The Leader News
BREAKING
Top Ad
Opinion

''තවදුරටත් රන්ජන්ට ගොන්ජා කීමෙන් මඤ්ඤං වන්නේ අපිමයි'' -Dhananjaya Karunarathne

T

The Leader Desk

January 22, 2020 • 7:46 AM

 ''තවදුරටත් රන්ජන්ට ගොන්ජා කීමෙන් මඤ්ඤං වන්නේ අපිමයි'' -Dhananjaya Karunarathne

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රන්ජන්ට සහයෝගය දීම ගැන...
  • පවතින තත්වයට අනුව එය හුදෙක් ඡන්ද ක්‍රමයෙන් වත් වෙනස් කළ නොහැකි බවයි අපිට පැහැදිලි වෙලා තියෙන්නේ.
  • දැන් ඉතා පැහැදිලිව පෙනෙන පරිදි මෙතැන් සිට මේ දූෂිත දේශපාලන විශ්වයම කැරකෙන්නේ රන්ජන් කේන්ද්‍ර කරගෙනයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තක්කඩි දේශපාලකයින් විසින් රට හදනවා නමින් මතුපිටින් පාට ගාලා පෙන්වන සටීරියොටයිප් සංදර්ශන වලට යටින් තියෙන්නේ දේශපාලකයින් තමන්ට උවමනා දේවල් කරගැනීම සඳහා ජනතාව හා මුළු නිල ආයතනික පද්ධතියම ද සම්බන්ධ කරගනිමින් ඕනෑම අශිෂ්ඨ වැඩක්, චරිත ඝාතනයක්, හොරකමක්, බොරුවක්, වංචාවක් සාධාරණය කරගෙන ඉන්නට සූදානම් වැසිකිළි වළක් වැනි පල්වී කුණු වී ගිය තැනක්. 

අන්න ඒ වැසිකිලි වළට එහිම ඉපදී ඇඳ වැටී සිටින ජනතාවට පොත්වලින් දේශනාවලින් ශාස්ත්‍රීය ප්‍රකාශවලින් කල් තියා කොයිතරම් කීවත් පැහැදිලි කරන්න අමාරු කාරණයක් තමයි පූජකයින්, දේශපාලකයින්, ප්‍රභූවරුන් හා මාධ්‍ය ඇතුලු සියලු ගෞරවනීය චරිත ඔවුන්ව පාසැල් විශය මාලාවේ සිට බුදු බණ දක්වා යොදා ගනිමින් උපතින්ම කොයිතරම් නොමඟ යවලා තියෙනවද කියන එක. 

මිනිස්සු විශ්වාස කරන රජය, ‌ බොහෝ පූජකයින්, කලාකරුවන්, කුඩුකාරයින්, ස්ත්‍රී දූෂකයින් විවිධ ජාවාරම්කරුවන් හා ‘ත්‍රස්තවාදීන්’ මෙන්ම බොහෝ දේශපාලන පක්ෂ ද එකිනෙකා සහයෝගයෙන් යැපෙනවද ආරක්ෂා කරගන්නවා ද කියන එකත් අවසානයේ ඔවුන් ඔක්කොම ජනතාව ගොනාට ඇන්දවීම සම්බන්ධයෙන් එක ගොඩක් කියන එකත් මිනිස්සු සාමාන්‍යයෙන් තේරුම් ගන්නා සීමාවෙන් බොහෝ එහා තියන බව ඔවුන් දන් නෑ. 

එක මට්ටමකින් එහාට මේක හෙළිදරව් කරන්නට කිසිම කෙනෙක් යන්නේ නැත්තේ බොහෝ විට ඊට පස්සේ ගිය එකාට ජීවිතෙන් වන්දි ගෙවන්නට වෙන නිසායි. නැත්නම් ජනතාව ඉදිරියේ කොන් කර නිතර නඩුහබ වලට පටලවමින් ඔහුව අනාථ කරදමන නිසායි. 

ඒ තරමට ඒ දූෂිත ව්‍යුහය බලවත් හා සංවිධානාත්මකයි. පවතින තත්වයට අනුව එය හුදෙක් ඡන්ද ක්‍රමයෙන් වත් වෙනස් කළ නොහැකි බවයි අපිට පැහැදිලි වෙලා තියෙන්නේ. අප දන්නා තරමින් මේ තාක් ශ්‍රී ලංකාවේ එතනට බෝම්බ ගහන්න කිසිම ඒකෙක් ගියේ නෑ.

text 2020. Ranjaරන්ජන් තමන්ගේ ජීවිතය ගැන පවා නොසලකා ඒ සියලූ සීමාවන් ඉක්මවා යමින් බෝම්බ ගැහැව්වෙ හරියටම ගහන්න අවශ්‍ය තැනටයි . ඔහුගේ ප්‍රවේශයේ වැදගත්කම එයින් මේ රට හෙට වෙනකොට පින්ලන්තයක් වෙනවද නැද්ද කියන එක නෙමෙයි. ඒ දූෂිත ක්‍රමය අර්බුදයට යවන්නටත් එය පතුලටම යනකන් එළිදරව් කරන්නටත් ඊට පුළුවන් නිසයි. 

එළිදරව් කිරීම තමයි අපට කරගන්න අමාරුම කොටස වෙලා තිබුනේ. ඉන්පසු කුමක් ද කළ යුත්තේ කියන එක ඉන්පසු කාරණයක්. දැන් ඉතා පැහැදිලිව පෙනෙන පරිදි මෙතැන් සිට මේ දූෂිත දේශපාලන විශ්වයම කැරකෙන්නේ රන්ජන් කේන්ද්‍ර කරගෙනයි. ඊළඟට ඔවුන් ගන්නා තීරණ, නිලතල හා ආයතන වෙනස් කිරීම්, පුද්ගල භාවිතයන් සහ ස්ත්‍රී පුරුෂ සම්බන්ධකම් ආදී සියල්ල රන්ජන්ට ප්‍රතිචාර දැක්වීමක් හෝ ඔහුගේ එළිදරව් වීමට මුහුණදීමට සිදුවීම නිසා ඇති කරන තත්ත්වයන් බවට පත්වෙමින් යනවා. 

එය මුළු රටටම බලපාන අතර එයින් හිතාගන්න පුළුවන් රන්ජන්ගේ බලපෑමේ බරපතළකම. ඒ නිසා තව දුරටත් රන්ජන්ට ගොන්ජා කීමෙන් මඤ්ඤං වන්නේ අපිමයි!

මෙහි ප්‍රතිඵලය බොහෝ විට රන්ජන්ගේ ජීවිතය ඝාතනය වීමකින් අවසන් වීමට ඉඩ තිබීමයි. කෙසේ හෝ ඊළඟට රන්ජන් හිරෙන් එළියට ඒම හෝ ඊළඟ මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුව ඇතුලට ඒම වැළැක්වීම ඔවුන්ගේ අරමුණයි. 

Ranja text 2020 12ඒ නිසා අප කළ යුත්තේ මේ මොහොතේ අප වෙනුවෙන් සත්‍ය කතා කරමින් මේ ක්‍රමය අර්බුදයට යැවීමට ඉදිරිපත් වී ඇති මනුස්සයාට හැකි පමණින් සහයෝගය දී ඔහුව ආරක්ෂා කර ගැනීමයි. ඔහුගේ අඩුපාඩුද සත්භාවයෙන් විවේචනය කර පෙන්වා සහයෝගය දීමයි. තවත් රන්ජන් සේ කතා කිරීමට අය ඉන්නවානම් ඔවුන්ද රන්ජන්ගේ කඳවුරට එකතුවීමට සැලැස්වීමයි. 

අප කරන්නෙ රන්ජන්ව බොරුවට උඩ දැමීම නෙමේ, ඔහු කරනා හරිදේට සහයෝගය දෙමින් ඒ වෙනුවෙන් ඔහුව ආරක්ෂා කිරීමයි.

අවම වශයෙන් ඒ රන්ජා කරන වැඩේ කරන්නට යන්නට ඊට වඩා උගත් වැදගත් ක්ලීන් මහත්මයෙක් කවදා හරි කොන්දක් කුලියට අරන් හෝ එනකන්!

(ධනජය කරුණාරත්නගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...