The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
Opinion

සම්මුති විසම්මුති : ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කුමක් ද ඇයි ද කා සඳහා ද? | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

June 6, 2025 • 11:13 AM

සම්මුති විසම්මුති : ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කුමක් ද ඇයි ද කා සඳහා ද? | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි දී එම ලියවිල්ලේ සිංහල සහ ඉංග්‍රිසි භාෂා පිටපත් සහභාගිවූවන්ට ලබා දෙන ලදී.
  • රාජපක්ෂවරුන් ඔහු ජනාධිපති පුටුවේ වාඩි කළ විගස වික්‍රමසිංහ මෙරට ජනයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යකඩ සපත්තුවෙන් පගා දැමූවේය .
  • ප්‍රජාතන්ත්‍රවාදයේ හතරවැනි කුලුන ලෙස ජනමාධ්‍ය දරණ භූමිකාව එහි කිසිම අයුරකින් සඳහන් වන්නේ නැත.
  • මෙරට මහජනයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම පිණිස ජනමාධ්‍ය සම්බන්ධයෙන් ගත යුතු හදිසි පියවර තිබිය දී ආණ්ඩුවට මෙම පනත හදිසියක් වීම තේරුම් ගැනීම දුෂ්කරය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි දී එම ලියවිල්ලේ සිංහල සහ ඉංග්‍රිසි භාෂා පිටපත් සහභාගිවූවන්ට ලබා දෙන ලදී. එහි දෙමළ භාෂා පිටපතක් තවම නැත.

 



ආණ්ඩුවක් කවර හෝ පනතක් ගෙන එන්නේ එහි සමස්ත දැක්ම සහ ගමන් මාර්ගය අනුවය. ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය’ නම් කෙටුම්පත මුලින්ම ගෙන ආවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කාලයේය. රාජපක්ෂවරුන් ඔහු ජනාධිපති පුටුවේ වාඩි කළ විගස වික්‍රමසිංහ මෙරට ජනයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යකඩ සපත්තුවෙන් පගා දැමූවේය . ඉන් පසු ‘මාර්ගගත ආරක්ෂණ පනත’ ගෙන ආවේය. එම කාලයේ ‘විකාශණ අධිකාරී පනත’ නම් කෙටුම්පතක් ද ඔහු ගෙන ආවේය. මෙම පනත් දෙකම ගොන ආවේ මෙරට මාධ්‍ය පාලනය කිරීම පිණිසය.

එවැනි පාලකයකු විසින් ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය’ හඳුන්වා දීමට උත්සාහ කරන විට එයි යටි පෙළ තේරුම් ගැනීමට රොකට් විද්‍යාව හදාරා තිබිය යුතු නැත. එකී ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය’ දැන් ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් ද ඉදිරියට ගෙනවිත් තිබේ. මෙවැනි පනතක අවශ්‍යතාව ජජාබ මැතිවරණ පොරොන්දු අතර නැත. ජාජබ මැතිවරණ පොරොන්දු පෙන්වන්නේ රාජ්‍ය විසින් ජනමාධ්‍ය නියාමනය කිරීමේ සහ සිය දේශපාලන මතවාදය ජනමාධ්‍ය මත පැටවීමේ දැක්මකි.

mediav 234

 

ප්‍රජාතන්ත්‍රවාදයේ හතරවැනි කුලුන ලෙස ජනමාධ්‍ය දරණ භූමිකාව එහි කිසිම අයුරකින් සඳහන් වන්නේ නැත. තවද ජාජබ මැතිවරණ පොරොන්දුවලට අනුව රජය විසින් මාධ්‍ය ආචාර ධර්ම මාලාවක් පිහිටුවීමටද එය සැලසුම් කරයි. එය ද විකෘතියකි.

මෙරට මහජනයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම පිණිස ජනමාධ්‍ය සම්බන්ධයෙන් ගත යුතු හදිසි පියවර තිබිය දී ආණ්ඩුවට මෙම පනත හදිසියක් වීම තේරුම් ගැනීම දුෂ්කරය.  

පෙනෙන විධියට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනෙහි කොළඹ කාර්යාලය මෙම වෑයමට සම්බන්ධය ඇමතිවරයා කියන්නේ ජූනි මාසය අවසන්වීමට පෙර මෙම ප්‍රතිපත්තිය සකස් කිරීම අවසන් කළ යුතු බවයි. මාධ්‍ය නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ආයතනය යුනෙස්කෝවයි. යුනෙස්කෝ මාධ්‍ය මූලධර්ම සමඟ මෙම ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය පෑහෙන්නේ නැත.

ලෝකයේ රටවල් කිහිපයක ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය හා සමාන පනත් පවතී. ඒ ප්‍රධාන වශයෙන් රජයෙන් ආධාර ලබන ස්වාධීන මහජන සේවා ජන මාධ්‍ය පවත්වා ගැනීමට සහ ජනමාධ්‍ය හිමිකාරත්වයෙහි පාරදෘශ්‍ය බව මෙන්ම හරස් මාධ්‍ය හිමිකාරිත්වය සීමා කිරීමටය. හරස් මාධ්‍ය හිමිකාරිත්වය යනු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හිමිකාරිත්වයයි. බොහෝ රටවල ඊට ඉඩ නැත.

එනමුත් ජාජබ ආණ්ඩුව ඉදිරියට ගෙන එන රනිල් වික්‍රමසිංහගේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියෙහි රජය සතු මාධ්‍ය ස්වාධීන මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීමට ප්‍රතිපාදන නැත. මෙයට පෙර පැවති ආණ්ඩු මෙන්ම ජාජබ ආණ්ඩුව කල්පනා කරන්නේ ද ආණ්ඩුවේ කටයුතු ප්‍රචාරය කිරීමට එම මාධ්‍ය යොදා ගත යුතු බවයි.

 

ගෙන්දගම් පොළොව 09 : මේ පාරට කියන්නෙ... 'මැකලම් පාර' කියල | ජයසිරිගේ අලුත්ම  නවකතාව
1972 සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව ලේක්හවුස් සහ ටයිම්ස් මාධ්‍ය ආයතන දෙක රජයට ගන්නා තුරු මෙරට ආණ්ඩුවට අයත් මුද්‍රිත මාධ්‍ය තිබුණේ නැත.

අද ඉන්දියාවෙහි පකිස්ථානයෙහි හෝ රජය සතු මුද්‍රිත මාධ්‍ය නැත. දකුණූ ආසියාවෙහි ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය හා සමාන පනතක් ඇත්තේ නේපාලයෙහි පමණය. එය පිහිටුවන ලද්දේ එරට සිදු වූ සමාජ විප්ලවයෙන් පසු රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය මහජන සේවා ජනමාධ්‍ය බවට පත් කිරීම ඇතුළු තවත් ප්‍රතිසංස්කරණ සඳහාය. අද වන විට එය අඩපණ වී ඇති අතර මාධ්‍ය මර්දනයේ මෙවලමක් බවට පත්ව ඇත.

මෙරට මාධ්‍ය ප්‍රතිසංස්කරණය සඳහා  ප්‍රයත්නයක් දරන ලද්දේ 1994 බලයට පත් වූ කුමාරතුංග ආණ්ඩුව යටතේ පමණය. ඊට හේතු වූයේ විකල්ප ජනමාධ්‍ය සතුව තිබූ බලපෑම සහ ඒවායේ දැක්මය. ආණ්ඩුව පිහිට වූ වහාම ජනමාධ්‍ය ඇමැති ධර්මසිරි සේනානායක යටතේ ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා කැබිනට් පත්‍රිකාවක් මගින් කමිටු 4ක් පිහිටුවන ලදී. ඒ අතර කැපී පෙනුනේ මාධ්‍ය නීති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පිහිටවූ  කමිටුවයි.

එම කමිටුවෙහි සභාපතිත්වය දරන ලද්දේ විශිෂ්ට මානව හිමිකම් නීතිවේදියකු වූ ආර්.කේ.ඩබ්. ගුණසේකරය. ජයම්පතී වික්‍රමරත්න, රොහාන් එදිරිසිංහ, සූරියා වික්‍රමසිංහ, ශිරානි බණ්ඩාරනායක, ජාවිඩ් යූසුෆ්, වික්ටර් ගුණවර්ධන වැනි නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ එහි සාමාජික සාමාජිකාවෝ වූහ. එවැනි ප්‍රශස්ත කණ්ඩායමක් ගැන අද සිතීමට නොහැකි තරම්ය.

 

mic
දෙවසරක හැදෑරීම් සහ සාකච්ඡා වලින් පසු එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අද දක්වාම මෙරට ජනමාධ්‍ය නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ඇති හොඳම ලියැවිල්ල වේ. අනෙක් වැදගත් වාර්තාව නම් ලේක්හවුසියේ හිමිකාරත්වය පුළුල් කිරීම සඳහා වූ සිදත් ශ්‍රී නන්දලෝචන වාර්තාවයි.

ධර්මසිරි සේනානායක ජනමාධ්‍ය ඇමතිකමින් පන්නා මංගල සමරවීර එය ඩැහැ ගැනීමෙන් පසු එම වාර්තා වලපල්ලට යවන ලදී.

ජාතික ජන බලවේග ආණ්ඩුවට මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය නම් පටන් ගත යුත්තේ එතැනිනි.

හොරට නිදා සිටින පුද්ගලයා අවධි කළ නොහැකිය. එමෙන්ම සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් මෙරට ජනමාධ්‍ය ප්‍රජාතන්ත්‍රීය කරණය පිළිබඳ කිසිදු බැරෑරුම්  වැඩ සටහනක් ඉදිරිපත් කර නැති ජාතික ජන බලවේගයට ද එම වාර්තා නොපෙනීයාම පුදුමයක් නොවේ.

 

Media freedom EMBM photo 1068x669
මෙම ප්‍රතිපත්තිය මගින් ආණ්ඩුවට අවශ්‍ය වන්නේ ජනමාධ්‍ය නියාමනයට තමන් ද ඇතුළුවීමටය.  මෙම ‘ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය’ සම-නියාමනය යැයි අදහස් ඉදිරිපත් කරයි. එය රජය විසින් කරනු ලබන පාලනයකි.

ආණ්ඩුව  දුසිම් තුනක් තරම් මාධ්‍ය රොත්තක හිමිකරුය. නියාමකයෙකු සහ මාධ්‍ය හිමිකරු ලෙස රජය මාධ්‍ය  නියාමනයට අත ගැසීම පැහැදිළිව ලැබැදියාවන් අතර ගැටුමක් නිර්මානය කරයි.

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍ය මන්ද, දැනට ඉදිරිපත් කර ඇති කෙටුම්පත සකස් කරන ලද්දේ කවරකු විසින් කවරදාක කවර අනුග්‍රහයක් යටතේද යන්න දැන ගැනීමට මෙරට මාධ්‍ය සමාජයට පමණක් නොව මහජනයාට ද අයිතියක් තිබේ. ආණ්ඩුවට මුලින්ම සිය අව්‍යාජ උවමනාව සහතික කර පෙන්වීම පිණිස ගත හැකි පියවර ගණනාවක් තිබේ.

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩ මුක්තිය අවසන් කිරීම. නිදසුන් ලෙස දැනට පවරා ඇති ප්‍රගීත් එක්නැලිගොඩ , ලසන්ත වික්‍රමතුංග , තරාකී නොහොත් සිවරාම්  සහ කීත් නොයර් සම්බන්ධ නඩු කල් නොයවා අවසන් කිරීමට පියවර ගැනීම. ජනතාවගේ ප්‍රකාශන නිදහස තහවුරු කිරීම. නිදසුන් ලෙස පසුගිය මාස තුන ඇතුළත විරෝධතා දැක්වීම නිසා පොලිස් අත්අඩංගුවට ගත් හෝ පොලිස් හිරිහැරයන්ට භාජනය වූ විශේෂයෙන්ම උතුරෙහි මාධ්‍යවේදීන්, හිමිකම් ක්‍රියාකාරිනියන් යනාදීන්ට යුක්තිය ඉටු කිරීම.

රාජ්‍ය සතු මාධ්‍යයන්හි ස්වාධීනත්වය සහතික කිරීම සඳහා අධ්‍යක්ෂ සහ ප්‍රධාන කර්තෘ ධුර සඳහා පත් කිරීමේ දී ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වන නීති සංශෝධන වහාම ගෙන ඒම.

රාජ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණය නොකරණ ආණ්ඩුවකින් මාධ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණය පැතීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීමකි.

රෙහානා පතීමා නිරුවත පෙන්වීයැයි චෝදනාවෙන් නිදහස්! - (සුනන්ද දේශප්‍රිය)(සටහන | සුනන්ද දේශප්‍රිය)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
sunandadeshapriya@gmail.com

(උපුටා ගැනීම - srilankabrief.org)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...