සිවිල් සමාජ 15ක් සමග විදේශ කටයුතු ඇමති විජිත හේරත් පසුගිය 23 දා පැවැත්වූ සාකච්ඡාවක දී විදේශ කටයුතු ඇමතිවරයා පෙන්වා දුන්නේ හෙද වෘත්තියේ දී මුස්ලිම් සංස්කෘතිය අනුව හිස් වැසීම හෝ පාදය වැසෙන ඇඳුමකින් සැරසීමේ නෛතික බාධාවක් නොමැති බවය.

එම අදහසට විරෝධය පා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය ඇමතිවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ

public servicej
ඇමති විජිත හේරත් කිව්වේ මොනව ද ?

WhatsApp Image 2025 10 26 at 10.09.30 AM
මුස්ලිම් සිවිල් සංවිධාන නායකයන් සහ රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් 23 වන දා අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මුස්ලිම් ප්‍රජාව මුහුණ පාන ගැටලු තවදුරටත් අධ්‍යයනය කර විසඳා ගැනීමේ අරමුණින් පැවැත්වෙන සාකච්ඡා මාලාවේ පියවරක් ලෙස පැවැති එම සාකච්ඡාවට රජය නියෝජනය කරමින් නියෝජ්‍ය කතානයක රිස්වි සාලි, අමාත්‍ය සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉලියාස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆස්මින් ෂෙරීෆ් ද සහභාගී වී සිටියහ.

 

රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් හෙදියන් තම හිස, කකුල් වෙසෙන පරිදි මුස්ලිම් ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් නිල ඇඳුම් ඇඳීම පිළිබඳව දීර්ඝ කාලීනව ගැටලුවට මුහුණ පා ඇතැයි සිවිල් සංවිධාන නියෝජිතයින් මෙම සාකච්ඡාවේ දී පෙන්වා දුන්හ. මේ හේතුවෙන් මුස්ලිම් කාන්තාවන් සෞඛ්‍ය සේවයට පිවිසීම අවම වී ඇති බවත් සැලකිය යුතු පිරිසක් හෙද වෘත්තිය අතහැර දැමීමට හෝ හෙද අධ්‍යාපනය අවසන් කළ ද හෙද වෘත්තියට පිවිසීමට මැලිකමක් දැක්වීමට පෙළඹී ඇතැයි ද ඔවුහු පෙන්වා දුන්හ.

 

සිවිල් සංවිධාන නියෝජිතයින් පෙන්වා දුන් ගැටලුව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ හෙදියන්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් දැනට පවතින නීති රාමුව තුළ තම ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් නිල ඇඳුම් ඇඳීමට බාධාවක් නැති බවයි. එබැවින් හෙද වෘත්තියට පිවිසීමට තම ආගම හෝ සංස්කෘතිය බාධාවක් කර නොගන්නා ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා මුස්ලිම් සිවිල් සංවිධාන නායකයන් නියෝජනය කරමින් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ඇතුළු සංවිධාන 15ක නියෝජිතයන් 30ක් පමණ එක්ව සිටියහ.

........

 Muslim 22

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මුස්ලිම් හෙදියන්ට තම ආගමික අනන්‍යතාව රකිමින් නිල ඇඳුම් ඇඳීමට අනුමැතිය දීමට මුරුත්තෙට්ටුවේ හිමිගේ විරෝධය | The Leader