leader s

ඉදිරි ජනාධිපතිවරණයේ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂට නිරෝගී සුවය හා දීර්ඝායු පතා විශේෂ බෝධි පුජාවක්

අද (23) ඉරිදා සවස 6.00ට පැපිලියාන සුනේත්‍රාදේවි පුරාණ රජමහ විහාරස්ථානයේදී පැවැත්වේ.

සිංගප්පුරුවේදී හදිසි සැත්කමකට භාජනයවූ ගෝඨාභය රාජපක්ෂ මේවනවිටත් වෛද්‍ය උපදෙස් මත විවේකි සුවයෙන් එරට ම සිටියි.

banner gota

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) මහ සමුළුව අගෝස්තු 11 වෙනිදා පැවැත්වීමටත් එහිදී පක්ෂ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දීමටත් එහිදී ඔහු විසින් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජක්ෂ නාමය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් නියමිත බව දිලිත් ජයවීරගේ මාධ්‍ය ජාලය වාර්තා කරයි.

එම වාර්තාවලට අනුව පසුගියදා පක්ෂ හමුවක දී එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් මේබව හෙළිකර ඇතැයි පැවසේ.

එම සැලැස්මට අනුව, අනතුරුව සඳුදා දින සියලු දෙනා අනුරාධපුරය බලා ගොස් රුවන්වැලි සෑය වැඳපුදා ගනු ඇත. ඊට පසු දළදා මාළිගාවත් ඉනික්බිති කතරගම කිරිවෙහෙරත් වැඳපුදා ගන්නා පිරිස පසුව ගාල්ල ඔස්සේ කොළඹ පැමිණ කාදිනල් හිමියන් බැහැදැකීමටත් නියමිතය. ඊට පසු හලාවත මුන්නේශ්වරන් කෝවිළට පිරිස යනු ඇත.

මේ ආකාරයට සඳුදා සිට සිකුරාදා දක්වා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග පිරිස රට වටා ගමන් කිරීමට සහ ආගමික සිද්ධස්ථාන වැඳපුදා ගෙන ආගමික නායකයන් මුණ ගැසී ආශීර්වාද ලබා ගැනීමටත් සැලසුම් කර තිබේ.

 

'ද ලීඩර්' වෙත වාර්තාවන පරිදි බැසිල් රාජපක්ෂ හදිසියේම මෙවැනි පියවරක් ගෙන ඇත්තේ ජාතික චින්තන කණ්ඩායමෙන් එල්ලවී ඇති බලපෑම් මතය. ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරිපත් කරන බව එම කණ්ඩායමේ ප්‍රධානි ආචාර්ය නලින්ද සිල්වා පසුගියදා අවධාරණය කර සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තෝරාගෙන ඇති එකම අපේක්ෂකයා ගෝඨභය රාජපක්ෂ බව ඔහු සඳහන් කළේ 'ජාතික සමතා බලවේගය' 19දා කොළඹ 07 හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී කැදවා තිබූ විශේෂ නියෝජිත සමුළුවට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂගේ හෝ බැසිල් රාජපක්ෂගේ අනුමැතියක් අවශ්‍ය නොවන බවද ඔහු දැඩිව ප්‍රකාශ කලේය.

ඒකාබද්ධ විපක්ෂයේ හා පොහොට්ටුවේ දේශපාලන තීන්දු තීරණවලට බලපෑම් කිරීම සඳහා ආචාර්ය නලින් ද සිල්වා ප්‍රමුඛ 'ජාතික චින්තන' කණ්ඩායම මේ වනවිට දැඩි උත්සහයක් දරමින් සිටින අතර ඔවුන් ඒ සඳහා විපක්ෂයේ බලවේග ආමන්ත්‍රණය කරමින් රටපුරා පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.

cartoon nalin 

සබැඳි පුවත් :

මහින්දට කනේ පාරක් : 'අපි ගෝඨාව තෝරලා ඉවරයි''- නලින් සිල්වා කියයි (වීඩියෝ)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්