leader s

පොලිස්පතිවරයාට, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ රජයට අසත්‍ය පුවත් නිර්මාණය කොට ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.


එක්තරා පුද්ගලයෙකු විසින් සාවද්‍ය තොරතුරු ලබා දීමට අදාළ හඬ පටයක් පොලිස්පතිවරයා වෙත ලැබීමෙන් පසු මේ පිළිබඳ විමර්ශන සිදු කරන ලෙස පොලිස්පතිවරයා රහස් පොලිසියට දැනුම් දී තිබේ.

රහස් පොලිස් ආරංචි මාර්ග අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පුද්ගලයාගෙන් ප්‍රකාශ ද සටහන් කර ඇති බව සඳහන් ය.

එමෙන් ම, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම ද දැනුවත් කර තිබේ.

පොලිසියේ අතිශය රහසිගත ලිපිගොනුවල තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත ලබා දීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුවේ.

යූටියුබ් සමාජ නාළිකාවල පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වාර්තා කළ පුවත් කිහිපයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතැයි වාර්තා වේ.

| Mawbima

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්