The Leader News
BREAKING
Top Ad
පුවත්

පළමු රතු නිවේදනය !

T

The Leader Desk

December 1, 2025 • 8:19 AM

පළමු රතු නිවේදනය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය අනුව මෙම කාලගුණ වෙනස සම්බන්ධයෙන් පළමු රතු නිවේදනය නිකුත් කර ඇත්තේ 24 වෙනි දින පස්වරු 2.30ට වන අතර එහි අනතුරු ඇඟවීම් කර ඇත්තේ ප්‍රබල අකුණු ඇති වීම පිළිබඳය.
  • මේ අතර 25 වෙනි දින පස්වරු 02.00ට සාමාන්‍ය කාලගුණ අනාවැකි නිවේදනයක් නිකුත් කර තිබිණි.
  • ඉන් පසුව 25 වෙනි දින පස්වරු 3.45ට තද වැසි ඇති වීම පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබිණි.
  • එහෙත් එදිනම සවස 04.00ට “සාමාන්‍ය කාලගුණ අනාවැකිය” යන සිරස්තලය යටතේ තවත් නිවේදනයක් නිකුත් කර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය අනුව මෙම කාලගුණ වෙනස සම්බන්ධයෙන් පළමු රතු නිවේදනය නිකුත් කර ඇත්තේ 24 වෙනි දින පස්වරු 2.30ට වන අතර එහි අනතුරු ඇඟවීම් කර ඇත්තේ ප්‍රබල අකුණු ඇති වීම පිළිබඳය.

මේ අතර 25 වෙනි දින පස්වරු 02.00ට සාමාන්‍ය කාලගුණ අනාවැකි නිවේදනයක් නිකුත් කර තිබිණි. ඉන් පසුව 25 වෙනි දින පස්වරු 3.45ට තද වැසි ඇති වීම පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබිණි.

එහෙත් එදිනම සවස 04.00ට “සාමාන්‍ය කාලගුණ අනාවැකිය” යන සිරස්තලය යටතේ තවත් නිවේදනයක් නිකුත් කර තිබිණි. එයට විනාඩි 15කට පෙර රතු නිවේදනයක්ද ඉන් පසුව සාමාන්‍ය නිවේදනයක්ද නිකුත් කිරීම එම දෙපාර්තමේන්තුවේ නිල නිවේදන සම්බන්ධයෙන් ව්‍යාකූලත්වය ඇති වීමට හේතු වී තිබේ.

මේ ආකාරයට රතු නිවේදන සහ සාමාන්‍ය නිවේදන එක් දිනක් තුළ කිහිපයක්ම වරින් වර නිකුත් කර තිබිණි. 25 වෙනි දිනම පස්වරු 10.30ට නොගැඹුරු මුහුදු තීරයට අදාළව රතු නිවේදනයක් නිකුත් කර තිබිණි. 27 වෙනි දින පස්වරු 08.00ට “ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවලට” යනුවෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පළමු රතු නිවේදනය නිකුත් කර ඇත.

එම නිල නිවේදන පහත දැක්වේ.

whe 1

 whe 2whe 2 1

whe 3

 

whe 4

whe 5

whe 6

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...