The Leader News
BREAKING
Top Ad
පුවත්

Moody ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවත් පහළට ඇද දමයි: 'වැරදි වැඩක්' - රජය කියයි : 'තත්වය බරපතලයි'- විපක්ෂනායක

T

The Leader Desk

September 29, 2020 • 11:16 AM

 Moody ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවත් පහළට ඇද දමයි:  'වැරදි වැඩක්' - රජය කියයි : 'තත්වය බරපතලයි'- විපක්ෂනායක 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුපාතය) සිට Caa1 (ඉතා ඉහල ණය අවදානම් අනුපාතය) දක්වා ඊයේ (28) පහත හෙළා ඇත.
  • එම ආයතනය සඳහන් කරන ආකාරයට විදේශ අරමුදල් ලබාගැනීමේ දුෂ්කරතාවයත්, ඉදිරියේදී විදේශ ණය ගෙවීමට ඇති අවදානම් සහගත තත්ත්වය නිසාත් මෙසේ ශ්‍රේණිගත කිරීම් පහත දමා ඇත.
  • අතර වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 4කට තරමේ විදේශ ණය සේවාකරණයක් සිදුකිරීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.
  • රජය කටයතු කරන ආකාරය අනුව, පවත්නා හිඟ අයවැය නිසා දිගින් දිගටම සැලකිය යුතු ප්‍රමාණයක් වියදම් පියවා ගැනීමට සිදුව ඇත්තේ, විදෙස් ණය අරමුදල් වලිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

අනුපාතය) සිට Caa1 (ඉතා ඉහල ණය අවදානම් අනුපාතය) දක්වා ඊයේ (28) පහත හෙළා ඇත.

එම ආයතනය සඳහන් කරන ආකාරයට විදේශ අරමුදල් ලබාගැනීමේ දුෂ්කරතාවයත්, ඉදිරියේදී විදේශ ණය ගෙවීමට ඇති අවදානම් සහගත තත්ත්වය නිසාත් මෙසේ ශ්‍රේණිගත කිරීම් පහත දමා ඇත.

2020 -2025 අතර වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 4කට තරමේ විදේශ ණය සේවාකරණයක් සිදුකිරීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

රජය කටයතු කරන ආකාරය අනුව, පවත්නා හිඟ අයවැය නිසා දිගින් දිගටම සැලකිය යුතු ප්‍රමාණයක් වියදම් පියවා ගැනීමට සිදුව ඇත්තේ, විදෙස් ණය අරමුදල් වලිනි.

Moody’s ආයතනය සඳහන් කරන ආකාරයට එලෙස විදෙස් ණය අරමුදල් ලබාගැනීමේ ඉඩකඩ අනාගතයේදී සිමිතවනු ඇත.

''රජය කටයතු කරන ආකාරය අනුව, පවත්නා හිඟ අයවැය නිසා දිගින් දිගටම සැලකිය යුතු ප්‍රමාණයක් වියදම් පියවා ගැනීමට සිදුව ඇත්තේ, විදෙස් ණය අරමුදල් වලිනි. Moody ආයතනය සඳහන් කරන ආකාරයට එලෙස විදෙස් ණය අරමුදල් ලබාගැනීමේ ඉඩකඩ අනාගතයේදී සිමිතවනු ඇත.''

මෙසේ ශ්‍රේණිගත කිරීම් පහත හෙලීම නිසා ජාත්‍යන්තර ගනුදෙනු කෙරෙහි ශ්‍රී ලංකාවට දැඩි සෘණාත්මක බලපෑමක් එල්ලවනු ඇත. 

 ණය ශ්‍රේණි පහත දැමීම නිසා ඇතිවන අවිනිශ්චිතභාවය හා අවදානම් සහගතබව හේතුවෙන්, ජාත්‍යන්තර ණය ගැනීමේදී ඉහල අවදානම් පොළී අධිබාරයක්  (ප්‍රිමියම්) ගෙවීමට ද ශ්‍රී ලංකාවට සිදුවේ.

එමෙන්ම ජාත්‍යන්තර ගනුදෙනුවලදී පැවතිය හැකි අවදානම වෙනුවෙන් අදිකතර පිරිවැයක් දැරීමට ද ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.

මෙම රජය ආරම්භවූ ද සිටම දිගින් දිගටම ණය ශ්‍රේණිගත කිරීම් පහල දැමීම නිසා අවදානම් තත්ත්වය ඉහල යමින් ඇතත්, රජය මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිඳු අකාරයේ සාධනීය ක්‍රියාමාර්ගයකට එළඹ ඇති බවක් දක්නට නොලැබේ.

මෙම තත්වය තුල ශ්‍රී ලංකාව දිගින් දිගටම අවදානම් කලාපය වෙත අවතිර්ණවිම වැලැක්වීමේ හැකියාවක් ද නොමැත.

මේවනවිට Caa1 ශ්‍රේණිගත රටවල් ලෙස ඇන්ගෝලාව, කොන්ගෝව, ගැබොන්, ඉරාකය, මාලී, බෙලිස් වැනි රාජ්‍යයන් නම් කර තිබේ. ඒ අතරට අලුතින්ම නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවයි.

රජය වහාම ප්‍රතිචාර දක්වයි : 'වැරදි විශ්ලේෂණ මත පදනම්ව ගත් තීරණයක්'

කෙසේවුවද, මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඊයේ (28) දිනයේ දී ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody's Investor Services විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය B2 සිට Caa1 දක්වා පහත හෙලීමට ගත් තීරණය, සාධාරණ නොවූ එකක් බවත්, එසේම එය වැරදි විශ්ලේෂණ මත පදනම්ව ගත් තීරණයක් බවත් ය.

වත්මන් රාජපක්ෂ රජය බලයට පත්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන විසින් ශ්‍රී ලංකාව දිගින් දිගටම පහත හෙලනු ලැබිය. 

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙම කාරණය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ,  ලංකාව බරපතල මූල්‍ය  අනතුරක සිටින බවයි. 


සබැඳි පුවත් :
විදෙස් ශ්‍රමික මුදල් නැතිව ලංකාව බරපතල මුල්‍ය අර්බුදයක : Moody's අනාවරණයක් 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

Moody ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවත් පහළට ඇද දමයි: 'වැරදි වැඩක්' - රජය කියයි : 'තත්වය බරපතලයි'- විපක්ෂනායක | The Leader