The Leader News
BREAKING
Top Ad
පුවත්

වැඩබලන විගණකාධිපති ධර්මපාලට තවත් සති දෙකක සේවා දිගුවක්

T

The Leader Desk

November 23, 2025 • 10:56 AM

වැඩබලන විගණකාධිපති ධර්මපාලට තවත් සති දෙකක සේවා දිගුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය මත ඔහු වෙත වැඩ බැලීමේ තනතුර සඳහා ලබාදී තිබු මාස 06 කාලය ඊයේ දිනයෙන් අවසන්විය.
  • එහිදී ව්‍යවස්ථාදායක සභාවේ සිව් දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී ඇති අතර සාමාජිකයින් පස් දෙනෙකු යෝජනාවට එරෙහිව ඡන්දය ලබා දී තිබේ.
  • ජාතික වශයෙන් අතිශයින් වගකීම් සහගත තනතුරක් වන විගණකාධිපති ධුරයට ස්ථිර නිලධාරියකු පත්කිරීමේ වැදගත්කම යෝජනාවට එරෙහිවූ සාමාජිකයින් විසින් අවධාරණය කර ඇතැයි වාර්තාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය මත ඔහු වෙත වැඩ බැලීමේ තනතුර සඳහා ලබාදී තිබු මාස 06 කාලය ඊයේ දිනයෙන් අවසන්විය.

ඒ අනුව වැඩබලන විගණකාධිපතිවරයාගේ සේවා කාලය තවත් මාස තුනකට දීර්ඝ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කවුන්සිලයේ සභාපති සහ පාර්ලිමේන්තුවේ කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා රැස්වී තිබිණ.

එහිදී ව්‍යවස්ථාදායක සභාවේ සිව් දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී ඇති අතර සාමාජිකයින් පස් දෙනෙකු යෝජනාවට එරෙහිව ඡන්දය ලබා දී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා සහ සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයින් තිදෙනෙකු වන ආචාර්ය අනුලා විජේසුන්දර, ආචාර්ය ප්‍රතාප් රාමනුජම් සහ දිනේෂා සමරරත්න නිර්දේශයට විරුද්ධව ඡන්දය ලබා දී ඇත්තේ, මාස ගණනාවක් තිස්සේ දිගින් දිගටම වැඩ බැලීම සඳහා යෝජනා ඉදිරිපත්වීමට විරෝධය පළකරමිනි.

ජාතික වශයෙන් අතිශයින් වගකීම් සහගත තනතුරක් වන විගණකාධිපති ධුරයට ස්ථිර නිලධාරියකු පත්කිරීමේ වැදගත්කම යෝජනාවට එරෙහිවූ සාමාජිකයින් විසින් අවධාරණය කර ඇතැයි වාර්තාවේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...