The Leader News
BREAKING
Top Ad
Opinion

ජවිපෙට ලැබුණ ඉරාක සල්ලි: ඉරාකය-ඉරානය-ඊශ්‍රයලය සහ විජේවීර ජවිපෙ හා අනුරගේ ජවිපෙ | Uvindu Kurukulasuriya

T

The Leader Desk

June 26, 2025 • 12:06 PM

ජවිපෙට ලැබුණ ඉරාක සල්ලි: ඉරාකය-ඉරානය-ඊශ්‍රයලය සහ විජේවීර ජවිපෙ හා අනුරගේ ජවිපෙ | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මට අනුරව හමුවූ අවසන් අවස්ථාවේදීත් අනුරත් තවත් සහෝදරවරු තිදෙනෙකුත් සමඟ මේ මම යට ලියන කතාව කීවෙමි.
  • වාස් තිලකරත්න ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ 84 සිට රඳවා සිටි, එක පාරක් නිදහස් කරල දෙවෙන පාර අත්අඩංගුවට ගත්තම දීපු කට උත්තරය මේ.
  • ඉතින් මා අනුරට කීවේ මා ගාව ඒ කට උත්තරය ඇති බවත් මා එය ඔහුට ලබා දෙන බවත්‍ ය.
  • නැවත මතක් වූයේ ඉරානය විසින් ඊශ්‍රයලයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ අනුරතන්ත්‍රය යටතේ විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිවේදනය නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):

මට අනුරව හමුවූ අවසන් අවස්ථාවේදීත් අනුරත් තවත් සහෝදරවරු තිදෙනෙකුත් සමඟ මේ මම යට ලියන කතාව කීවෙමි. එයට හේතුවක් තිබිණ.

 

ආර් ප්‍රේමදාසගේ සිට අනුර කුමාර දිසානායක දක්වා…
ඊට පෙර සතියේදී ඉරාන ජනාධිපතිවරයා හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් තිබුණි. එදා අනුරගේ ට්විටර් පණිවිඩයේ අඩංගුව තිබූ වාක්‍යයක් මගේ විවේචනයට බඳුන් විය. එනම් " ..his legacy will live forever..," වැනි වැකියකි. මා කීවේ 'මොනවද බං ඒ කියල තිබ්බෙ ඌ මි|නී|මරුවෙක් නෙ' කියාය. එනම් ඒ දිනවල ඉරානය කාන්තාවන් ම|රා, අත්අඩංගුවට ගෙන ඉරානය ගෙන ගිය වැඩපිළිවෙලය.

මා කී අනිත් කාරණය නම් උඹලට, ඒ කියන්නෙ ජවිපෙට කොහොමත් ඉරාන පැත්ත ගන්න බැහැනෙ, මොකද විජේවීර යටතේ ඉරාකයෙන් සල්ලි ගත්තනෙ කියල. මම මේ යට කියන විස්තරේ මගේ මතකයෙන් කිව්ව. අනුර කිව්ව "අනේ පලයං බං බොරු කියන්නෙ නැතුව" කියල.

මම එවෙලෙම හැමෝම ඉදිරිපිට ඉස්සර - මේ කතාව කාළෙ- ජවිපෙ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේට කෝල්ස් දෙකක් ගත්ත. එයා නෝ අන්ස්වර්. ඊට පස්සෙ මම කෙලී සේනානායකට ගත්ත ඌත් නෝ අන්ස්වර්. මොකද ඒ දෙන්නම මම මේ කියන කතාව හරි කියල තහවුරු කර තිබුණ නිසා.

මා ඒ කතාව කිව්වේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වාස් තිලකරත්න 1986 සැප්තැම්බර් මස සිට දින ගනනාවක් පිටු 47ක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දී ඇති කට උත්තර මත පදනම්ව සහ ඒවා අනිත් එකළ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සිටි බෝපගේගෙන් සහ විජේවීරගේ සමීපතමයෙකුම, කොටින්ම බොඩිගාඩ් මෙන් සිටි කෙලී සේනානායකගෙන් තහවුරු කරගෙනය.

වාස් තිලකරත්න ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ 84 සිට රඳවා සිටි, එක පාරක් නිදහස් කරල දෙවෙන පාර අත්අඩංගුවට ගත්තම දීපු කට උත්තරය මේ.

ඉතින් මා අනුරට කීවේ මා ගාව ඒ කට උත්තරය ඇති බවත් මා එය ඔහුට ලබා දෙන බවත්‍ ය. නමුත් එය මා හට අමතක විය. නැවත මතක් වූයේ ඉරානය විසින් ඊශ්‍රයලයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ අනුරතන්ත්‍රය යටතේ විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිවේදනය නිසාය.

510971832 9982249095145909 8908708484412498076 n
මා වාස් තිලකරත්නගේ කට උත්තරය නිවස පීරා සෙවූ වෙමි. ඇත්තටම එය තිබ්බෙ අනුරටම, ඒ කියන්නෙ ජවිපෙ මූලස්ථානයේ ඇති පුස්තකාලයට මා පරිත්‍යාග කිරීමට අසුරා ඇති පොත් පෙට්ටියකය.

මෙය කියවන අය වාස් තිලකරත්න කවුදැයි කියා හිතේ තබාගත යුතුය. ඔහු ජවිපෙ දේශපාලන මණ්ඩලයෙන් සහ ජවිපෙන් ඉවත් වූයේ 1983 ජූලි වලදීය. ඉන්පසු ඔහු ජවිපෙට විරුද්ධව සහ එය විනාශ කිරීම සඳහා ක්‍රියා කළ පුද්ගලයෙකු විය. ඔහු ජවිපෙ අය මැ|රූ අතර, ජවිපෙ ඔහුට අවස්ථා කීපයකදී වෙඩි තැබුවත් බේරී අවසනයේ ගොදුරු විය. රනිල් සහ එවකට පාලක පක්‍ෂය වූ එක්සත් ජාතික පක්‍ෂය සමඟත් වැඩ කළ අයෙකු විය. ඒ ඔහු ජවිපෙන් ඉවත්ව ජවිපෙට වෙනස් තවත් ජවිපෙයක් හදා විප්ලවය වෙනස් ආකාරයකින් කිරීමට ගොස් වැරදුන පසුවය.

ඔහුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අහනව ඇයි ජවිපෙන් ඉවත් වූයේ කියා.

vaas
වාස් පළවෙනි කරුණ විදියට කියනව; මේ යන විදියට ගියොත් 71 වගේ දෙයක් ඇති වීම අනිවාර්යයයි. තරුණයින්ව සහ දැනුමෙන් අඩු ශිෂ්‍යයින්ව ඇදල ගන්නව, ඒත් කම්කරු පංතිය සහ බහු ජනතාව අතරට යාමට කිසිම වැඩ පිළිවෙලක් පක්‍ෂයට තිබ්බෙ නැහැ කියල. විජේවීර කිව්ව ඒව කියවන්න (පිටු 571)

දෙවෙනි කරුණ විදියට කියනව; පක්‍ෂයේ නායකයින් පක්‍ෂ අරමුදල් ලක්‍ෂ 60ක් පමණ නාස්ති කළා කියල. (පිටු 571) උදාහරණ වශයෙන් මාධ්‍යම කාරක සභික සෝමවංශ අමරසිංහගේ ගෙදරින් රුපියල් 185,000ක් අතුරුදහන් වෙලා. ශාන්ත බණ්ඩාර 125,000ක් නැති උනා කිව්වලු. වගකිවයුතු කිසිවෙක් නැතිලු! විජේවීරත් ලක්‍ෂයකට දීල වැඩක්.

විජේවීරත්, දයා වන්නිආරච්චිත් ඒ ඉරාක එම්බසියෙන් ලැබුණ සල්ලි නාරාහේන්පිටට ගෙනාපු හැටි, 504 කාර් දෙකක් - (31 ශ්‍රී 2175 සහ 31 ශ්‍රී 5079) සහ ඔහුට නොම්බරය මතක නැති මොරිස් ඔක්ස්ෆෝඩ් එකක් මිලට ගත් හැටි කියනව.

ඔහු පළවෙනි පාර අත්අඩංගුවට පත්වුනාම ඉරාකයෙන් ලැබුනෙ ලක්‍ෂ 20යි කියල කිව්වෙ බොරුවට කියල කියල කියනව. හේතුව 28යි කියල හරියටම දැනගෙන හිටියි ඔහුත් ඇතුලු දේශපාලන මණ්ඩල සභිකයින් විතරක් නිසා ඔහුගේ ආරක්‍ෂාවට බොරුවක් කිව්වෙ කියනව (පිටු 573)

ඉරාකයෙන් ලැබුණ සල්ලිවලින් කොහිලවත්තෙ මුද්‍රාණාලයක් මිළට ගත්ත කියනව. ආයෙ 29 ශ්‍රී 5771 දරණ බස් රථයද 27 ශ්‍රී 372 කියන වෑන් එකද මිළට ගත්ත කියනව.

1983 ජූලි මාසෙදි අවිස්සලාවේල්ලේ දිසානායකගෙ ගෙදර මිදුලේ වලල තිබ්බ රුපියල් 750,000ක් නැති උනා කිව්වලු.

 

ඉන්දියානු ව්‍යාප්තවාදය, රෝහණ විජේවීර සහ අපේ දේශපාලනය
විජේවීර සහ ගමනායක තිබ්බ වාහන අඩු මුදලට විකුණල වැඩි මුදලට අලුත් වාහන ගත්තලු. උදාහරණයකට කියනව, විජේවීර 31 ශ්‍රී 3336 කියන 504 එක 225,000ට අඩු ගානට විකුණල අලුත් එකක් අරං. විජේවීර වාස්ට වත්තලදි කියල ඒකත් විජේවීරට හොඳ මදි කියල 504 එක ලයනල් බෝපගේ නොහොත් ලයියාට දී එයාට 505 කාර් එකක් ගන්න ඕන කියල. 505 එකක් ලක්‍ෂ 5ක් විතර වෙනවලු එතකොට වාස් කියල, 'සහෝදරය ඒක නම් කරන්න එපා මිනිස්සු අපිට මොනව නොකියයිද' කියල.

එතකොට විජේවීර කියල; '504 එක වෙනුවට කලු පාටම 505 එකක් ගත්තම මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ' කියල. වාස් විරෝධය පලකරල.

ආයෙ විජේවීර රුපියල් 19,000කට ටෙලිවිශන් එකක් අරං. ගමනයාකත් ටීවී එකක් ගත්ත කියල මහින්ද පතිරණ වාස්ට කිව්වලු.

වාස් දන්න හැටියට විජේවීරත් ගමනායාකත් පක්‍ෂයේ එකම වැඩේට මූලස්ථානයෙනුත් පක්‍ෂයේ අනෙකුත් පිටස්තර කාර්යයාල වලිනුත් මුදල් ගත්තලු.

විජේවීර යුරෝපා සංචාරයකට ගියාලු 1978දි. යන්න ඉස්සෙල්ල ලයනල් බෝපගේ විජේවීරට ඉරාකයට යන්න හදල දුන්නලු. ඒත් විජේවීර ගිහින් ඇවිත් කිව්වලු, ඉරාක සාකච්ඡා අසාර්ථකයි කියල. ඊට පස්සෙ බෝපගේ විජේවීරත් එක්කම ආයෙ පාරක් ඉරාකෙට ගියාලු. ඇවිත් කිව්වලු ඉරාකෙන් ලක්‍ෂ 26ක් පක්‍ෂයට ආධාර වශයෙන් දෙනව කියල. විජේවීර ඉරාක තානාපති කාර්යයාලයේ පළමු ලේකම් ගාව අත්සන් කරල සල්ලි ගෙනාපු හැටි කියනව. ඉරාන තානපති කාර්යයාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කරන්න තව ලක්‍ෂයකුත් අරං විජේවීර.

ඉරාක කොන්ත්‍රාත් අරගෙන කොළඹ වරායෙ නැංගුරං දාපු ඉරානයට තේ ගෙනියන නැවක් මැරයින්ට රුපියල් 40,000කට කොන්ත්‍රාත් දීල ගිනි තිබ්බලු. ගමනායක වැඩේ බාරගෙන තියෙන්නෙ. ඒ අස්සෙ ඉබේම තවත් ඉරාක නැවක් ගිනි අරං, විජේවීර කියල, ඒකත් ජවිපෙන් කලේ කියල සල්ලි ගන්න පුලුවන් ඉරාකයෙන් කියල.

p 1විජේවීර දේශපාලන මණ්ඩලයට කියල ජනතා විමුක්ති පෙරමුණ විසින් ඒව ගිනි තිබ්බෙ කියල. ඒව කරල ඉරාකයෙන් ලැබුණ සල්ලි වලින් පක්‍ෂයට ආර්ථික ක්‍රමයක් හදනව කිව්වලු. ලක්‍ෂ 55ක් ඉරාකයෙන් දෙනව කිව්වලු. ඒ සල්ලි වලින් බෝට්ටු ගන්නව කිව්වලු, ඉස්සෙල ආර්ථික ක්‍රමයකට - පස්සෙ ආයුධ ගේන්න, ලියවන පට්ටල් හදනව, කිව්වලු ඉස්සෙල ආර්ථික ක්‍රමයට - පස්සෙ ආයුධ හදන්න, හෝටල්, ආයෙ පක්‍ෂයට ලොරි කීපයක් ගැනීමටත් කොළඹින් බංගලා කීපයක් ගැනීමටත් ඒ සල්ලි යොදවනව කිව්වලු.

ඒ අස්සෙ ඉරාකයේ න්‍යෂ්ඨික බලාගාරයකට ඊශ්‍රයලයෙන් බෝම්බ දාල ඒ ගැන සම්න්ත්‍රණයක් ඉරාකයේ තියල. ඒකටත් ජව්පෙ නියෝජිතයො ගිහින්, ආණ්ඩුවේ අයත් ගිහින්.

වාස් ජනතා විමුක්ති පෙරෙමුණෙන් අයින් වීමට තව හේතු කියනව. පක්‍ෂ නායකයින් සැප විඳිනවලු සාමාන්‍ය ජවිපෙ අයට කන්නවත් නැහැලු. මම ඒ කොටස් පසුව දාන්නම්. අද දාන්නෙ වාස්ගෙ කට උත්තරේ කොළ 8ක් විතරයි 47න්.

නැව් ගිනි තියපු කතාව හැර අන් සියල්ල එවකට ජනතා විමුක්ති පෙරමුණේ සිටි ප්‍රධාන ලේකම් - අදටත් ජාතික ජනබලවේගය වෙනුවෙන් වැඩ කරන - ලයනල් බෝපගේ විසින් අදත් මා හට ස්ථීර කරන ලදී. නිකන්ම නොවේ, එකින් එක වාස්ගේ කට උත්තරය කියවා අසා සිටීමෙන් පසු. ඔහු ගාව එය නැත. නැව් කතාව ප්‍රසිද්ධියේ පිළි නොගැනීමට ඔහුට හේතු තිබෙනවා ඇත. ඒත් මට නම් මේ වාස් කියන කතා ඇත්තම කියා සිතේ.

හැබැයි ඉතිං මේවා සිදුවී ඇත්තේ විජේවීර නායකත්වය දුන් ජවිපෙ යටතේය. එකල පක්‍ෂවල පාරදෘෂ්‍යබවක් තිබුනේ නැත. ඉරාකය හැම පක්‍ෂයකට වගේ සල්ලි දුන්නලු. ලයනල් බෝපගේ අදත් මට කිව්ව හැටියට එක්සත් ජතික පක්‍ෂයෙන් එම් එච් මොහොමඩ් හරා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නම් කෙලින්ම සිරිමා බණ්ඩාරනායකට, නව සමසමාජ පක්‍ෂයෙන් බාහුට, ශ්‍රී ලංකා පොලීසියේ මහේෂ් [ලයියට ඔහුගේ වාසගම මතක නැත] කියල කෙනෙකුටලු.

අදට දාන්නෙ මෙච්චරයි 8/47

මේ කට උත්තරය මම කියෙව්වෙ 1991දි. ඒක මා ගාව තාම සුරක්‍ෂිතව තියෙනව. ඒත් ඉතිං අනුරවාදය වෙනස්නෙ!

511001108 10162509826554818 2699576543363991092 n513219398 10162509826954818 1325081797826064509 n512817000 10162509827489818 5062539862415473568 n511311993 10162509827884818 994566536209563087 n510610480 10162509828269818 7222328406510865496 n513842867 10162509828604818 7145165011597949453 n
513422469 10162509828954818 2177118034666102029 n510969731 10162509829299818 6515748666762483749 n513217832 10162509829724818 1505010006910654743 n
Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...