The Leader News
BREAKING
අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●සාන්තුවරයින්ගේ සිවුකොන් ක්‍රීඩා සැණකෙළිය 17 දා ඇරඹේ●නව ත්‍රස්තවිරෝධී පනත මර්දනයට අලුත් පාරක්ද? | Athulasiri Samarakoon●මැතිවරණ ප්‍රධානියාට එරෙහි විරෝධතා මැඩලන්න දිල්ලිය අගුලු ලයි●මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය●අළු යට ගිනි පුපුරු: පනහ පැන්න ආදරයට අලුත් හුස්මක්●
Top Ad
පුවත්

සජිත් නවදිල්ලියේ දී ඉන්දීය කර්මාන්ත සම්මේලනය සමග විශේෂ සාකච්ඡාවක

T

The Leader Desk

November 4, 2025 • 4:58 AM

සජිත් නවදිල්ලියේ දී ඉන්දීය කර්මාන්ත සම්මේලනය සමග විශේෂ සාකච්ඡාවක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේම පුනර්ජනනීය බලශක්තිය, කෘෂි සැකසුම්, සැපයුම්, සංචාරක සහ අර්ධ සන්නායක වැනි ප්‍රමුඛතා අංශ හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා-CII ව්‍යාපාරික සංසදයක් පිහිටුවීමට ද විපක්ෂ නායකවරයා යෝජනා කර ඇත.
  • තවද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමට ඉන්දියානු ව්‍යාපා⁣රිකයන්ට ආරාධනා කර ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා ඇත්තේ, විදේශ සෘජු ආයෝජනවලට බාධා කරන ඕනෑම බාධාවන් ඉවත් කිරීමට සහ බහු-පාර්ශ්වික ව්‍යවස්ථාදායක සහාය හරහා පූර්ණ පහසුකම් සැපයීමට කටයුතු කරන බවයි.
  • අනුපූරක නිෂ්පාදන සහ සැකසුම් මධ්‍යස්ථානයක් වීමට ශ්‍රී ලංකාවේ ඇති කැමැත්ත ගෙන හැර දක්වමින් ඉන්දියාවේ අර්ධ සන්නායක මෙහෙයුම් යටතේ සහයෝගීතාවයක් ද හෙතෙම යෝජනා කර තිබේ.
  • සියලු දෙනා ඇතුළත් කර ගත් සහ තාක්ෂණය මෙහෙයවන වර්ධනයේ වැදගත්කම අවධාරණය කරමින්, සංවර්ධනය ජනතාව කේන්ද්‍ර කරගත් සහ ජනතාව මෙහෙයවන මට්ටමක පැවතිය යුතු බවත්, ප්‍රගතියේ ප්‍රතිලාභ සමාජයේ සියලු කොටස් වෙත ළඟා වන බව සහතික කළ යුතු බවත් ඔහු පෙන්වා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවාහයන් ඉහළ නැංවීම සඳහා ඉන්දියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසම යටතේ වෙළෙඳ පහසුකම් සැපයීමේ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී යෝජනා කර ඇති අතර, ඉන්දියානු කර්මාන්ත සඳහා කැප වූ ඉන්දියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ කාර්මික හා තාක්ෂණ වෙළෙඳ කලාපයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට ද ඔහු යෝජනා කර තිබේ.

එසේම පුනර්ජනනීය බලශක්තිය, කෘෂි සැකසුම්, සැපයුම්, සංචාරක සහ අර්ධ සන්නායක වැනි ප්‍රමුඛතා අංශ හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා-CII ව්‍යාපාරික සංසදයක් පිහිටුවීමට ද විපක්ෂ නායකවරයා යෝජනා කර ඇත.

 

තවද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමට ඉන්දියානු ව්‍යාපා⁣රිකයන්ට ආරාධනා කර ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා ඇත්තේ,  විදේශ සෘජු ආයෝජනවලට බාධා කරන ඕනෑම බාධාවන් ඉවත් කිරීමට සහ බහු-පාර්ශ්වික ව්‍යවස්ථාදායක සහාය හරහා පූර්ණ පහසුකම් සැපයීමට කටයුතු කරන බවයි.

 

අනුපූරක නිෂ්පාදන සහ සැකසුම් මධ්‍යස්ථානයක් වීමට ශ්‍රී ලංකාවේ ඇති කැමැත්ත ගෙන හැර දක්වමින් ඉන්දියාවේ අර්ධ සන්නායක මෙහෙයුම් යටතේ සහයෝගීතාවයක් ද හෙතෙම යෝජනා කර තිබේ.

සියලු දෙනා ඇතුළත් කර ගත් සහ තාක්ෂණය මෙහෙයවන වර්ධනයේ වැදගත්කම අවධාරණය කරමින්, සංවර්ධනය ජනතාව කේන්ද්‍ර කරගත් සහ ජනතාව මෙහෙයවන මට්ටමක පැවතිය යුතු බවත්, ප්‍රගතියේ ප්‍රතිලාභ සමාජයේ සියලු කොටස් වෙත ළඟා වන බව සහතික කළ යුතු බවත් ඔහු පෙන්වා දී ඇත.

එමෙන්ම නිෂ්පාදනය සහ තාක්ෂණය සම්බන්ධයෙන් ඉන්දියාවේ නැගීම ශ්‍රී ලංකාවට අභියෝගයක් නොවන නිසා ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කිරීමට ආරාධනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා තිබේ.

ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සමග පැවති මෙම සාකච්ජාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිනී කොලොන්නේ  ද සහභාගී වී සිටියාය.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් සංවිධානය කර තිබු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ගේ ඉන්දියානු නිල සංචාරයට ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ප්‍රකට ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකා ද එක්ව සිටියි.

 

CH 1

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සජිත් නවදිල්ලියේ දී ඉන්දීය කර්මාන්ත සම්මේලනය සමග විශේෂ සාකච්ඡාවක | The Leader