BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
Opinion

මහා මැතිවරණය කල් යයි ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

October 28, 2024 • 10:10 AM

මහා මැතිවරණය කල් යයි ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඡන්දය කල් යයි ද? බොහෝ දෙනාට ඇති ප්‍රශ්නය යි.
  • පනතට අනුව නම්, ඡන්දය පැවැතිය යුත්තේ දින 52 කින් පසුව දවසකය.
  • නීතියේ නාම යෝජනාවෙන් සති පහකින් පසුව පමණක් ඡන්දය පැවැත්විය යුතු බවය.
  • සති පහකට දවසක් අඩු දිනක් ගැසට් වී ඇති බව ගැසට් එකට දුටු මොහොතේම මම කීවෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):

ව්‍යවස්ථාවේ ද, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ද, ආකාරයට දින ගණන් කළ විට මහා මැතිවරණයට දින දී ඇත්තේ 51 වන දිනයේ බව මෙයට පෙර ලියා ඇත. පනතට අනුව නම්, ඡන්දය පැවැතිය යුත්තේ දින 52 කින් පසුව දවසකය. නීතියේ නාම යෝජනාවෙන් සති පහකින් පසුව පමණක් ඡන්දය පැවැත්විය යුතු බවය. සති පහකට දවසක් අඩු දිනක් ගැසට් වී ඇති බව ගැසට් එකට දුටු මොහොතේම මම කීවෙමි. සටහන් කළෙමි.    

නමුත්, ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පහක් - හයක් ඇතත්, ඔවුන් කිසිම කෙනෙක් තවම මේ ගැන වචනයක් කියා නැත. එවුන් කතා නොකරන්නේ, ගැසට් එක නිවැරදි නිසා විය යුතුය.   

 


මැකෝ මහින්ද දේශප්‍රිය ද, හිටපු නි.මැ.කෝ මොහොමඩ් ද දුරකතනයෙන් කීවේ ගැසට් එක නිවැරදි බව ය. හිටපු මැතිවරණ කොමසාරිස්තුමා,  ‘‘එතුමා උපදේශක ලෙස කටයුතු කරන නිරීක්ෂණ සංවිධානය තහනම් කරනවා බයේ එතුමා එසේ කියන්නේ දැයි මම ඇසුවෙමි‘‘. අම්බලන්ගොඩයෝ එහෙම බයත් නැති බව අපේ හිත හොඳ චන්ඩියා කියයි.

මැකොජ සමන් ශ්‍රී රත්නායක දෙරණට ඇවිත් මේ ගැන කතා කරන්නට කෙලින්ම ‘නාම යෝජනා අවසන් වෙච්ච දවසේ ඉදලා දින සිට දින 35 ක් හෝ 49 කින් ඡන්දය පැවැත්විය යුතු යැයි යැයි කෙලින්ම කීවේය. ගැසට් පත්‍ර යෙන් 52 දින සහ 66 වන දිනය අතර දිනයක, ඡන්දය පැවැත්විය යුතු බව ඔහු කියයි. මේ කතාව ඇත්ත නම්, නාම යෝජනා අවසන් වූ දින සිට ඡන්දය පැවැත්වීමට යෝජිත නොවැ. 14 ට ඇත්තේ දින 34 කි. යෝජිත දිනයට නාමයෝජනාවේ සිට ඇත්තේ දින 51 කි. (ඔබත් ගණන් කර බලන්න.) ප්‍රශ්නය ඇත්තේ එතැනය.

 



දවස් 51 – 52 වෙනසක් නැතැයි සමහරු කියති. මට පුද්ගලිකව නම්, දවස් 49 න් තිබ්බත්, දවස් 50 තිබ්බත් වැඩි වෙනසක් නැත. නිදහස් හා සාධාරණ මැතිවරණ අඩු මාසයෙන් ඉපදිය යුතු නැති, කිරෙන් බාල විය යුතු ද නැති පාරමිතාවක් බව මම දැඩිව විශ්වාස කරමි. එය නීතියට අනුකුලවම විය යුතුමය. යම් හෙයකින්, මැතිවරණ දිනය වෙනස් කරන්නට බලධාරීන් තීරණය කරන්නේ නම්, 1982 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (3) වගන්තිය අනුව කටයුතු කරමින්, නව දිනය සහිත අලුත් ගැසට් පත්‍රයක් මුදුණය කළ යුතුය.


අවුල සරලව

ජනාධිපතිගේ ප්‍රවේශය සහ සංදර්ශන දේශපාලනය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ජනාධිපතිතුමා, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වගන්තිය යටතේ, සැප්. 24 දින අංක 2403/13 දරන ගැසට් නිවේදනයෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැර, ඔක්. 4 සිට ඔක්. 11 දක්වා නාමයෝජනා බාර ගන්නට නිවේදනය කළේය. එහි නිත්‍යානුකුල බවට තර්කයක් නැත. එතුමාගේ නිවේදනයේ, ඡන්දය පැවැත්වෙන දිනය ලෙස නොවැ. 14 දින නිවේදනය කළේය. පනතට අනුව, නාම යෝජනා අවසන් දිනයේ සිට ඡන්දය පැවැත්වෙන දිනට අවම වශයෙන් සති පහක් වත් පැවතිය යුතුය. දැන් ඔබ ඔබේ ක්‍රමයකට ගණන් කරන්න. ඔක්. 11 දින සිට සති 5 ක් ගෙවෙන්නේ නොවැ. 14 දිනට ද? නැතිනම්, නොවැ. 15 දිනට ද?

මේ සමඟ අමුණා ඇති කැලැන්ඩරයට අනුව නම්, සති පහ ගෙවෙන්නේ, නොවැ. 15 යි.  බොහෝ දෙනා මැතිවරණය කල් දමනු ඇතැයි සිතන්නේ ඒ නිසාය. විමසන්නේ ද ඒ නිසාය. අවුලකට තියෙන්නේ, නොවැ. 15 පෝය දිනයකි.  නිවාඩු පනතට අනුව, පෝය දිනක ඡන්දය තියන්නට බැරි බව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ලියවී ඇත.

හරි අපි එහෙනම්, නොවැ. 16 ඡන්දය තියමුද? ලංකාවේ ඡන්ද මධ්‍යස්ථාන රැසක් පන්සල්වලවල ස්ථානගතය. ඡන්ද මධ්‍යස්ථානය මැතිවරණ නිලධාරීන් අතට බාර දෙන්නට පෝය දවස නිසා බැරිය.ඊලඟ දවසේ එනම්, නොවැ. 17 ඉරිදා ද නිවාඩු පනතට අනුව ඡන්දය තියන්නට බැරිය. උසස් පෙළ විභාගය නොවැ. 25 පටන් ගත යුතුමය. නොවැ. 23 වන විට විභාග ශාලා, විභාග දෙපාර්තමේන්තුවට පාසල් බාර දිය යුතු නිසා එදිනට ද ඡන්දය බැරිය.  දැන් ඡන්දය නිත්‍යානුකුලව තියන්න නම්, නොවැ. 18 සිට 22 දක්වා දිනයක් තෝරා ගත යුතුය.

ලංකාවේ එදා මෙදා තුර ඡන්ද පවත්වා ඇත්තේ, ව්‍යවස්ථාව, මැතිවරණ පනත සහ කේන්දර ග්‍රහචාරයට අනුව ය. කේන්දර බලන අය, කියන්නේ ඒ ආසන්නයේම මොකක්දෝ ග්‍රහ මාරුවක් ද ඇති බව ය.

 

මහ මැතිවරණය නොවැම්බර් 19, 20, 21 දින තුනෙන් එකක?
මම සැප්. 24 දින මේ ගැන ලියා ඇති සටහන පහතින් අමුණමි. එහි ද මම පැවසූවේ, නොවැ. 22 ට ආසන්න දිනක ඡන්දය පැවැත්වෙනු ඇති බව ය. විභාගය නිසා එය නොවැ. 20 විය වනු ඇතැයි එමගින් ඉඟි කළෙමි. එම සටහන මිලියනකට වැඩි පිරිසක් පරිශීලනය කර තිබුණි. ජනාධිපති ගැසට් පත්‍රය පළ කළ විට, මේ අය මට කීචොක් කළෝය. මම අතේ ඇඟිලි ද, කකුළේ ඇඟිලි ද, පරිගණක ද, නියපොතු ද කපමින්, කඩමින් ගණන් හැදුවෙමි. (කැලැන්ඩරයක සති 5 සටහන් කරන අයුරු කමෙන්ට් තීරුවේ ඇත) 

මේ ගැන පුරවැසියෙකු ලෙස, දැනුම් දිය යුතු ඉහළම තැන්වලට ද, ආයතනවලට ද කීවෙමි. වරදක් දුටු විට එය නිවැරදි කිරීම, සාමාන්‍ය සිරිතයි. ආණ්ඩුව ගැසට් රිවස් කිරිල්ලට අලුත් දෙයක් නොවේ. නීති විරෝධී දෙයක් කරනවාට වඩා එය ශිෂ්ඨ ක්‍රමය යි.

හරි හරි දැන් ඡන්දය කවද්ද?

ව්‍යවස්ථාවට අනුකුලවත්, පනතට අනුකුලවත් රටේ සංස්කෘතික ආගමික සාධක ද ගරු කරමින්, නොවැ. 18 සිට 22 දක්වා දවසක පවත්වා සුදුසු දවසක පාර්ලිමේන්තුවට රැස් කර කතානායකවරයෙකු/කතානායකවරියක පත් කර ගන්නේ නම් කිසිදු ප්‍රශ්නයක් නැත. ගැසට් නිවේදනය රිවස් කිරීමෙන්, එය පහසුවෙන්ම කළ හැකිය.


අගමැති සටන තියෙන්නේ හරිනි සහ සජිත් අතර - (රජිත් කීර්ති තෙන්නකෝන්)(රජිත් කීර්ති තෙන්නකෝන්) 
හිටපු විධායක අධ්‍යක්ෂ 
කැෆේ (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය )
rajith_tennakoon@yahoo.com

සබැඳි පුවත් :

මහ මැතිවරණය නොවැම්බර් 19, 20, 21 දින තුනෙන් එකක?

මහ මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම නොවැම්බර් 04දා සලකා බලයි

ලබන 14 වැනිදා ඡන්දය පැවැත්වීම ව්‍යවස්ථාවට පටහැනියි ! - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මහ ඡන්දය කල් යන ලකුණු ! – (සුනිල් කන්නන්ගර)

මැතිවරණ දිනය වැරදියි !- හරි නම් නොවැම්බර් 15 හෝ ඉදිරි දිනයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...