The Leader News
BREAKING
Top Ad
Opinion

ආණ්ඩුවේ කෑම කඩ : මේ බෙදන්න හදන්නේ අපේ බදු සල්ලි නේද ?

T

The Leader Desk

March 31, 2025 • 6:32 AM

ආණ්ඩුවේ කෑම කඩ : මේ බෙදන්න හදන්නේ අපේ බදු සල්ලි නේද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහෙම ලියන්නෙ Janath perera.
  • (ආණ්ඩුව ට්‍රැක පැනගෙන එන්නේ, මේවා දැක්කම අපෙත් ට්‍රැක පනිනවා) එක එක අයගේ කීම් වලට ජාතික ප්‍රතිපත්ති හදන්න යෑම හරියට YouTube tutorials බලලා අගහරුට යවන්න රොකට් එකක් හදනවා වගේ වැඩක්.
  • ( මං හිතන්නේ බලනවා ඇත්තේ අපේ අම්මා YouTube channel එක) ගුණාත්මක ආහාර ප්‍රමාණාත්මක වශයෙන් සාධාරණ මිලකට දෙන්න ආහාර මත ගහලා තියන සහගහන බදු අඩු කරන්න !
අකුරු ප්‍රමාණය (Font Size):


මෙහෙම ලියන්නෙ Janath perera. ඒකට හේතුව තමයි ආණ්ඩුව/ රාජ්‍ය අරගෙන තියෙන කිසියම් තීරණයක්. ඒ තීරණය තමයි ජනතාවට සහන මිලකට ආහාර ලබාගන්න පුළුවන් වන විදියට නගරයක් නගරයක් පාසා ආපණ ශාලා විවෘත කිරීම.

බැලු බැල්මට මේ තීණයේ වරදක් නෑ. හැබැයි Janath perera ලියල තියෙන කරුණු ටිකක් කල්පනාවෙන් විමසලා බැලුවොත් ඒ ලියවිල්ලෙත් වරදක් නෑ.

ඒ නිසා අපි හිතුවා මේ සටහන පළ කරන්න. මතු දැක්වෙන්නේ ආණ්ඩුව/ රාජ්‍ය අලුතෙන් ක්‍රියාත්මක කරන්න සූදානම් වන ආපණ ශාලා වැඩපිළිවෙළ පිළිබඳව Janath pereraගේ අදහස.

WhatsApp Image 2025 03 31 at 5.54.30 AM
''ගුණාත්මක ආහාර ප්‍රමාණාත්මක වශයෙන් දැරිය හැකි සාදාරණ මිලකට ලබා දීම රටක රජයක වගකීමක් ඒකෙන් මිදෙන්න ඔවුන්ට බෑ. නමුත් මෙවැනි විහිළු සහගත තීන්දු තීරණ ගැනීමෙන් පෙනීයන්නේ රජය රාජ්‍ය මූල්‍ය පාලනය (බදු මුදල්) පිළිබදව නිසි අවබෝදයෙන් යුතුව කටයුතු කරන්නෑ කියන එක. (ආණ්ඩුව ට්‍රැක පැනගෙන එන්නේ, මේවා දැක්කම අපෙත් ට්‍රැක පනිනවා) එක එක අයගේ කීම් වලට ජාතික ප්‍රතිපත්ති හදන්න යෑම හරියට YouTube tutorials බලලා අගහරුට යවන්න රොකට් එකක් හදනවා වගේ වැඩක්. ( මං හිතන්නේ බලනවා ඇත්තේ අපේ අම්මා YouTube channel එක)  

ගුණාත්මක ආහාර ප්‍රමාණාත්මක වශයෙන් සාධාරණ මිලකට දෙන්න ආහාර මත ගහලා තියන සහගහන බදු අඩු කරන්න ! ආහාර නිෂ්පාදානයට අවශ්‍ය අමුද්‍රව්‍ය (පොහොර, වල් හා කෘමි නාශක, තාක්ෂණික උපකරණ , බීජවලට) ගහලා තිවන බදු අඩු කරන්න. එහෙම නැතුව මේ වගේ සිල්ලර වැඩ කරන්න යෑම ආණ්ඩුව කොච්චර පටු විදියටද ආර්ථිකේ ගැන හිතන්නේ කියන ඒක පේනවා.

රජයක් කියන්නේ බලය ලබාගත් දේශපාලන කණ්ඩායම පමණක් නොවේ. මේ විදියට හන්දි ගානේ සිල්ලර කෑම කඩ දදා යන එකකට නෙමේ මිනිස්සු මේ ආණ්ඩුව පත්කරගත්තේ, මීට වඩා ගැඹුරු ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න. මේ හන්දිගානේ කෑම කඩ දාන එක පැත්තකින් තියලා මෙන්න මේ ටික කරන්නකො.

 

අඩු සැපයුමක් පවතින විටදී පෝලිම් අවම කිරීම - (මහාචාර්ය රොහාන් සමරජීව)

* වෙළදපළ තරගකාරීත්වය පවත්වාගන්න නීති ගේන්න

*පාරිභෝගිකයන් සුරැකීමට හා ඔවුන්ගේ අයිතිය ආරක්ෂා කිරීමට නීති සම්පාදනය කරන්න (අපිට කවදාවත් පුළුවන් ද විදුලි බල මණ්ඩලේට, තෙල් සංස්ථාවට නඩු දාන්න අපිව කරුවලේ තිබ්බා පෝලිම් වල තිබ්බා කියලා.)

* කෘෂි නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස වර්ධනය වීමට අවශ්‍ය ඉඩම් හිමිකම් ගොවීන්ට දීම හා ආයෝජනයට තිබෙන නීතිමය බාධා ඉවත්කරන්න

* ආහාර හා කෘෂි නිෂ්පාදන අමුද්‍රව්‍ය මත පනවා ඇති තීරු බදු ඉවත් කරන්න

බදු වියදම් කලේ කුමටද කියා නොදැන බදු ගෙවන අරුම පුදුම ලාංකිකයෝ - (ශාන්ත  ජයරත්න)

 

ජනතාව වශයෙන් මෙවැනි තීරණ දැක්කම කල්පනා කරන්න ඔනේ මේ බෙදන්න හදන්නේ අපේ බදු සල්ලි නේද කියලා; මේ ක්‍රියාවලි ඇතුළෙ කොපමණ දූෂණ වංචා වෙන්න පුළුවන්ද කියලා; මේ කාට හරි හම්බු කරගන්න කරන්න හදන වැඩක් නේද කියලා. මේ වගේ සිල්ලර තීන්දුවලට අනිවාර්යයෙන් එරෙහි වෙන්න ඔනේ. අපි පෙනී ඉන්න ඔනේ රජය කුඩා කරලා කාර්යක්ෂම කරන්න මිසක්  හන්දි ගානේ කඩ දාගෙන “ටෙන්ඩර් පෙනුවර්ස්ලා” නඩත්තු කරන්න නෙමෙයි.

| වචන Janath perera

සබැඳි ලිපි:
ආණ්ඩුවේ කෑම කඩේ අරිමු! - Mahesh Hapugoda

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...