The Leader News
BREAKING
Top Ad
පුවත්

ත්‍රිකුණාමලයේ සිදුවීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

T

The Leader Desk

November 18, 2025 • 4:25 PM

ත්‍රිකුණාමලයේ සිදුවීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
  • අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්මින් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
  • භාවිත වෙලා තියෙන්නේ ආපන ශාලාවක් විදිහට '' "මේකට පැරණි බලපත්‍රයක් තිබෙනවා 2014 වගේ.
  • නමුත් මේක කිසි සේත්ම එතැන් සිට මේක විහාරස්ථානයක් ලෙස හැඳින්වුවාට එතැන් සිට මේක විහාරස්ථානයක් ලෙස මෑත කාලයේ භාවිතා වෙලා නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්මින් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

''නෑ... එතන ආගමික වතාවත් කරන ස්ථානයක් තිබුණේ නෑ. භාවිත වෙලා තියෙන්නේ ආපන ශාලාවක් විදිහට ''

"මේකට පැරණි බලපත්‍රයක් තිබෙනවා 2014 වගේ. නමුත් මේක කිසි සේත්ම එතැන් සිට මේක විහාරස්ථානයක් ලෙස හැඳින්වුවාට එතැන් සිට මේක විහාරස්ථානයක් ලෙස මෑත කාලයේ භාවිතා වෙලා නෑ. භාවිත වෙලා තියෙන්නේ ආපන ශාලාවක් විදිහට පාවිච්චි වෙලා තියෙනවා. ආපන ශාලාවේ ඉදි කිරීම් පිළිබඳව ප්‍රශ්නයක් පැන නැගිලා ඒ ආපන ශාලාවේ නීති විරෝධී ඉදි කිරීම් තියෙනවා කියලා ඒ නීති විරෝධී ඉවත් කිරීම් පිලිබඳව වෙරළ සංරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝගයක් ලබා දිලා තිබුණා. ඒ නියෝගයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරලා තිබුණා.

නාගරික සංවර්ධන අධිකාරිය සමග ඊට පස්සේ පැවැති සාකච්ඡාවකදී හාමුදුරුවන් වහන්සේ ඉල්ලා තිබුණා තව සතියක කාලයක් ලබා දෙන්න කියලා. ඒ කාලේ දෙනවා. ඒ කාලේ ගතවෙන්නේ 14 වැනිදාට. 16 වැනිදා තමයි මේ සිද්ධිය පැන නගින්නේ.. එතකොට මේක ආගමික ස්ථානයක් පිහිටුවීම වගේම වෙනත් කතාවකුත් මේක ඇතුළේ තියෙන බව පේනවා. පොදු ජනතාව හිතන්න පුළුවන් මෙතන විහාරස්ථානයක් තියෙනවා කියලා.. නෑ... එතන ආගමික වතාවත් කරන ස්ථානයක් තිබුණේ නෑ. ඕක තමයි ඇත්ත කතාව.

''ජාතිවාදයට නම් ආයේ ඉඩ තියන්නේ නෑ...''

සිද්ධිය වුණාට පස්සේ දිසාපති කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණා. දිසාපති කාර්යාලයේදී එකඟතාවක් ආවා නියමිත මිනින්දෝරුවෙක් දාලා ඉඩම බෙදලා හරියටම මැනුම් කටයුතු කරලා වෙරළ සංරක්ෂණ එකට අයිති කොටස කෝකද පන්සලට අයිති භූමිය නම් කරලා දෙන්නත් සාකච්ඡාවකට ආවා ඊයේ. අධිකරණය දැන් දීලා තියෙන නියෝගය තමයි අලුත් ඉදි කිරීම් කිසිවක් කරන්න එපා තිබෙන ඉදි කිරීම් ඉවත් කරන්නත් එපා අධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නාට පසුව අදාළ වැඩකටයුතු කරන්න පුළුවන් කියලා.

දැන් ඇත්තට ගත්තොත් මේ ප්‍රශ්නය අවසන්. දැන් තවත් නටන්නේ ඇයි ?.. අර ජාතිවාදී කණ්ඩායම් දැන් හැම තැනම ගිනි තිය තිය යනවා. අපි ඉතාමත් ශක්තිමත් ජාතිවාදයට නම් ඉඩ තියන්නේ නෑ. මේ රටේ පොදු ජනතාව ජාතිවාදයට ඉඩ දෙන්නෙත් නෑ. ඒ නිසා කවුරු හරි උත්සාහ කරනවානම් නැවත පැරණි ජාතිවාද නාඩගම් මේ රටේ ඇති කරන්න ඒක ඉතිහාසයේම විතරයි. ඒක වර්තමානයත් නෙමෙයි අනාගතයත් නෙමෙයි."

 

සබැඳි ලිපි :

මේව නිකන්ම නිකන් බුදුපිළිම තැබීමේ ප්‍රශ්නම නෙමෙයි... | Uvindu Kurukulasuriya

ත්‍රිකුණාමලය වෙරළේ පන්සලක් ඉදි කිරීම: 'කඩා ඉවත් කරන්න ගියේ නීති විරෝධී හෝටලයක්'

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...