The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට

T

The Leader Desk

October 29, 2025 • 5:16 AM

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සැඟවා රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දී ඇත්තේත්, ව්‍යාජ නීතිඥ හැදුනුම්පත සෑකසීමට උදව් කර ඇත්තෙත් මෙම නීතීඥවරිය බව සඳහන්ය.
  • මෙම නීතීඥවරිය ඊයේ (28) රාත්‍රී කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
  • පසුගිය පෙබරවාරි 19 වන දින නඩු කටයුත්තක් සදහා අලුත්කඩේ අධිකරණය වෙත බන්ධනාගාර නිළධාරීන් විසින් රැගෙන ආ ගනේමුල්ල සංජීව එම අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩි තබා ඝාතනය කෙරුණි.
  • සිද්ධියේ වෙඩික්කරු එදිනම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුව ද ගිනි අවිය අධිකරණ භූමිය තුළට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දැරුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සැඟවා රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දී ඇත්තේත්, ව්‍යාජ නීතිඥ හැදුනුම්පත සෑකසීමට උදව් කර ඇත්තෙත් මෙම නීතීඥවරිය බව සඳහන්ය.

මෙම නීතීඥවරිය ඊයේ  (28) රාත්‍රී කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය පෙබරවාරි 19 වන දින නඩු කටයුත්තක් සදහා අලුත්කඩේ අධිකරණය වෙත බන්ධනාගාර නිළධාරීන් විසින් රැගෙන ආ ගනේමුල්ල සංජීව එම අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩි තබා ඝාතනය කෙරුණි.

සිද්ධියේ වෙඩික්කරු එදිනම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුව ද ගිනි අවිය අධිකරණ භූමිය තුළට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දැරුවේය.

ඇය පසුගිය 14වනදා නේපාලයේ රැදී සිටියදී අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දිට පලා යාම සඳහා ආධාර අනුබල දුන් කිහිපදෙනෙක් ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...