2022 අවුරුද්ද වෙනකොට අලුත් අවුරුද්දක් තියා හුස්මගන්න එක ගැනවත් හිතන්න බැරුව අපි හැමෝම හිටියේ. අරගලයත් එක්ක අපේ දිශානතිය මොකක්ද කියන එක ගැන අපි කාටවත් අදහසක් තිබ්බේ නැහැ. ඒ වගේ වෙලාවක පොහොට්ටුව සහ ගෝඨා පැත්තකට ගිහිල්ල ගෙදර හිටපු රනිල්ට අඬගහල ලංකාවේ සුක්කානම දුන්න.

එතන ඉඳල තත්වය වෙනස්වෙන්න ගත්ත. එයා කළේ මහා විශ්මකර්ම වැඩක් නොවෙන්න පුළුවන්. හැබැයි තිබ්බ තත්වය තරමක් ස්ථාවරවෙන්න ගත්ත. මිනිස්සු මත විශාල පීඩනයක් තිබ්බ උනත් හිඟාකන්න හරි පාරේ බැහැල බස් එකක යන්න ඩීසල් ටික ටුක් එකකට පෙට්‍රල් ටික ලැබුන.
එතනින් පස්සේ මිනිස්සු මිනිස්සුන්ගේ හැටියට අර්බුදයෙන් ගොඩ එන්න දඟලන්න ගත්ත. අද දක්වා සත්‍යය ඒක.
2024 වෙනකොට ආණ්ඩුව මාරුඋනා. රනිල් ගෙදර ගියා. හැබැයි මොන මොන කතා කිව්වත් මේ ආණ්ඩුව රනිල් ඇඳපු ඩ්‍රෝවින් එකේම - නැත්නම් ඒ රෝඩ් මැප් එකේම යන්න තීරණය කළා. ලොකු විප්ලවයක් කරනවා වෙනුවට තිබ්බ දේ එහෙමම තියාගත්තා.
ඒ නිසා අමාරුකම් අස්සෙම මිනිස්සු මේ අවුරුද්දත් කෑවා. පොඩි සරුවක් පේන්නත් තියනවා.

රනිල්ගේ මැප් එකේම යනවා කියන්න හුඟක් අය ලජ්ජා උනත්, ඒක අලුත් අනන්‍යතාවක් හොයපු කෙනෙක්ට ලොකු හානියක් උනත් ලාල් කාන්ත ඒ අඳුරු සත්‍යය ඊයේ පෙරේදා පිළිගත්තා. ඒ පිළිගැනීම එක්ක තමයි අපිට අලුත් දෙයක් වෙත යන්න පුළුවන් වෙන්නේ.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



