The Leader News
BREAKING
Top Ad
Opinion

මල්ඩර්ගේ පාඩම...| Mahesh Hapugoda

T

The Leader Desk

July 8, 2025 • 9:09 AM

මල්ඩර්ගේ පාඩම...|  Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  •   ඊයේ එක් ඉණිමක වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා වෙන්න තිබ්බ චාන්ස් එක කැපකරලා ඒක ලාරාටම තියාගන්න ඇරලා ක්‍රිකට් ඉතිහාස පොතට අලුතෙන් යමක් එකතුකරපු වයන් මල්ඩර් ගැන හිතමින් ඉන්නකොට මට ලංකාවේ මහාචාර්යවරු සම්බන්දයෙන් තියන එක්තරා කතාවක් මතක් උනා.
  • ඒ කියන්නේ තමන්ට ඉස්සරහින් තියන ටෙස්ට් ලකුණු 400, 380, 375 කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි.
  • හැබැයි මේ ලකුණු 367 එතෙන්ට සෙට් වෙන්නේ නැහැ වගේ හැඟීමක් නිසා එයා එතනින් නතර උනා.
  • ක්‍රිකට් නීතිය ඇතුලේ මල්ඩර්ට ලාරා පහුකරන්න සියලු සුදුසුකම් සහ කාලය තිබ්බත් එයා පුද්ගලික තලයක හිතල එතෙන්ට ගියේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඊයේ එක් ඉණිමක වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා වෙන්න තිබ්බ චාන්ස් එක කැපකරලා ඒක ලාරාටම තියාගන්න ඇරලා ක්‍රිකට් ඉතිහාස පොතට අලුතෙන් යමක් එකතුකරපු වයන් මල්ඩර් ගැන හිතමින් ඉන්නකොට මට ලංකාවේ මහාචාර්යවරු සම්බන්දයෙන් තියන එක්තරා කතාවක් මතක් උනා.

මල්ඩර් හිතුවේ මේ වෙලාවේ සිම්බාබ්වේ ටීම් එකට ගහල එතන ලෝක වාර්තාව තමන් නමට ලියගත්තට වැඩක් නැහැ. කොහොම උනත් එයාට ඉස්සරහින් තියන නම් හතර (ඒ කියන්නේ ලාරා දෙවරක්, මැතිව් හේඩන්, මහේල ජයවර්ධන) ලෙජන්ඩ්ස්ල.

 

wiaan

මේ විදියට එයාල පහුකරලා වැඩක් නැහැ කියල. ඒ කියන්නේ තමන්ට ඉස්සරහින් තියන ටෙස්ට් ලකුණු 400, 380, 375 කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. හැබැයි මේ ලකුණු 367 එතෙන්ට සෙට් වෙන්නේ නැහැ වගේ හැඟීමක් නිසා එයා එතනින් නතර උනා.

ක්‍රිකට් නීතිය ඇතුලේ මල්ඩර්ට ලාරා පහුකරන්න සියලු සුදුසුකම් සහ කාලය තිබ්බත් එයා පුද්ගලික තලයක හිතල එතෙන්ට ගියේ නැහැ. ඒක ක්‍රිකට් බෝඩ් එකේවත් ටීම් එකේවත් තීරණයක් නෙවෙයි. පුද්ගලික තීරණයක්. ඒ වෙලාවේ නායකයා හැටියට ගත්තත්.

 

worth
මල්ඩර් ඔප්පු කළේ ලාරා පහු නොකලට ඔහු ක්‍රිකට් වටිනාකම් තියන ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියල.

දැන් අපේ රටේ එක්කෙනෙක් යූටියුබ් එකේ කතා පවත්වනවා මම මහාචාර්යකමට සුදුසු නැහැ. තියන ප්‍රතිපාදන ඇතුලේ මම එහෙම උනා. හැබැයි දැන් ඒකට කාටවත් මුකුත් කරන්නත් බැහැ කියල. එහෙම කියල ඒ අදාල විශ්ව විද්‍යාලයේ සනාතන සභාව, පාලක සභාව, මහාචාර්ය ඉන්ටවිව් බෝඩ් එක හෑල්ලුවට ලක්කරනවා. විශ්ව විද්‍යාලයට බලය තියනවා උපාධිය උනත් ආපසු කැඳවන්න.

මහාචාර්ය කෙනෙක් වෙලා ඒ වරප්‍රසාද ගනිමින් තමයි එහෙම කියන්නේ. හැබැයි ඉල්ලුම්කරන්න ඉස්සර ඇයි මම මේකට සුදුසු නැහැ කියල ඉල්ලුම් නොකර හිටියේ නැත්තේ? ඕක බලෙන් විශ්ව විද්‍යාලය දෙන්නේ නැහැ. ලොකු අයදුම්පතක් පුරවල ලොකු ප්‍රොසෙස් එකක් ඇතුලේ තමයි ඕක ගන්නේ. සමහරු ලකුණු තිබ්බත් ඉල්ලුම් නොකර ඉන්නවා තමන් එතෙන්ට සුදුසු නැහැ කියල හිතන නිසා. හරියට මල්ඩර් වගේ....

selfh56

 

අපි හැමෝම දන්නවා අපි හර්බට් මකූස, හබමාස්, ස්පිවැක් වගේ පොරවල් නෙවෙයි කියල. ඒ නිසා සද්ද නැතුව 367 ගහල ඉන්නවා. මල්ඩර් දැනන් හිටිය මේ ඉණිම ලාරාගේ ඇන්ටිගුවාවල ඉණිම නෙවෙයි කියල. ඒ නිසා ඇප්ලිකේෂන් දැම්මේ නැහැ. ඒ නිසා පොරට නහයෙන් අඬන්න ඕනිවෙන්නේ නැහැ.

ඕනෑම දෙයක හොඳම විනිශ්චයකරුවා වෙන කවුරුත් නෙවෙයි තමන්මයි.

ඒ නිශ්ශබ්ද බවට කියන්නේ නරුමබව කියල නෙවෙයි ද?- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...