මේ තත්ත්වය තුළ සංහිදියාවට මුල් තැන ලබා දිය යුතු බවත් මේ තුළින් ජාතිවාදය ආගම්වාදය බෙදීම් ඇති කරන්න විවිධ පාර්ශ්ව බලාගෙන සිටින බවත් ඔවුන්ට එවැනි දේශපාලන අරමුණු තිබුණත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් සිතිය යුතු බැවින් ජනාධිපතිවරයා විසින් ජාතික ඒකාග්‍රතා කමිටුවක් ස්ථාපිත කර මෙවැනි තත්ත්වයන් මතුවට නිර්මාණය වන්නට නොදී කටයුතු කිරීමත් විධිමත් විසදුම් ලබා දීමත් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හින්දු ඉස්ලාම් කතෝලික ආගමික සිද්ධස්ථානවල මෙවැනි අර්බුධ ඇතිවන විටත් ඒ වෙනුවෙන් තමා කතා කළ බවත් ආගමික සංහිදියාව එකමුතුකම පවත්වාගෙන යා යුතු බවත් ජාතිවාදය අතහැර සත්ජාතිකත්වය සිය ප්‍රතිපත්ති බැවින් රජය මැදිහත් විය යුතු බවත් මෙවැනි ගැටලුවක් ඇති වන විට හොයා බලන්න ප්‍රාදේශීය ලේකම්වරුන්ට යුතුකමක් තිබුණු බවත් ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මේ ගැටලු විසදන්න කටයුතු කළා ද කියා සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රටේ නීතිය ක්‍රියාත්මක කිරිම රජයේ වගකීම බවත් විපක්ෂයේ දේශපාලනය රජයෙන් අපේක්ෂා නොකරන බවත් රජයෙන් උත්තර අපේක්ෂා කරන බවත් මේ උත්තර නොදී ජනතාව මංමුලා නොකරන ලෙසට ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.




