The Leader News
BREAKING
නාමල්ගේ සිරකුටියට ආ අලුත්ම සාමාජිකයා●ඉන්දීය සාගරයේ ශිෂ්ටාචාර උරුමය ෂැංහයි සමුළුවේදී ශ්‍රී ලංකාව අවධාරණය කරයි●යුද සමයේ සහන සේවක ප්‍රහාර : රජයේ සමාව UN ඉල්ලයි●නවදිල්ලියේදී විජිත - ජයශංකර් හමුවෙති: ඉන්දීය සාගරයේ ආර්ථික බලය කාටද?●ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය යාත්‍රාවක් සමඟ සත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට●ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක්●'අපි මූල්‍ය විනය රකින ආණ්ඩුවක්: උද්ඝෝෂණ-වර්ජන අවශ්‍ය නෑ' - ජනාධිපති●SupremeSAT ගනුදෙනුව: රෝහිතගෙන් FCID යට පැය හතරක ප්‍රකාශයක්●සැබෑවද AI ද? 76%ක් අන්තර්ජාලයේදී රැවටෙන බව හෙළිවේ●ජනතා හිතවාදී රාජ්‍ය සේවයකට බිලියන 371.8ක ආයෝජනයක්●
Top Ad
පුවත්

මහින්ද 'සීරෝ' කර ගෝඨා 'හීරෝ' වේ !

T

The Leader Desk

August 11, 2019 • 11:59 AM

මහින්ද 'සීරෝ' කර ගෝඨා 'හීරෝ' වේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති අපේක්ෂකත්වය තමාට නොදී සිටීමට බැරිවන ආකාරයට ඔහු විසින්, මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ සොයුරන් බිත්තියටම හේත්තු කරනු ලැබුවේ, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මතුව ආ අන්තවාදී මතවාදය ද තවදුරටත් පෝෂණය කරමිනි.
  • සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනයේ දී එම පෙරමුණේ නායකත්වයට පත් මහින්ද රාජපක්ෂ විසින් ගෝඨාභයගේ නම ප්‍රකාශ කරනවාත් සමගම එතනට පැමිණසිටි පිරිස් විනාඩි ගණනාවක් ඔල්වරසන් දෙමින් ජයඝෝෂා කලහ.
  • අපේක්ෂකයා ලෙස ඔහු නම් කිරීමට පෙර රටේ ජනතාව විසින් ඔහු තෝරාගෙන සිටි බව මහින්ද රාජපක්‍ෂ සම්මේලනය අමතමින් සඳහන් කළේය.
  • තම සහෝදරයා අද පටන් රටේ සහෝදරත්වයට භාර දෙන බවද මහින්ද රාජපක්ෂ එහිදී කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපති අපේක්ෂකත්වය තමාට නොදී සිටීමට බැරිවන ආකාරයට ඔහු විසින්, මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ සොයුරන් බිත්තියටම හේත්තු කරනු ලැබුවේ, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මතුව ආ අන්තවාදී මතවාදය ද තවදුරටත් පෝෂණය කරමිනි.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනයේ දී එම පෙරමුණේ නායකත්වයට පත් මහින්ද රාජපක්ෂ විසින් ගෝඨාභයගේ නම ප්‍රකාශ කරනවාත් සමගම එතනට පැමිණසිටි පිරිස් විනාඩි ගණනාවක් ඔල්වරසන් දෙමින් ජයඝෝෂා කලහ.

අපේක්ෂකයා ලෙස ඔහු නම් කිරීමට පෙර රටේ ජනතාව විසින් ඔහු තෝරාගෙන සිටි බව මහින්ද රාජපක්‍ෂ සම්මේලනය අමතමින් සඳහන් කළේය. තම සහෝදරයා අද පටන් රටේ සහෝදරත්වයට භාර දෙන බවද මහින්ද රාජපක්ෂ එහිදී කියා සිටියේය.

ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවයක් !

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ බලවේගයන්ට නායකත්වය ලබාදීමට තමා සුදානම් බව සම්මේලනය අමතමින් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේය. 

තමාගේ රජයක මුලික කාර්යය රාජ්‍ය ආරක්ෂාව බව ඔහු විසින් අවධාරණය කරනු ලැබුවේ වසර 30ක් හමුදා සාමාජිකයකු ලෙසත්, වසර 10ක් රජයේ ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු ලෙසත් සිදුකළ කාර්යභාරය සිහිපත් කරමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමත් සමග රට පුරා බොහෝ ප්‍රදේශවල රතිඤ්ඤා දල්වා එය සමරනු ලැබීය.
වාසුදේවත් අත් පොලසන් දෙයි !


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කිරීමේ අරමුනින් යුතුව කැඳවා තිබු මෙම සම්මේලනයට ගෝඨාභයට එරෙහිව පසුගිය කාලයේ දේශපාලන විවේචනයන් ඉදිරිපත් කල වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාද එක්ව සිටි අතර ඔහුට මහින්ද රාජපක්ෂගේ තීරණය අනුමත කරමින් අත්පොළසන් දෙනු දක්නට ලැබිණ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කලයුතු බවට පසුගිය මාස කිහිපය පුරාම රටවටා යමින් ජනමතයක් ගොඩනැගු ජාතික චින්තනයේ ආචාර්ය නලින් ද සිල්වා ද මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වී සිටියේය.
Vasu with Gota
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...