මම ඒක මීට කලින් ලිපියක කිව්වා ලෝකය පුරාම මේ නව පරම්පරාව දක්වන කේන්තියේ චන්දයක් කියලත් ඒක නම් කරන්න පුළුවන් කියලත්.
පවත්නා ක්‍රමයට විරුද්ධව එක්කෝ නව ක්‍රමයක් ඔවුන් ඉල්ලනවා. නැත්නම් පවත්නා ක්‍රමයේ රැඩිකල් වෙනස්කම් ඉල්ලනවා. නව පරම්පරාවේ හඬ ඒ නව ක්‍රම වෙනස ඇතුලේ ඇසෙන තුරු ඔවුන් ඉදිරියට යන්න පුළුවන් කියන එක මෙතැනදී කියවෙනවා.

මේ හඬ තමන්ගේ ක්‍රම වෙනසක් දක්වා අරන් යන්න බංගලියෝ යම් තරමකට සමත්වෙලා තියනවා. කොහොමත් තව දුරටත් ඒක නිරීක්ෂණ කරන්න වෙනවා.
මේ ක්‍රම විරෝධී මනස තවමත් රටේ තියනවා කියල මට හිතෙනවා විතරක් නෙවෙයි ජාතික ජන බලවේගය ක්‍රම වෙනසක් අරන් එනවා වෙනුවට ක්‍රමයත් එක්ක වඩාත් අනුගත වෙන තත්වයක් පේනවා.
මේ ක්‍රම විරෝධී පරපුර ආයේ පැවති දේශපාලන වෙතට යන්නෙත් නැත්නම් ඊළඟට මොකක් වෙයිද?

කොහොම වුණත් පවතින තත්වයත් එක්ක තරුණ කේන්තියේ චන්දය නැවතත් සප්‍රාණික වෙන්න පුළුවන්. ඒ වාසිය ජන අරගල ව්‍යාපාරය වගේ එකක් ගනීද කියලත් හිතෙනවා.
සිතුවිල්ලක් විතරයි.
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



