The Leader News
BREAKING
Top Ad
Opinion

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

March 7, 2025 • 7:59 AM

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි අරමුණ වුණේ රනිල්, මහින්ද, ගෝඨාභය වැනි හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව ජනප්‍රිය ප්‍රබන්ධ මත පදනම් වී ශ්‍රී ලංකා රාජ්‍යයට අලුත් වටයකින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම.
  • ඔහුගේ බලවේගය සිංහල බෞද්ධ ගොවිගම ප්‍රභූ ආධිපත්‍යයට දැඩි ලෙස විරුද්ධ එකක්.
  • එහි කාදිනල් ගැන සඳහන් වෙන මොහොත ඉතා වැදගත්.
  • ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහි බලවේගයක් නෙමෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි අරමුණ වුණේ රනිල්, මහින්ද, ගෝඨාභය වැනි හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව ජනප්‍රිය ප්‍රබන්ධ මත පදනම් වී ශ්‍රී ලංකා රාජ්‍යයට අලුත් වටයකින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම.

එහිදී රනිල් වික්‍රමසිංහ ඉතා රාජ්‍ය තාන්ත්‍රික විදියට ශ්‍රී ලාංකික ජාතිකවාදී පදනමකින් එයට මුහුණ දුන්නා. රාජ්‍යයේ අඛණ්ඩතාව වෙනුවෙන් වගකීමෙන් යුතුව පෙනී සිටියා.

මේ සම්මුඛ සාකච්ඡාවෙන් රනිල්ට අවමන් කරන්නට උත්සාහ කරන ලාංකිකයන් අවසානයේදී සිටගන්නෙ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි ව්‍යාපෘතියට.

 

අනුර රනිල් එකතුවෙනවා නම් මරු! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයෙන් යුත් රාජ්‍යයක්. අනුර කුමාර දිසානායක ජනාධිපති පදවියට පත්වන්නෙ කලින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පූර්ණ අනුග්‍රහයෙන්. ඒත්, පක්ෂය අභ්‍යන්තරයේ පවා ඔහු ඉන්නෙ අවදානමක. ඔහුගේ බලවේගය සිංහල බෞද්ධ ගොවිගම ප්‍රභූ ආධිපත්‍යයට දැඩි ලෙස විරුද්ධ එකක්.

අල් ජසීරා ප්‍රහාරය එල්ල වෙන්නෙ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ සැසිවාරය පැවැත්වෙන අතරතුර. මීට කලින් චැනල් ෆෝ වගේ ආයතනත් ප්‍රහාර සඳහා පාවිච්චි කළේ මේ වකවානුවම තමයි.

මේ සම්මුඛ සාකච්ඡාව අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් එකක්. රනිල් ඒක හොඳට කරනවා. ඒ නිසා තමයි, ලංකාවෙ ප්‍රසිද්ධ බොරු මත පදනම් වෙලා හසන් රනිල්ට පෞද්ගලික ප්‍රහාරයක් එල්ල කරන්නෙ. අනුර වුණත් මේක මේ විදියටම තමයි කරන්නෙ. ඒත්, ඔහුට භාෂා බාධකයක් තියෙනවා. රනිල්ට ඒක නැහැ.

 

පාස්කු ඉරිදා ප්‍රහාරය : ජාත්‍යන්තර විමර්ශනයකට බල කෙරෙන යෝජනාවක් !
රනිල් ශ්‍රී ලාංකික ජාතිකවාදී පදනමින් ඒක හොඳට කළා. එහි කාදිනල් ගැන සඳහන් වෙන මොහොත ඉතා වැදගත්. කාදිනල් තමයි ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයට එරෙහි බලවේගයේ සංකේතීය නායකත්වය. පාස්කු ප්‍රහාරය තමයි ඔහු අත ලෙලදෙන කඩුව. පාස්කු ප්‍රහාරය කවුරු එල්ල කළත්, මේ වන විට එයින් උපරිම වාසි ලබන්නෙ මෙම බලවේගය. එය ලංකාවේ කතෝලික හා කිතුනු ප්‍රජාව සමග පටලවා ගන්න එපා. ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහි බලවේගයක් නෙමෙයි. මෙතන තියෙන්නෙ වෙනත් දේශපාලනයක්.

 

යුද්ධයෙන් මළ දෙමළ ජනයා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට යෝජනාවක්

ලංකාවෙ දෙමළ ජනතාවගේ දේශපාලනික බලය පිළිබඳ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නැහැ. රනිල් තමයි, මෙතෙක් ඉතිහාසයේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නට වැඩිම උනන්දුවක් දක්වපු රාජ්‍ය නායකයා. දෙමළ ඩයස්පෝරාවේ එක් බලවේගයකට ඇත්තටම මේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය මේ ප්‍රශ්නය නොවිසඳී පැවතීම හා ශ්‍රී ලංකා රාජ්‍යය තුළ එය පිළිකාවක් සේ උඩු දිවීම.

ආර්ථික අර්බුදයත් එක්ක ශ්‍රී ලංකා රාජ්‍යයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරය ව්‍යර්ථ කරන්නට හැකි වුණේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය නිසා. රනිල්ට වෛර කරන එක සාධාරණයි.

මතක තියාගන්න. මේ වෛරයේ ඊළඟ ගොදුර අනුර. සිංහල බෞද්ධ ගොවිගම නායකයකු ලෙස ඔහු ඉන්නෙ ලිස්සන පොළවක. අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව මේ යථාර්ථය හෙළි කරපු මොහොතක්.

 

s4.reutersmedia

මා සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යය පිළිගන්නා කෙනෙකු නෙමෙයි. ඒත්, ශ්‍රී ලංකාව කියන රාජ්‍යය හැදුණෙ ඒ මත. එයින් එකී ආධිපත්‍යය ප්‍රචණ්ඩ විදියට උදුරා දැමුවොත් ශ්‍රී ලංකා රාජ්‍යයත් අවසන් වෙනවා. උතුරේ ශක්තිමත් දෙමළ නායකත්වයක් තිබුණු 2009ට පෙර අවධිය වගේ නෙමෙයි, මේ තියෙන්නෙ උතුරේත්, දකුණේත් දෙකේම නායකත්වය පිරිහුණු අවධියක්. ශ්‍රී ලංකා රාජ්‍යය බිඳ දැමුවොත්, වඩා සාධනීය රාජ්‍ය සම්මුතියක් ඇති වෙන්නට තිබෙන අවස්ථාව අඩුයි. අරාජික ම්ලේච්ඡත්වයක් ඇති වෙන්නට තිබෙන අවස්ථාව වැඩියි.

ශ්‍රී ලංකා රාජ්‍යයේ සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යය සාධාරණ ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයකට ලක්විය යුතුයි. හැබැයි, එය සිදු විය යුත්තේ ලාංකීය දේශපාලන ප්‍රජාව ඇතුළෙන්. වෙනත් බාහිර දේශපාලන ඇජෙන්ඩා අනුව නෙමෙයි.

දේශපාලන ශ්‍රමිකයා හා කළමනාකරුවා -(අජිත් පැරකුම් ජයසිංහ)(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

උපුටා ගැනීම - praja.lk


සබැඳි ලිපි :
වෙල් ඩන් වික්‍රමසිංහ | එරන්ද ගිනිගේ  

රනිල් එක්වූ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව උණුසුම් වෙයි




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...