The Leader News
BREAKING
Top Ad
පුවත්

මුදල් වැය කිරීමේ චක්‍රලේඛා බාධා ඉවත් කිරීමට නව චක්‍රලේඛයක්

T

The Leader Desk

November 29, 2025 • 4:28 PM

 මුදල් වැය කිරීමේ චක්‍රලේඛා බාධා ඉවත් කිරීමට නව චක්‍රලේඛයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සමඟ විශේෂ සාකච්ඡාවකට අද (28) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ එක්වීමි.
  • එමෙන්ම, මුදල් වැය කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වීම වළක්වා ගැනීමට නව චක්‍රලේඛයක් වහාම නිකුත් කරන ලෙසද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයයේ ලේකම්වරයාට උපදෙස් දුන් අතර අවතැන් වු ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන කදවුරුවල පාලනය යුද හමුදාවට භාර දීමටද උපදෙස් දුන්නෙමි.
  • සබැඳි පුවත් : ආපදා සහන සලසන්න ආණ්ඩුවෙන් චක්‍ර ලේඛනයක් !
අකුරු ප්‍රමාණය (Font Size):


අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සමඟ විශේෂ සාකච්ඡාවකට අද (28) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ එක්වීමි.

ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක (එකයි දශම දෙකක) මුදලක් වෙන්කර ඇති අතර 2025 අයවැයෙන්ද තවත් රුපියල් බිලියන 30 ක් හදිසි අවශ්‍යතා සදහා වෙන්කර ඇති බවත් එබැවින් මුදල් කිසිදු බාධාවක් කර නොගෙන ජනතාව මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු ක්‍රියාත්මක කරන ලෙසත් මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දුන් මම ජනතාව මුදා ගැනීමේ සහ ඔවුන්ට සහන සැලසීමේදී තවදුරටත් මුදල් අවශ්‍ය නම් ඉල්ලා සිටින ලෙසත්, හදිසි අවස්ථාවලදී දැනට දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු සතුව පවතින මුදල් වැය කරන ලෙසත් දැනුම් දුන්නෙමි.

එමෙන්ම, මුදල් වැය කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වීම වළක්වා ගැනීමට නව චක්‍රලේඛයක් වහාම නිකුත් කරන ලෙසද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයයේ ලේකම්වරයාට උපදෙස් දුන් අතර අවතැන් වු ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන කදවුරුවල පාලනය යුද හමුදාවට භාර දීමටද උපදෙස් දුන්නෙමි.

ty574tt


සබැඳි පුවත් :
ආපදා සහන සලසන්න ආණ්ඩුවෙන් චක්‍ර ලේඛනයක් !

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මුදල් වැය කිරීමේ චක්‍රලේඛා බාධා ඉවත් කිරීමට නව චක්‍රලේඛයක් | The Leader