The Leader News
BREAKING
Top Ad
පුවත්

කළුතරින් ජනාධිපතිවරයෙක් - රාජිතට සිහල රාවයෙන් සහතිකයක්!

T

The Leader Desk

July 22, 2019 • 3:35 AM

කළුතරින් ජනාධිපතිවරයෙක් - රාජිතට සිහල රාවයෙන් සහතිකයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'රාජිත සේනාරත්න පදනම' විසින් භික්ෂූන් වහන්සේලා සියක් නමක් විෂයෙහි සිදුකළ දානමය පිංකමක දී අනුශාසනාව පවත්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.
  • සියලු දෙනා එකමුතු කිරීම කාලීන අවශ්‍යතාවයක්.” මෙම අවස්ථාවට අනුනායක ධුරන්දර අතිපූජ්‍ය දෙදියවල තිලකසිරි නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
  • අගමැති රනිල්ගේ ආශීර්වාදය : ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට සුදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් තිදෙනෙකුට වෙන වෙනම දැනුම්දී තිබු අතර ඇමති රාජිත සේනාරත්න ද ඉන් එක් අයෙකි.
  • මිට පෙර අවස්ථා දෙකකදීම (2010 හා 2015) පරිදි මෙවරද ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නැයි එජාප නායකයාට පක්ෂයේ අභ්‍යන්තරයෙන් බලපෑම් එල්ලවී ඇති අතර එම බලපෑම් දැඩි වුවහොත්, එක්සත් ජාතික පක්ෂයෙන් පිට අයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට අගමැතිවරයා දැනටමත් තීරණය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

'රාජිත සේනාරත්න පදනම' විසින් භික්ෂූන් වහන්සේලා සියක් නමක් විෂයෙහි සිදුකළ දානමය පිංකමක දී අනුශාසනාව පවත්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

මෙම උත්සවය සඳහා කළුතර නගර මධ්‍යයේ සිට කළුතර බෝධිය දක්වා මහා සංඝරත්නය වැඩම කරවූයේ අලංකාර පෙරහැරකිනි. මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියේය.

අනුශාසනාව පවත්මින් වැඩිදුරටත් අදහස් දැක් වූ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත භික්ෂුව මෙසේ ද පැවැසූහ.

“සෞඛ්‍ය අමාත්‍යවරයාට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් අග්‍රාමාත්‍යවරයෙකු බිහි වූවත්, ජනාධිපතිවරයෙකු බිහි වී නැහැ. කළුතර දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙකු බිහි කර ගැනීමට කාලය උදා වී තිබෙනවා. ජාතික නායකත්වයේ හිඟයක් පවතින අතර, එම හිඟය මකා දැමීමට කළුතර දිස්ත්‍රික්කයේ අපට අවස්ථාව උදා වී තිබෙනවා. සියලු දෙනා එකමුතු කිරීම කාලීන අවශ්‍යතාවයක්.”

මෙම අවස්ථාවට අනුනායක ධුරන්දර අතිපූජ්‍ය දෙදියවල තිලකසිරි නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

අගමැති රනිල්ගේ ආශීර්වාදය :

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට සුදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් තිදෙනෙකුට වෙන වෙනම දැනුම්දී තිබු අතර ඇමති රාජිත සේනාරත්න ද ඉන් එක් අයෙකි.

චම්පික රණවක හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් දෙදෙනා ගෙන් ද අගමැතිවරයා එම ඉල්ලීම කර තිබිණ.

මිට පෙර අවස්ථා දෙකකදීම (2010 හා 2015) පරිදි මෙවරද ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නැයි එජාප නායකයාට පක්ෂයේ අභ්‍යන්තරයෙන් බලපෑම් එල්ලවී ඇති අතර එම බලපෑම් දැඩි වුවහොත්, එක්සත් ජාතික පක්ෂයෙන් පිට අයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට අගමැතිවරයා දැනටමත් තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නිවසටම ගොස් ඔහුට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කර තිබිණ. එහෙත් ඒ සම්බන්ධයෙන් එජාප අභ්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ලවූ අතර ඉහත නම් සඳහන් එජාපෙ මැති ඇමතිවරුන්ට සුදානම් වන්නැයි අගමැතිවරයා දැනුම්දී ඇත්තේ ඉන් අනතුරුවය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නද ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තමා වෙත බලාපොරොත්තු වෙමින් ප්‍රචාරණ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

රාජිත සේනාරත්න පදනම විසින් භික්ෂූන් වහන්සේලා සියක් නමක් විෂයෙහි සිදුකළ දානමය පිංකමකට අදාල ජයාරූප කිහිපයක් පහත පළවේ.

rajitha m 1

rajitha magalkanda

rajitha m

සබැඳි පුවත්:

සජිත්ට එරෙහිව 'චම්පික-රාජිත-ෆොනී-රවී' අශුද්ධ සන්ධානයක් !

ෆොනී - රාජිත විසිවේ : රනිල්ගේ අලුත්ම තේරීම චම්පික !

රනිල් ධම්මිකට දීපු ලනුව ඇමතිවරු තුනකටත් දීලා !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කළුතරින් ජනාධිපතිවරයෙක් - රාජිතට සිහල රාවයෙන් සහතිකයක්! | The Leader