The Leader News
BREAKING
Top Ad
පුවත්

21 රැලිය කටමුල තියෙද්දී නාමල්ගේ උපාධි සහතිකය ගැන බරපතල අනාවරණයක් !

T

The Leader Desk

November 19, 2025 • 4:18 AM

21 රැලිය කටමුල තියෙද්දී නාමල්ගේ උපාධි සහතිකය ගැන බරපතල අනාවරණයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම කරුණු මුලින්ම නිර්මලා කන්නන්ගර විසින් https://www.examiner.media වෙබ් අඩවිය ඔස්සේ හෙළිදරව් කරන ලද අතර, මෙහිදී එම සොයාගැනීම්, අදාළ නීතිමය හා ආයතනික රෙගුලාසි ඔස්සේ තවදුරටත් තියුණු ලෙස විමර්ශනය කරනු ලබන බව පැවසේ.
  • නාමල් රාජපක්ෂ ඇතුළත් කර ගනු ලැබුවේ 2009 සැප්තැම්බර් 25 දින වන නමුත්, ඔහුගේ උපාධිය නිකුත් කළ City University of London හි LLB වැඩසටහන ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් පිළිගෙන ඇත්තේ 2009 ඔක්තෝබර් 15 වන දින සිට බව තොරතුරු දැනගැනීමේ පනත හරහා තහවුරු කරගෙන ඇත.
  • ''තොරතුරු දැනගැනීමේ පනත යටතේ (2025 ඔක්තෝබර් 03 දින) නීති විද්‍යාලයෙන් ලබාගත් තොරතුරු අනුව, රාජපක්ෂ මහතාගේ ගොනුවේ උපාධි සහතිකයේ පිටපතක් අඩංගු නොවේ.
  • ඇත්තේ උපාධිය සම්පූර්ණ කළ බවට වූ ලිපියක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම කරුණු මුලින්ම නිර්මලා කන්නන්ගර විසින් https://www.examiner.media වෙබ් අඩවිය ඔස්සේ හෙළිදරව් කරන ලද අතර, මෙහිදී එම සොයාගැනීම්, අදාළ නීතිමය හා ආයතනික රෙගුලාසි ඔස්සේ තවදුරටත් තියුණු ලෙස විමර්ශනය කරනු ලබන බව පැවසේ.

නාමල් රාජපක්ෂ ගේ අයදුම්පත 2009 සැප්තැම්බර් 25 වන දින ඉදිරිපත් කර, එම දිනයේම සමාලෝචනය කර අනුමත කර ඇති බව අයදුම්පතේ සටහන් මගින් තහවුරුවන බවත් සාමාන්‍යයෙන්, ශ්‍රී ලංකා නීති විද්‍යාලයට විදේශීය උපාධියක් මත පදනම්ව ප්‍රවේශය ඉල්ලන අයදුම්කරුවෙකුගේ ලේඛන සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විධිමත් ක්‍රියාපටිපාටියක් පවතින අතර මෙහිදී එම ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වී ඇති බවත් එම වාර්තාව මගින් පෙන්වා දෙයි.

නාමල් රාජපක්ෂ ඇතුළත් කර ගනු ලැබුවේ 2009 සැප්තැම්බර් 25 දින වන නමුත්, ඔහුගේ උපාධිය නිකුත් කළ City University of London හි LLB වැඩසටහන ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් පිළිගෙන ඇත්තේ 2009 ඔක්තෝබර් 15 වන දින සිට බව තොරතුරු දැනගැනීමේ පනත හරහා තහවුරු කරගෙන ඇත.

''තොරතුරු දැනගැනීමේ පනත යටතේ (2025 ඔක්තෝබර් 03 දින) නීති විද්‍යාලයෙන් ලබාගත් තොරතුරු අනුව, රාජපක්ෂ මහතාගේ ගොනුවේ උපාධි සහතිකයේ පිටපතක් අඩංගු නොවේ. ඇත්තේ උපාධිය සම්පූර්ණ කළ බවට වූ ලිපියක් පමණි. රාජපක්ෂ මහතා ලබා ඇති උපාධි වර්ගීකරණය ‘Class 3’ හෝ ‘Third Class’ එකකි. එක්සත් රාජධානියේ, නීති ප්‍රමිති මණ්ඩලය (Bar Standards Board) විසින් නීතිඥ වෘත්තියේ අධ්‍යයන අදියර සඳහා අවම වශයෙන් Lower-Second Class Honours (2:2) උපාධියක් නියම කර ඇත. ‘Third Class’ උපාධියක් එම ප්‍රමිතිය සපුරාලන්නේ නැත.''

එබැවින්, නාමල් රාජපක්ෂ මහතාගේ උපාධිය එක්සත් රාජධානියේ නීතිඥ වෘත්තියට ඇතුළත් වීමට ප්‍රමාණවත් නොවන බැවින්, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ රෙගුලාසි අනුව ද එය ප්‍රවේශ විභාගයෙන් නිදහස් වීමට අවශ්‍ය සුදුසුකම සපුරා නොමැති බව අදාල ගවේෂනාත්මක වාර්තාවේ සඳහන්ය.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ උපාධි සහතිකය නිකුත් කර ඇත්තේ 2009 සැප්තැම්බර් 15 වන දින නමුත්, එහි අත්සන් තබා ඇති උපකුලපති Malcolm Gillies එම ධූරයෙන් 2009 ජූලි මාසයේදී ඉවත් වී ඇත.

නාමල් මොකද කියන්නේ ?

මේ දිනවල සමාජ මාධ්‍යයන්හි ජනප්‍රියතම දේශපාලන චරිතය බවට පත්ව ඇත්තේ නාමල් රාජපක්ෂයි. ඒ ඔහුගේ සංවිධානත්වයෙන් නොවැම්බර් 21 දා නුගේගොඩ දී පැවැත්වෙන මහජන රැලියට ආණ්ඩු පක්ෂයේ නායකයින්ගෙන් පවා ලැබෙන ප්‍රතිචාරයන් නිසාය.

එවැනි මොහොතක නාමල් රාජපක්ෂගේ උපාධිය සම්බන්ධයෙන් කෙරෙන මෙම අලුත්ම අනාවරණය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ, එම පුවත් වාර්තාව මුළුමනින්ම අසත්‍ය බවයි.

මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවක් මගින් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රතිපල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්වය තුල සිදුකෙරෙන අවලදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවනු බව ඔහු කියා සිටියි.

'' මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කීපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා. අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ.. දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහස වලට 21 වෙනිදා උත්තර ලැබේවි '' යයි ඔහු මාධ්‍යවේදීන්ට පවසා ඇත.

තමා  අධ්‍යාපනය ලැබූ විදෙස් සරසවියේ අධ්‍යාපනය හදාරා ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් පුද්ගලයින්ගේ නාම ලේඛනයක මතු දැක්වෙන යොමුවක්ද ඔහු විසින් මාධ්‍යවේදීන් වෙත ලබාදී  ඇත.

100 Notable alumni of City, University of London

මුලාශ්‍ර පුවත් වාර්තාව :

No degree certificate in Namal’s Law College file, admission breaches entry rules


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...