The Leader News
BREAKING
Top Ad
Opinion

නාමල්: අපවාදයේ කුමාරයා | මහේෂ හපුගොඩ

T

The Leader Desk

February 13, 2025 • 3:30 PM

නාමල්: අපවාදයේ කුමාරයා | මහේෂ හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ආරක්ෂාකාරී හැඟීම දරුවකුට වැදගත්.
  • ඒ හොඳ සහ නරක ඇතුලේ තමයි දරුවක් - විශේෂයෙන් පිරිමි දරුවෙක් - එයාගේ විශ්වය නිර්මාණයකර ගන්නේ.
  • ජෝඩන් පීටර්සන් කියනවා සමහර පියාගේ ක්‍රියා ඇතුලේ දරුවෙක් 'වැනසෙන්න' පුළුවන් කියල.
  • | පියාගේ සමහර ක්‍රියා ඇතුලේ දරුවෙක් 'වැනසෙන්න' පුළුවන් - ජෝඩන් පීටර්සන් මහින්ද රාජපක්ෂ කියන පියාගේ දේශපාලනය කියන්නෙත් මේ හොඳ සහ නරක දෙකම අයිති එකක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ආරක්ෂාකාරී හැඟීම දරුවකුට වැදගත්.

නමුත් පුතෙක් යටිහිතින් පාර්ථනාකරනවා ''අනේ මොනවා හරි දෙයක් මගේ ජීවිතේට උනානම් කොච්චර හොඳද'' කියල. ඉතින් ආරක්ෂාකාරී මවක් වගේ නෙවෙයි පියෙක්. පියා කරන දේවල් වලින් දරුවෙක්ට ගොඩක් දේවල් වෙන්න පුළුවන්. හොඳ වගේම නරක යන දෙකම.

ඒ හොඳ සහ නරක ඇතුලේ තමයි දරුවක් - විශේෂයෙන් පිරිමි දරුවෙක් - එයාගේ විශ්වය නිර්මාණයකර ගන්නේ. ජෝඩන් පීටර්සන් කියනවා සමහර පියාගේ ක්‍රියා ඇතුලේ දරුවෙක් 'වැනසෙන්න' පුළුවන් කියල.

sdfge| පියාගේ සමහර ක්‍රියා ඇතුලේ දරුවෙක් 'වැනසෙන්න' පුළුවන් - ජෝඩන් පීටර්සන්
මහින්ද රාජපක්ෂ කියන පියාගේ දේශපාලනය කියන්නෙත් මේ හොඳ සහ නරක දෙකම අයිති එකක්. මේ හොඳ සහ නරක දෙකම නිසා ඒ පවුල සහ ඔහු එක්ක දේශපාලනය කරපු අය වැනසුනා කියලත් කියන්න පුළුවන්.  

එක්තරා මොහොතක අරගලය එක්ක පොහොට්ටුවේ සියල්ල වැනසුනා කියල කියන්න පුළුවන්. ගොඩක් දේවල් අඟුරු සහ අළු බවට පත්උණා. ඒකට පොහොට්ටුවේ අයටත් වගකීමක් තියනවා.

නාමල් මතුවෙන්නේ ඒ විනාශ වෙච්ච අඟුරු වලින්. ඔහුට ඔහුගේ විශ්වය නිර්මාණය කරන්නේ වෙන්නේ ඒ විදියට.

ඔහුට ඉන්නේ සංකේත තලයක ගත්තම තමාට ඉක්මවන්න බැරි තරම් හොඳ නරක දෙකම දරාසිටින පියෙක්. මහින්ද යුද්දය ඉවර කරනවා. හැබැයි ආර්ථික යුද්දය ඔහුට ඉවර කරන්න බැරිවෙනවා. ඒ නිසාම ඒ සියලු දේශපාලනය අර්බුදයට යනවා.

නාමල්ට සිදුවෙනවා ඒ නො-අවසන් බරට කර තියන්න. සියල්ල නැවත පටන්ගන්න. නැවත නිර්මාණය වෙන්න. සියලු අපවාද වලට මුහුණ දෙන්න.

අනික් කිසිම කෙනෙකුට වඩා නාමල්ට පටන්ගන්න වෙන්නේ 'අපවාදයේ කුමාරයා' හැටියට. ඒ විදියට පටන්ගන්න ගමන ඔහු අවසන්කරන විදිය ලංකාවට වැදගත් වෙයි.

සමහර විට වෙන කිසිම කෙනෙක් අවසන් නොකරපු විදියට ඔහුට අවසන් කරන්නත් පුළුවන් වෙයි. ඒ අපවාදයෙන් එන පන්නරය එක්ක.

Mahesh Hapugoda(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...