වෙබ් අඩවිය පෙන්වා දෙයි.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ පසුගිය නොවැම්බර් 20 වැනි දින සුළි කුණාටු තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පිළිබඳව ඉන්දීය කාලගුණ අංශ නොවැම්බර් 13 වැනිදා අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.
ඒ අනුව නොවැම්බර් 26 වැනිදා දක්වා අදාළ පීඩන අවපාතයේ වර්ධනයක් පෙන්නුම් කරන බවට වූ කාලගුණ වාර්තා පිළිබඳ සියලුම තොරතුරු ශ්‍රී ලංකාව සමග සාමාන්‍ය පරිදි හුවමාරු වූ බවත් අදාළ වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම DW මාධ්‍ය ආයතනයද ශ්‍රී ලංකාවට බලපෑ ව්‍යසනය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් මෙරටට බලපෑ සුළි කුණාටු ඛේදවාචකය රජයේ අසාර්ථකත්වයන් හෙළි කරන බවට දක්වා තිබේ.
මෙරට ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ස්කයි නිව්ස් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයද වාර්තා කර ඇති අතර එමගින්ද පෙන්වා දී ඇත්තේ සුළි කුණාටුව සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීමක් හෝ අදාළ ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට තමන්ට දැනුවත් නොකළ බවට ජනතාව චෝදනා කරන බවයි.
සුළි කුණාටුව ගොඩබිමට පැමිණීමට සති දෙකකට පෙර නිකුත් කර තිබු කාලගුණ අනතුරු ඇඟවීම් බැරෑරුම් ලෙස නොසැලකීම සම්බන්ධයෙන් මෙන්ම දෙමළ භාෂාවෙන් පණිවුඩ සන්නිවේදනය නොකිරීම සම්බන්ධයෙන්ද විවේචන එල්ල වී ඇති බව අදාළ මාධ්‍ය වාර්තාව මඟින් පෙන්වා දෙයි.
මේ අතර මෙරටට බලපෑ සුළි කුණාටු ඛේදවාචකය රජයේ අසාර්ථකත්වයන් හෙළි කරන බව ජර්මනියේ ඩොයිචෙ වෙලා මාධ්‍ය ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර තිබියදී නියමිත වේලාවට ක්‍රියා කිරීමට රජය අපොහොසත් වීමෙන් ජීවිත හානි වැඩි වූ බවට විශේෂඥයින් පවසන බව අදාළ වාර්තාවේ සඳහන්වේ.
එමෙන්ම, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු උපුටා දක්වමින් ඩොයිචෙ වෙලා මාධ්‍ය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජයට අනතුරු ඇඟවීමේ සංඥා නොසලකා හැරීම සහ ව්‍යසනය මිනිස් පාලනයෙන් ඔබ්බට යාමට ඉඩ දීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන බවයි.
එසේම අර්බුදය හැසිරවීමේදී රජය හොඳින් කටයුතු කර නොමැති බව ද ඔහු එම මාධ්‍ය වෙත පැවසිය.
කෙසේ වෙතත් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය 11 වැනිදා පෙර දැනුම් දීම් කර ඇති බවට විපක්ෂය සාක්ෂි සහිතව ඊයේ රට හමුවේ අනාවරණ කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් පුද්ගලයින් 470කට අධික පිරිසකට මිය යාම, තවත් සිය ගණනක් අතුරුදන් වීම සහ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වීම සම්බන්ධයෙන් ආණ්ඩුව "ඇඟ බේරා ගැනීමේ උත්සහයක" නිරත වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් චෝදනා කලේය.
ඔහු පැවසුවේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සුළි කුණාටුවක් ඇති විය හැකි බවට පූර්ව අනාවැකි පළ කර තිබූ බව ය.
කෙසේ වෙතත්, ආණ්ඩුව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.




