The Leader News
BREAKING
Top Ad
පුවත්

සුනිල් වටගල සිදු කර ඇති ප්‍රකාශයට වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ විරෝධය

T

The Leader Desk

December 4, 2025 • 4:06 AM

  සුනිල් වටගල සිදු කර ඇති ප්‍රකාශයට වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආපදා තත්ත්වය හේතුවෙන් රජය පනවා ඇති හදිසි නීතිය උපයෝගී කොට ගෙන දැඩි දඬුවම් පැමිණවිය යුතු බවට මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සිදු කර ඇති ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ බලවත් විරෝධය පළ කර සිටියි.
  • දින මාළඹේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඇතුළු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න ද සහභාගී වූ සාකච්ඡාවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත.
  • වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු අවධාරණය කර ඇත්තේ ආපදා තත්ත්වය මුල් කරගෙන භෞතිකව, සමාජ මාධ්‍ය හෝ AI තාක්ෂණය භාවිතා කර තොරතුරු විකෘති කරමින් මාධ්‍ය තුළ පළ කරන ව්‍යාපාරයක් පවතින බවත් මෙම තත්ත්වය විදේශගත පුද්ගලයින් කිහිපදෙනකු විසින් දියත් කොට ඇති බවත් ය.
  • ඒ අනුව මේ තත්වය වගකිවයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගත යුත්තේ ආපදාව දඩමීමා කර ගෙන ගැසට් කළ හදිසි නීති රෙගුලාසි යටතේ සැකකරුවකු ලෙස නොව චූදිතයෙකු ලෙසින් යැයි සඳහන් කරමින් පොලිස් නිලධාරීන් වෙත නියෝජ්‍ය අමාත්‍යවරයා නියෝග කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ආපදා තත්ත්වය හේතුවෙන් රජය පනවා ඇති හදිසි නීතිය උපයෝගී කොට ගෙන දැඩි දඬුවම් පැමිණවිය යුතු බවට මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සිදු කර ඇති ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ බලවත් විරෝධය පළ කර සිටියි.

2025-12-02 දින මාළඹේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඇතුළු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න ද සහභාගී වූ සාකච්ඡාවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත. වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු අවධාරණය කර ඇත්තේ ආපදා තත්ත්වය මුල් කරගෙන භෞතිකව, සමාජ මාධ්‍ය හෝ AI තාක්ෂණය භාවිතා කර තොරතුරු විකෘති කරමින් මාධ්‍ය තුළ පළ කරන ව්‍යාපාරයක් පවතින බවත් මෙම තත්ත්වය විදේශගත පුද්ගලයින් කිහිපදෙනකු විසින් දියත් කොට ඇති බවත් ය.

ඒ අනුව මේ තත්වය වගකිවයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගත යුත්තේ ආපදාව දඩමීමා කර ගෙන ගැසට් කළ හදිසි නීති රෙගුලාසි යටතේ සැකකරුවකු ලෙස නොව චූදිතයෙකු ලෙසින් යැයි සඳහන් කරමින් පොලිස් නිලධාරීන් වෙත නියෝජ්‍ය අමාත්‍යවරයා නියෝග කර ඇත.

බලයට පැමිණීමට පෙර භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් විසින් ම වර්තමානයේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහෝසි කිරීමට නියෝග පැනවීම මගින් පිළිබිඹු වන්නේ වර්තමාන ආණ්ඩුව අවතීර්ණ වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මාර්ගයක් වෙත බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමය කියා සිටියි.

 පසුගිය වසරක පාලන කාලය තුළ මෙයට පෙර ද ආණ්ඩුව විසින් මාධ්‍ය නිදහසට තර්ජනය කිරීමේ අවස්ථා ගණනාවක් ම අපගේ නිරීක්ෂණයට ලක් වී ඇති පසුබිමක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකිරීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා එම සංගමයේ සභාපති, දුමින්ද සම්පත් සහ ලේකම්, රංග බණ්ඩාරනායක ගේ අත්සනින් නිකුත්කර ඇති නිවේදනයක නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.

අදාල නිවේදනය මතු පළවේ. 

 

Swja 2025.11.04

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සුනිල් වටගල සිදු කර ඇති ප්‍රකාශයට වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ විරෝධය | The Leader