BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
Opinion

පුංචි කෙල්ලෙක් ලියපු සමලිංගික කතාවක් - මෝහා

T

The Leader Desk

February 23, 2025 • 5:10 PM

පුංචි කෙල්ලෙක් ලියපු සමලිංගික කතාවක් - මෝහා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට ටික දවසකට කලින් මට අනීෂා (ගෙලාන් පොත ලියපු යෙහෙළිය) කෝල් එකක් දුන්නා.
  • මොකද මට ඕන නෑ තව ගෑනියෙක් ජීවිත කාලෙම මගේ නම මතක් කර කර සාප කරනවා දකින්න’ ඒ කාන්තාව කතා කරපු වචන ටික ගැන ඇතිවුනේ ලොකු ගෞරවයක්.
  • මේ තරම් විවෘතව, තමන්ගේ ජීවිතය ගැන කියන්න ගෑනියෙකුට පුළුවන් වෙන අවස්තා දකිද්දි ඇතිවෙන්නෙ ඇස්වලට කඳුළු එන තරමෙ ආදරයක්.
  • මේ කාලෙදි ඒ කියන්නෙ මං මේ පොත ලියන කාලෙදි ටික්ටොක්වල ට්‍රෙන්ඩ් එක තමයි සමලිංගික කියන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):


‘චින්තන ඔයා‍ට ආරාධනාවක් කරන්න කතා කලේ. අවුරුදු පහලොවක පොඩි දුවෙක් ඔයාගෙන් ඉන්ස්පයර් වෙලා පොතක් ලියලා තියෙනවා. ඒක සමලිංගික කතාවක්. ඒ පොත එලිදැක්වීමට ඔයාට කතා කරන්න එයා නොම්මරේ ඉල්ලුවා’ අනීෂා මට කිව්වා.

මං ප්‍රීතියෙන් පිනා ගියා. තව කෙනෙකුට, විශේෂයෙන් අවුරුදු පහලොවක කෙල්ලෙකුට ලියන්න ඉන්සිපිරේෂන් එකක් වෙන්න පුළුවන් නම් කොයිතරම් සතුටක්ද?

පස්සෙ ඒ ‘දුව’ මට කතා කළා. එයාගෙ අම්මත් කතා කළා. පවුලම එකතු වෙලා සමලිංගික පොතක් එළිදැක්වීම කියන්නෙ මොන වගේ මංගල්ලයක්ද කියල දන්නෙ නැතුව අද ඉරිදා උදේ මං ජාතික පුස්තකාලෙට ගියා.

පුංචි කෙල්ලෙක් ඇවිත් මාව බදාගත්තා. ඒ තමයි බිනාකා. පොතේ නම ‍මෝහා.

අම්මයි තාත්තයි ආච්චියි ඔක්කොමල්ලා එකතු වෙලා මේ පුංචි කෙල්ලගෙ සමලිංගික නවකතාව එලිදක්වන්න උත්සවයක් ලෑස්ති කරලා. මගුල් ගෙදරක වගේ මල් සැරසිලි මැද ලේඛිකාව ඉඳගෙන ඉන්නවා. අම්මා සභා‍ව මෙහෙයවනවා. ආච්චි සිංදු කියනවා. ඒක හරිම අසිරිමත් උළෙලක්.

බිනාකාට වැඩියෙන්ම ආදරේ කරනවා කියල කාන්තාවක් වේදිකාවට ආවා. අවාසනාවට මට එයාගෙ නම මතක නෑ.


‘මේ ලෝකෙ ගෑනියෙක් මොකක්ම හරි සමාජයේ තැනකට ඇවිත් තියෙනවා නම් එයා ‘ට්‍රැක්’ පැනපු ගෑනියෙක්. සමාජයේ ‘ට්‍රැක්’ එකේ ගිහින් ගෑනියෙකුට කිසිම විදිහකින් තැනකට එන්න බෑ. මං මගේ පුතාට ඉතාම දරදඩු විදිහට සීමා පනවන අම්මා කෙනෙක්. මොකද මට ඕන නෑ තව ගෑනියෙක් ජීවිත කාලෙම මගේ නම මතක් කර කර සාප කරනවා දකින්න’


ඒ කාන්තාව කතා කරපු වචන ටික ගැන ඇතිවුනේ ලොකු ගෞරවයක්. මේ තරම් විවෘතව, තමන්ගේ ජීවිතය ගැන කියන්න ගෑනියෙකුට පුළුවන් වෙන අවස්තා දකිද්දි ඇතිවෙන්නෙ ඇස්වලට කඳුළු එන තරමෙ ආදරයක්.

මේ පොත එළිදැක්වීම මට දැනුනෙ ස්ත්‍රී කැරැල්ලක් විදිහට. ඒක තනිකරම ස්ත්‍රී ආධිපත්‍යයට නතු වුනු වේදිකාවක්.

‘සමලිංගික අයිතීන් වෙනුවෙන් පොතක් ලියන්න හිතුනෙ bitter lips කියෙව්වට පස්සෙ. ඍතුට වගේම මං අරුන්දකටත් ගොඩක් ආදරේ කළා. හැබැයි ඊට වඩා මං අබූට ආදරේ කළා. අබූ නම් සමලිංගික නෙමෙයි. හැබැයි ඍතුයි අරුන්දකයි නම් සමලිංගික.

මේ කාලෙදි ඒ කියන්නෙ මං මේ පොත ලියන කාලෙදි ටික්ටොක්වල ට්‍රෙන්ඩ් එක තමයි සමලිංගික කියන්නෙ. මමත් හැමවෙලේම ටික්ටොක් ඇක්ටිව් හින්ද මට ගොඩක් gay අයව හම්බුනා. මරුම වැඩේ කියන්නෙ සමලිංගික අය ගැන කතා කරන මේ කාලෙ අපේ ස්කූල් එකේ කෙල්ලො දෙන්නෙක්ව සස්පෙන්ඩ් වුනා. හේතුව ලිප්කිස් කරලා අහුවුන එක. එක කෙල්ලෙක් පංතියෙ පළවෙනියා. අනිත් කෙල්ල හත්වෙනියා. දෙන්නම හොඳම දහදෙනා අතර. පුදුම වෙන්න දෙයක් නෑ. පංතියෙ පළවෙනියා වෙන එකයි, සමලිංගික වෙන එකයි අතර සම්බන්ධයක් නෑ. පංතියෙ පළවෙනියා වෙනවා කියන්නෙ ටැලන්ට් එකක්. සමලිංගික කියන්නෙ ෆීලීන්ග් එකක්’


බිනාකා යශෝදි දේවි-

srt345f

මං බිටර් ලිප්ස් ලිව්වෙ පවුල කියන ආකෘතියට විරුද්ධව. ඒත් බිනාකාගෙ පොතත් එක්ක මං දැක්කෙ පවුල කියන එක  නැවත දරුවෙකුගේ  ලිංගිකත්වය, විවෘතභාවය පිලිගන්න පුළුවන් තරමට විශාල වෙලා තියෙන හැටි. අම්මලා තාත්තලා ආච්චිලා ඔක්ක‍ොම එකතු වෙලා විවෘත ලිංගික ප්‍රකාශනයක් සමරන්න පුළුවන් තරම් ඉඩක් නිර්මාණය කරගෙන තියෙන හැටි.

‘මං ලේඛිකාවක් කියලා මං කියන්නෙ නෑ. එක පොතකින් ලේඛිකාවක් වෙන්න බෑ’ බිනාකා කිව්වා. මට අනුව නම් ලිවීම තමන්ගේ ආස්වාදය කරගත්ත හැම කෙනෙක්ම ලේඛිකාවක්. පොත් කීයක් ලිව්වද, ඒ පොත් කීදෙනෙක් කියෙව්වද කියන එක අදාලම නෑ.  අවුරුදු පහලොවකදි මේ වගේ පොතක් ලියලා ප්‍රකාශයට පත් කරනවා කියන්නෙ ලේඛිකාවකට වඩා විශාල පෙනී සිටීමක්. පතෝල ලේඛිකාවො ඕන තරම් රටේ ඉන්නවා.

කවදා හරි මං පොත් ලියන අඩිපාරෙ යන්න බිනාකා බලාපොරොත්තු වෙන බව කිව්වා. මං ඊට කලින් එහෙම වචන අහලා තිබුනෙ නෑ. අම්මා කෙනෙක් සහ දුවෙක් රටේ අපවාදිතම ලියන්නාගේ පාර තෝරගන්නවා කියන්නෙ ඒක මට පුදුමයක්. ඉරිදා උදේ එහෙම පුදුමයක් ආස්වාද කරන්න අවස්ථාවක් ලබාදීම ගැන බිනාකාටත්, අනිත් හැමෝටමත් හිසනමා ආචාර කරනවා.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...