The Leader News
BREAKING
Top Ad
පුවත්

ලංකාවට නොමිලේ සූර්ය ගම්මාන ගේන බ්‍රිතාන්‍ය සමාගම වසරක් සපුරයි - මේ ඉරිදා ඔක්ස්ෆර්ඩ් නුවර විශේෂ පා ගමනක්

T

The Leader Desk

October 31, 2025 • 4:10 PM

ලංකාවට නොමිලේ සූර්ය ගම්මාන ගේන බ්‍රිතාන්‍ය සමාගම වසරක් සපුරයි - මේ ඉරිදා ඔක්ස්ෆර්ඩ් නුවර විශේෂ පා ගමනක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගිය වසරේ නොවැම්බර් මාසයේ බ්‍රිතාන්‍යයේ ආරම්භ කරන ලද Solar Village SDG සංවිධානය සිය වර්ෂ පූර්ණය වෙනුවෙන් ලබන ඉරිදා (නොවැම්බර් 02) ඔක්ස්ෆර්ඩ් නගරයේ විශේෂ පාගමනක් සංවිධානය කර තිබේ.
  • ඉන් අනතුරුව ගෙවී ගිය වසර කිහිපය තුළ තවත් සූර්ය ගම්මාන හතරක් නිර්මාණය කළ ඔහු, Solar Village SDG සංවිධානය සමග එක්ව සිය ව්‍යායාමය කඩිනම් කරමින් වසරක් ඇතුළත එය සූර්ය ගම්මාන 10ක් ඉදිකිරීම දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කරමින් සිටී.
  • ඔක්ස්ෆර්ඩ් නුවර පාගමන වෙනුවෙන් අරමුදල රැස් කිරීම දැනටමත් ආරම්භ කොට ඇති අතර, enthuse අඩවියේ අපේ පේජයට ගොස් ඒ සඳහා දායක වන මෙන් සංවිධායක මණ්ඩලය ඔබ සැමට ආරාධනා කරති.
  • Your generous donations are greatly appreciated ඔක්ස්ෆර්ඩ් නුවර වෙසෙන සංක්‍රමණික කටයුතු පිළිබඳ ශ්‍රී ලාංකික නීතිවේදිනියක වන නිල්මිණි රෝලන්ස් එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන අතර, සරෝජ් පතිරණ මාධ්‍ය කටයුතු සම්බන්ධ අධ්‍යක්ෂවරයාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගිය වසරේ නොවැම්බර් මාසයේ බ්‍රිතාන්‍යයේ ආරම්භ කරන ලද Solar Village SDG සංවිධානය සිය වර්ෂ පූර්ණය වෙනුවෙන් ලබන ඉරිදා (නොවැම්බර් 02) ඔක්ස්ෆර්ඩ් නගරයේ විශේෂ පාගමනක් සංවිධානය කර තිබේ.

දශක හතරකට අධික කාලයක් සූර්ය බලශක්තිය පිළිබඳ පවත්වා හසල අත්දැකීම් සහිත, ජාත්‍යන්තර අවධානය දිනාගත්  පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ විද්‍යාඥයෙකු වන මහාචාර්ය අයි එම් ධර්මදාස (Prof IM Dharmadasa) සභාපතිත්වය දරන එම සංවිධානය මෙම පා ගමන පවත්වන්නේ දිළිඳුකම තුරන් කොට, ශ්‍රී ලංකාවාසීන්ට දෙපයින් නැගී සිටීම සඳහා මූලික පදනමක් සකස් කරදීමේ ව්‍යාපාරය වෙනුවෙන් අරමුදල් රැස් කිරීම පිණිසය.

දිළිඳු ජනතාවට දිගින් දිගටම සහනාධාර ලබාදෙනු වෙනුවට සූර්ය ගම්මාන ව්‍යාපෘතිය මාර්ගයෙන් ගමට ලැබෙන ආදායමෙන් සිය ගම දියුණු කරගැනීම සඳහා ගම්වාසීන්ට දිරි දීම සූර්ය ගම්මාන ව්‍යාපෘතියේ විශේෂත්වයයි.

මහාචාර්ය ධර්මදාස මීට දශකයකට පමණ ඉහතදී දානපතියන්ගේ ආධාරයෙන් සිය මුල්ම සූර්ය ගම්මානය ඉදි කර තිබෙන්නේ ඔහු මුලින්ම අධ්‍යාපනය ලැබූ ප්‍රාථමික විද්‍යාලය වසා දැමීමෙන් බේරා ගැනීම සඳහාය. ඉන් අනතුරුව ගෙවී ගිය වසර කිහිපය තුළ තවත් සූර්ය ගම්මාන හතරක් නිර්මාණය කළ ඔහු, Solar Village SDG සංවිධානය සමග එක්ව සිය ව්‍යායාමය කඩිනම් කරමින් වසරක් ඇතුළත එය  සූර්ය ගම්මාන 10ක් ඉදිකිරීම දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කරමින් සිටී.

ඔක්ස්ෆර්ඩ් නුවර පාගමන වෙනුවෙන් අරමුදල රැස් කිරීම දැනටමත් ආරම්භ කොට ඇති අතර, enthuse අඩවියේ අපේ පේජයට ගොස් ඒ සඳහා දායක වන මෙන් සංවිධායක මණ්ඩලය ඔබ සැමට ආරාධනා කරති.

Your generous donations are greatly appreciated 

ඔක්ස්ෆර්ඩ් නුවර වෙසෙන සංක්‍රමණික කටයුතු පිළිබඳ ශ්‍රී ලාංකික නීතිවේදිනියක වන නිල්මිණි රෝලන්ස් එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන අතර, සරෝජ් පතිරණ මාධ්‍ය කටයුතු සම්බන්ධ අධ්‍යක්ෂවරයාය.

 බ්‍රිතාන්‍යයේ සහ වෙනත් රටවල වෙසෙන ශිෂ්‍ය, ශිෂ්‍යාවන්, කලාකරුවන් ව්‍යාපාරික කාන්තාවන් ඇතුළු තවත් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ස්වේච්ඡා පදනම මත Solar Village SDG සංවිධානයට එක්ව සිටිති.

(මහාචාර්ය ධර්මදාස සමග සූර්ය ගම්මාන කිහිපයක කළ සංචාරයක් ඇතුළු Solar Village ව්‍යාපෘති පිළිබඳ Sandeshaya by Saroj යූටියුබ් නාලිකාව කළ වැඩසටහන් කිහිපයක් පහත දැක්වේ)

(උපුටා ගැනීම - Saroj Pathirana ගේ ෆේස්බුක් පිටුවෙන්...) 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංකාවට නොමිලේ සූර්ය ගම්මාන ගේන බ්‍රිතාන්‍ය සමාගම වසරක් සපුරයි - මේ ඉරිදා ඔක්ස්ෆර්ඩ් නුවර විශේෂ පා ගමනක් | The Leader