leader s

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව ජාතික පොලිස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පියවර ගෙන තිබේ.


මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා, යූ ටියුබ් නාලිකාවක හිමිකරුවෙකු හා සම්බන්ධ වී, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ට, පොලිස්පතිවරයාට මෙන්ම වත්මන් රජයටද අපකීර්තියක් වන පරිදි ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් වේ.

සමාජ ක්‍රියාකාරිකයකු විසින් පොලිස්පතිවරයා වෙත කරන ලදැයි කියන පැමිණිල්ලක් පදනම් කරගෙන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව පවතින චෝදනාව සම්බන්ධයෙන් ඉදිරියේදී රහස් පොලිසිය විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වේ.

 

පොලිස්පතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා රහස් පොලිසියට භාර දී ඇති අතර, ජාතික පොලිස් කොමිෂන් සභාවට ද පැමිණිලි කර ඇත. පොලිස් කොමිෂන් සභාව ද මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

 

මෙම සිද්ධියට මූලික වී ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන පුද්ගලයකු විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ට, පොලිස්පතිවරයාට මෙන්ම වත්මන් රජයට අපහාස වන ආකාරයේ ප්‍රචාර සිදු කිරීමයි.

මීට දින කිහිපයකට පෙර පොලිස්පතිවරයා වෙත මෙම යු ටියුබ් හිමිකරුට එරෙහිව පැමිණිලි කර ඇති අතර, ඊට අදාළ හඬපට ද ඔහු විසින් ලබා දී ඇත.

මේ වන විටත්, යු ටියුබ් නාලිකාවේ හිමිකරුගෙන් විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් පැය අටකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

සබැඳි පුවත් :

පොලිස්පති ඇතුළු ලොක්කන් ගැන සමාජ මාධ්‍ය වීඩියෝ CIDයේ විමර්ශනයට

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්