The Leader News
BREAKING
නාමල්ගේ සිරකුටියට ආ අලුත්ම සාමාජිකයා●ඉන්දීය සාගරයේ ශිෂ්ටාචාර උරුමය ෂැංහයි සමුළුවේදී ශ්‍රී ලංකාව අවධාරණය කරයි●යුද සමයේ සහන සේවක ප්‍රහාර : රජයේ සමාව UN ඉල්ලයි●නවදිල්ලියේදී විජිත - ජයශංකර් හමුවෙති: ඉන්දීය සාගරයේ ආර්ථික බලය කාටද?●ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය යාත්‍රාවක් සමඟ සත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට●ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක්●'අපි මූල්‍ය විනය රකින ආණ්ඩුවක්: උද්ඝෝෂණ-වර්ජන අවශ්‍ය නෑ' - ජනාධිපති●SupremeSAT ගනුදෙනුව: රෝහිතගෙන් FCID යට පැය හතරක ප්‍රකාශයක්●සැබෑවද AI ද? 76%ක් අන්තර්ජාලයේදී රැවටෙන බව හෙළිවේ●ජනතා හිතවාදී රාජ්‍ය සේවයකට බිලියන 371.8ක ආයෝජනයක්●
Top Ad
පුවත්

'ගෝඨා හැර වෙන රාජපක්ෂලා එපා' - මල්වතු අස්ගිරි නාහිමිවරු පවසති.

T

The Leader Desk

June 24, 2019 • 10:12 AM

'ගෝඨා හැර වෙන රාජපක්ෂලා එපා' - මල්වතු අස්ගිරි නාහිමිවරු පවසති.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, විපක්ෂනායකවරයා ඊයේ (23) උන්වහන්සේලා බැහැදැකීමට ගිය අවස්ථාවේදීය.
  • ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්දනන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්ත හා තේනුක විදානගමගේ යන මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට සහභාගිවී ඇත.
  • මාධ්‍යවේදීන් පිටතට යවා විපක්ෂනායකවරයා වෙනම කැඳවා ඇති අස්ගිරි මහ නාහිමියන්, ජාතික ආරක්ෂාව හා බෞද්ධ බලවේගය බෙදී වෙන්වීමට ඉඩනොතබා එක්සේසත් කිරීමට වහාම කටයුතු කරන ලෙස දැනුම් දුන් බව 'ද ලීඩර්' වෙත වාර්තාවේ.
  • අපේ ජාතියට දැන් තියන එකම බලාපොරොත්තුව එතුමා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, විපක්ෂනායකවරයා ඊයේ (23) උන්වහන්සේලා බැහැදැකීමට ගිය අවස්ථාවේදීය.

ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්දනන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්ත හා තේනුක විදානගමගේ යන මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට සහභාගිවී ඇත.

මාධ්‍යවේදීන් පිටතට යවා විපක්ෂනායකවරයා වෙනම කැඳවා ඇති අස්ගිරි මහ නාහිමියන්, ජාතික ආරක්ෂාව හා බෞද්ධ බලවේගය බෙදී වෙන්වීමට ඉඩනොතබා එක්සේසත් කිරීමට වහාම කටයුතු කරන ලෙස දැනුම් දුන් බව 'ද ලීඩර්' වෙත වාර්තාවේ.

''මේ වෙලාවේ වෙන කිසිම රාජපක්ෂ කෙනෙක් එපා. මේ ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ බලවේගය එකතු කරන්න පුළුවන් ගෝඨාභය මහත්තයට විතරමයි. අපේ ජාතියට දැන් තියන එකම බලාපොරොත්තුව එතුමා. එතුමා ජනාධිපති අපේක්ෂකයා කිරීමට ඔබතුමාගේ ආශීර්වාදය ඉක්මනින්ම ලබාදීම ජාතික යුතුකමක්'' යයි අස්ගිරි නාහිමියන්, විපක්ෂ නායකවරයාට දැඩි ලෙස අනුශාසනා කර තිබේ.

 

සිංහල - බෞද්ධ රාජ්‍යයක් !

සිංහල - බෞද්ධ රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බවත් එය මෙරට මහ සංඝරත්නයේ ඉල්ලීම බවත් ජාතික චින්තන කණ්ඩායමේ ප්‍රධානි ආචාර්ය නලින්ද සිල්වා පසුගියදා අවධාරණය කර සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තෝරාගෙන ඇති එකම අපේක්ෂකයා ගෝඨභය රාජපක්ෂ බව ඔහු සඳහන් කළේ 'ජාතික සමතා බලවේගය' 19දා කොළඹ 07 හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී කැදවා තිබූ විශේෂ නියෝජිත සමුළුවට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂගේ හෝ බැසිල් රාජපක්ෂගේ අනුමැතියක් අවශ්‍ය නොවන බවද ඔහු දැඩිව ප්‍රකාශ කලේය.

ඒකාබද්ධ විපක්ෂයේ හා පොහොට්ටුවේ දේශපාලන තීන්දු තීරණවලට බලපෑම් කිරීම සඳහා ආචාර්ය නලින් ද සිල්වා ප්‍රමුඛ 'ජාතික චින්තන' කණ්ඩායම මේ වනවිට දැඩි උත්සහයක් දරමින් සිටින අතර ඔවුන් ඒ සඳහා විපක්ෂයේ බලවේග ආමන්ත්‍රණය කරමින් රටපුරා පුළුල් ප්‍රචාරක මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...