කැළනියෙ පෙන්නුම් කරන අපේම මනුස්සයන්ගෙ මෝඩ කමට නිවට කමට, අමන කමට, හිනා වෙන්න, අවමන් කරන්න අපට පුළුවන්ද?

කැලනි විහාරෙන් දෝරෙ ගලෙන නිවට භක්තිය අපේ ප්‍රශ්නයක් මිස බැතිමතා ගේ ප්‍රශ්ණයක් නෙවෙයි. මට අනුව කැලනිය කියන්නේ එක හුඹහක් විතරයි. රට පුරාම මෙහෙම ආගමික හුඹස් දසදහස් ගනනක් තියෙනව. ප්‍රධාන අපේක්ෂකයෝ තුන් දෙනාම මේ හුඹස් වන්දනාවෙ ගියා. කැළනියේ වෙන්නෙ දැනුවත් සැලසුම් සහගතව අමනකම බෙදීමක්.

කැළනියේ ඉතිහාසයට යන්න. පෘතුගීසින් කොල්ලකා විනාශ කරාට පස්සෙ පස්සෙ නැවත මතුවෙන්නෙ 19 වෙනි සියවසේ මැද. නමුත් පෘතුගීසීන් විනාශ කරපු වෙරළබඩ කලාපයේ සියළුම පංසල් වලට කැළණියට ලැබුනු සම්පත් හෝ කීර්තිය ලැබුනෙ නෑ. එයට හේතුව විජේවර්ධන පවුල වගේ ඒජන්සිකාර ධනපතියන් බෙන්තර වනවාසයට, තොටගමු විහාරයට හිටියෙ නෑ.

විජේවර්ධන පවුල සොලියස් මෙන්ඩිස්ට කරපු දේ !

විජේවර්ධන පවුල ක්/ඇලනි විහාරේ පාලනය කරපු එකාධිපති ස්වරූපයට මුල උදාහරනය සොලියස් මෙන්ඩිස්. මේ අපුරු සිත්තරා අවුරුදු 18ක් පලංචිවල දිගාවෙල කැළනියේ චිත්‍ර ඇන්ද. අන්තිමේ ප්‍රධාන පිලිමය පිටුපස චිත්‍රය අඳීන එනකොට ඒ වැඩේ යුරෝපෙන් ගෙනාපු සිත්තරෙකුට පවරල. සොලියස් පින්සල් කඩල කැලනි ඟගට විසි කරල ආයේ කවදාවත් චිත්‍ර නොඅඳින්න තීරණය කරල හලාවත මාදම්පෙට යනව.

ඊලඟට විජේවර්ධන පවුල ලාබාල බුද්ධරඛිත විහාරාධිපති කරනව. ඔහු ලව දේශපාලනය කරවනව. ජාතික භික්ෂු පෙරමුණ හදනව. කැලණියෙ පිංකැටේ එකතුවෙන සල්ලි වලින් 1956 වගේ කාලෙක රුපියල් එක් ලක්ශ පනස් දහසක් වියදම් කරවනව. මෙයින් රුපියල් පනස් දහසක්ම බුද්ධරක්ඛිත වියදම් කරන්නේ විමලා විජේවර්ධන දිනවන්න.

මේ වියදමේ තරම තේරුම් ගන්න පොඩි උදාහරනයක් කියන්නම්. 1956 බන්ඩාරනායක ඡන්දය කරන්න රෝස්මීඩ් නිවස උගස් තියන්නෙත් රුපියල් පනස් දාහකට. එතකොට කැලනි විහාරේ පිංකැටේ දේශපාලනය හිතා ගන්න පුළුවන් නේද?

පස්සේ අගමැති බන්ඩාරනායක මරන්න පිස්තොලයක් ගන්න විහාරාධිපති බුද්ධරක්ඛිත පැලියගොඩ නගරංකාර බොජුන්හල් හිමියෙක් වූ ධර්මදාස හමුවෙනව. එතකොටත් මේ ධර්මදාස මිනිහෙක් මරල හිරේ ගිල්ල ඇවිල්ල ඉන්නේ…! කැලනි විහාරාධිපති බුද්ධරක්ඛිත ට පිස්තොලයක් ගන්න අපරාධකාරයෝ මුනගස්සන්නේ මරදානෙ පොලිසියේ ඉන්ස්පෙක්ටර් නිව්ටන් පෙරේර. නිව්ටන් පෙරේර දෙවෙනි පිස්තොල එකතුව පෙන්වන්න බුද්ධරක්ඛිත ගෙනියන්නේ ප්‍රකට අපරාධකරුවෙකුවූ ඔසී කොරය ලඟට. ඔසී කොරයගෙන් කැලනි විහාරාධිපති සල්ලි දීල පිස්තෝලයක් ගන්නව. ඒක අරගෙන මුදුරාජ වෙලේදී තල්දුවේ සෝමාරාමට වෙඩිතියන්න පුරුදු කරනව. සෙස්ස ඉතිහායට යනව. නමුත් මුල් නඩුවෙ සැකකාරියක වූ විමලා විජේවර්ධන හෙවත් බුද්ධරක්ඛිතගේ ප්‍රකට කැබිනට් ඇමති පෙම්වතිය කිසිම චොදනාවක් නැතුව නිදහස් වෙනව.

කැලනිය අවට බහුතරය වහුම්පුර: එත් පන්සල අයිති ගොවි කුලේට

1970 බලයට පත්වෙච්චි සිරිම බන්ඩාරනායකගේ ආන්ඩුව උපාලි පියට කාර් හදන්න උපාලි විජේවර්ධනට අවසර දුන්නම මුල්ම උපාලි පියට් කාර් එක පුජා කරන්නේ සිරිමගේ සැමිය මරන්න කුමන්ත්‍රණය කරපු කැලනි
පන්සලේ එවකට සිටි නායකයට. කොහොමද කැලනියේ දේශපාලනය….!

එච්චරක්ද.. කැළනිය අයිති ගොවි කුලේ සියම් නිකායට. මුලින් මහනුවර මල්වත්තට. දැන් කෝට්ටේ පාර්ශ්වයට. කැලනිය අවට බහුතරයක් ඉන්නේ දේව හෙවත් වහුම්පුර වංශික ජනතාව. ලංකාවේ ඉන්න රැඩිකල්ම බෞද්ධයෝ. [ඥාණසාර ගේ කුලය]

ඔවුන් තමා 1880 ගන්නවල කොටහේන කතොලික බෞද්ධ ගැටුමේදී වනවාසල ඉඳල පෙරහැරින් ඇවිත් කතොලිකයන් සමඟ මරා ගන්නේ. 1905 අනුරාධපුර බෞද්ධ කොලාහලෙදීත් ගැටුමේ නායකත්වය ගන්නේ වනවාසලින් ගිය පිරිසක්. මේ කැලනියේ වනවාසලලින් තමයි 1915 බෞද්ධ මුස්ලිම් කොලාහයටත් පෙලපාලියකින් ඇවිත් කොළඹ මුසොල්මානුවන්ට ගහන්නේ. ඔවුන්ට උපකාර කිරීමේ වරදටයි වහුම්පුර වංශික හෙන්රි පෙදිරිස් මර්ශල් නීතිය යටතේ සුද්දෝ වෙඩිතියල මරන්නේ. නමුත් මේ බෞද්ධයන්ට කැලනි විහාරෙදි පුළුවන් වන්දනාමාන කරන්න විතරයි. මහනකම දායක ස්භාවේ නායකත්වය, නිලමේ කම් තහනම්.

ලිබරලුන් සමාජාදී හිටියෙ කොහේද?

මෙබඳු පංසලක් ස්වකීය බැතිමතුන්ට අවුරුදු 150 ට අධික කාලයක් වෙනස්කම් කරන කල් අපේ ලිබරලුන් සමාජාදී හිටියෙ කොහේද? ඒ කාලයේ මේ මෝඩ අහිංසකයන් වෙනුවෙන් කතා නොකරපු කොසිම කෙනෙකුට උන්ට හිනාවෙන්න අයිතියක් නෑ. පොලිමේ නාගධාතු වඳින මේ අසරනයන්ට ගලක් ගහන්න පුළුවන් උන් මේ පල්වලෙන් ගොඩගන්න උත්සාහකරපු එවුන්ට විතරයි..

 

පුර්වාපර සන්ධි ගැලපීම

# පැලියගොඩ ධර්මදාස පසුව නවලෝක ධර්මදාස නම් දේශපාලන ව්‍යාපාරිකයා වුනේය.

# විමලා විජෙවර්ධන ගේ එක් මස්සිනා කෙනෙක් ජේ.ආර්. ජයවර්ධන නමින් දේශපාලනයේ යෙදුනේය.

# ඇයගේ මුනුපුරෙක් රනිල් වික්‍රමසිංහ නමින් දේශපාලනයේ යෙදෙන්නේය.

# උපාලි විජේවර්ධනනම් ඇගේ ඥාති පුතෙක් උපාලි පියට් කර්මාන්ත ශාලව මෙන්ම දිවයින හා අයිලන්ඩ් නමින් පුවත්පත් ද පටන් ගත්තේය.

# පසුකලෙක වනවාසල හා කැලනියේ චන්දවලින් සිරිල් මැතිව් නම් දේව වංශික නායකයා දේශපාලනයේ යෙදී කැබිනට් ඇමති තනතුරු දැරුවේය.

# මේ විජේවර්ධන පවුලේ ආරම්භකයා මුල්ම ව්‍යාපාරය වූයේ කොළඹ එකල තිබූ බාල්දි කකුස්සි ඓංදීය කම්කරුවන් ලව එකතු කිරීමය….!]

(නන්දන වීරරත්න 15/11/2019)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නන්දන වීරරත්නගේ FB පිටුවෙන් උපුටා ගැනිණ

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්