ගෝඨාභය තමන්ට අනතුරක් නොකරන බවට ලොකු විශ්වාසයක් අරගල කරුවන්ට තිබුණා. රනිල් ගැන එහෙම විශ්වාසයක් තිබුණේ නෑ. අරගලය ඉවරයි!"
මේ 'යුතුකම' ලේකම් ලෙස කටයුතු කළ ලසන්ත (ඇත්තට ම මම යුතුකම හා සම්බන්ධ වන්නේ ලසන්ත හා කැලුම් නැවත නැවතත් කළ ඉල්ලීමට අවසානයේ නතු වූ නිසා; පසු ව අප 'උත්තර ලංකා සභාගය' ලෙස කටයුතු කරද්දී, ඔහු දිලිත් ගේ මවුබිම ලංකා පක්ෂයේ ලේකම්) ජූලි 9 ගැන තැබූ සටහන් දෙකක්. ඒ වගේ ම අප ගේ සමාජ ව්‍යසනයන්ට අවංක පිළිතුරු සොයන මිතුරන් රැසක් නිලන්ත සත්සර ගමගේ ගේ අසත්‍ය කරුණින් පිරුණු ලිපියක් තම තමන් ගේ මුහුණුපොත්හි බෙදා-හදාගෙන තිබුණා.
ඇත්තට ම ජුලි 9 සිදු වුණේ කුමක් ද? ලසන්ත කියන්නා සේ ගෝඨාභය ගැරඩි නොමරා සැගවුණා ද? ගෝඨාභය බිත්තියට හේතු වූ විටත් තමන්ට එරෙහි ව පියවර නොගන්නා බවට පරගලකරුවන්නට විශ්වාසයක් ලැබුණේ කෙසේ ද?
දැන් ගෝඨාභය පළායෑම හා රනිල් පරගලකරුවන් පළවා හැරීම අතර සිදුවීමක්, මා අත්දුටු සිදුවීමක් ද ඇත. ඒ පරගලකරුවන් පාර්ලිමේන්තුව වට කිරීම ය. එහි දී කතානායකතුමා පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු කමිටු ශාලාවක කැඳවා තිබිණි.
ඒ වනවිට ද පරගලකරුවන් පාර්ලිමේන්තුව වට කරමින් තිබූ අතර, අපට ද පාර්ලිමේන්තුව කරා යෑමට සිදු වූයේ අතුරු පාරවල් භාවිත කරමිනි. කතානායකතුමා කියා සිටියේ ආරක්ෂක ප්‍රධානීන් ගේ ඉල්ලීමට අනුව සාකච්ඡාව කැඳවූ බවකි.

සභාව ඇමතූ ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ ආරක්ෂක හමුදා පරගලකරුවන් විසුරුවා හැරීමට කටයුතු නොකළ හොත් ඔවුන් ගේ ආරක්ෂක වළලු බිඳවැටීමේ ඉඩ ඇති බවකි; ඔවුන්ට පාර්ලිමේන්තුව ආරක්ෂා කළ හැකි ය යි ද, ඒ සඳහා ඔවුනට උපදෙස් අවශ්‍යය යි ද ඔහු කියා සිටියේ ය.
ආණ්ඩුවේ ප්‍රධානීන් රැස්වීමට සහගාගී නොවූ අතර, අනුර කුමාර මන්ත්‍රීතුමා ද මේ අවස්ථාවේ නැඟිට ගියේ ය. සුදුසු පියවර ගෙන, පාර්ලිමේන්තුව ආරක්ෂා කීරීම ඔවුන් ගේ වගකීම බවට පක්ෂ නායකයන් එක්කෙනෙක් දෙනෙක් කරුණු දැක්වූ සැණින්, අවශ්‍ය නියෝග දීමට තමන් එහි යා යුතු බව කියා ශවේන්ද්‍ර ඇතුළු හමුදා ප්‍රධානීන් පිටත්විය.
ලාල්කාන්තලා, හඳුන්ලා උත්සාහ කළාට ජනයා එහි දී ද විසිරී ගියා මිස බරතල කිසිවක් සිදු නොවීය.

2022 ජූලි 9 වුණේ කුමක් දැ යි තෝරාබේරා ගැනීමට පෙර ගෝඨාභය ජනාධිපති ලෙස කළේ කුමක් දැ යි අපි තෝරා-බේරාගත යුතු නැද්ද? ඇත්තට ම ගෝඨාභය කටයුතු කළේ රට නැතිනම්, ජනතාව ගැන සිතා ද?
ගෝඨාභය ප්‍රතිපත්තිගරුක නායකයෙක් ද?
නිලන්ත සත්සර කියන කරුණු එකක් දෙකක් ගෙන බලමු:
1) රුවන්වැලි සෑයේ දිවුරුම් දීම ;
මේ ගෝඨාභය සිංහල බෞද්ධ රාජ්‍ය ගැන ගැඹුරු අවබෝධකින් නැතිනම් ආදරයකින් කළ කටයුත්තක් ද? එහෙම නම් ඔහු ගේ පාලනය අභියෝගයට ලක්වෙමින් තිබිය දී සිරස කිංස්ලි සමඟ රුවන්වැලි සෑය අසල නාටකයක් රඟ දක්වා වි ද?

ඒ වගේ ම යුද ජයග්‍රහණය සැමරීමට අටමස්ථානය පරිශ්‍රය ඇතුළත හිරු-සඳු සෑය ගොඩනැඟීමට කටයුතු කරාවි ද? උසින් මහාසෑය ද ඉක්මවන ලෙස එය ඉඳිකිරීමට සිහිනයෙන්වත් සිතයි ද?
2) "ඔබ MCC ගිවිසුම අත්සන් නොකළ නිසා ඇමරිකාව අමනාප විය" යි නිලන්ත කියයි.
ඇත්ත ද? ඇමරිකාව කටයුතු කළේ ඔහුට එරෙහි ව ද?
ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ඇතුළු අප එම්.සී.සී. ගිවිසුම පරාජය කිරීමට කටයුතු කළේ ජනාධිපතිවරණයට පෙර ය.
ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය ගේ ඇමරිකානු පුරවැසිභාවය මත ඔහු ගේ අපේක්ෂත්වය ප්‍රශ්න කෙරුණු අවස්ථාවේ, අපව මවිතයට පත් කරමින්, ඇමරිකානු තානාපති කාර්යාලය කටයුතු කළේ ඔහුට වාසි වන පරිදි ය.
ඔහු ගේ පුරවැසිභාවය අධිකරණයේ ප්‍රශ්න කෙරෙමින් තිබිය දී නිකුත් වූ ඇමරිකානු පුරවැසිභාවය අත්හල නාම ලයිස්තුවේ ඔහු ගේ නම ඇතුළත් ව නොතිබිණි. අපව පුදුම කරමින්, ඇමරිකානු පුරවැසිකම අත්හල සියල්ලන් ගේ නම් එහි ඇතුළත් වීම අනිවාර්ය නැති බවට ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළේ ය.

ඒ ඇයි?
පරගලකරුවන් ජනජීවිතය බිඳදමින් ජනාධිපති ලේකම් කාර්යාලය පවා අත්පත් කරගනිද්දී, ගෝඨාභය චං නෝනා සමඟ දෙවියන් යදිමින් සිටි බවට පළ වූ වාර්තා අසත්‍යය ද?
3) ගෝඨාභය නැගෙනහිර ජැටිය අදානිට නොදුන් නිසා ඉන්දියාව තරහ වී ලු!
නැගෙනහිර ජැටියේ සුවිශේෂත්වය නිසා එය, වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කරන බවත්, දකුණු හා බටහිර ජැටි විදේශ ආයෝජකයන්ට විවෘත කරන බවත් අප ගේ සෞභාග්‍යය දැක්මේ ම සඳහන් කර තිබිණි.
ගෝඨාභය ජනාධිපති වූ පසු තමන් ගේ වැඩපිළිවෙළ ලෙස එය පාර්ලිමේන්තුවේ සභාගත ද කළේ ය.
එසේ තිබිය දීත් ගෝඨාභයට කෙසේ හෝ නැගෙනහිර ජැටිය ම අදානිට දීමට අවශ්‍ය විය. විමල්, වාසු, උදය ඇමැතිවරුන් පළමු වතාවට අපේ ම ජනාධිපතිතුමා ප්‍රශ්න කරමින් ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූයේ ඊට එරෙහි ව ය.

ගෝඨාභය නැගෙපහිර ජැටිය ඉන්දියාවට දීමේ ප්‍රයත්නය අතහැරියේ බැරි ම තැන ය. ඒ ද අප පෙන්වාදුන් කරුණු භාවිත කරමින් බටහිර ජැටිය අදානිට දෙමිනි. ඒ නිසා මෙහි අපට මිස ඉන්දියාවට ගෝඨාභය හා තරහවීමට හේතුවක් තිබුණේ නැත.
4) වාහන පර්මිට් නොදී වරප්‍රසාද කප්පාදු කළ නිසා මන්ත්‍රීවරු විරුද්ධ වී ලු!
ගෝඨාභය මෙ වැන්නක් කළා ද?
අලුත් ව්‍යවස්ථාව වෙනුවට ගෝඨාභය ගෙනා 20 වන සංශෝධනයේ එක් උත්සාහයක් වූයේ කැබිනට් ඇමතිවරුන් ගේ 30 සීමාව හා රාජ්‍ය/නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාවට වූ සීමා ඉවත් කරගැනීම ය.
එයාර් ලංකා වැනි ආයතන විගණකාධිපති ගේ සුපරීක්ෂාවෙන් ඉවත් කරගැනීම ද 20 වන සංශෝධනයේ තවත් උත්සාහයකි. අප ගෝඨාභය හා බැසිල් සමඟ ගැටී මේ ප්‍රයත්න ආණ්ඩු පක්ෂය තුළ දී ම පරාජය කළේ ය.

එ නමුත් උත්සාහය වූයේ මන්ත්‍රීවරුන්ට ඇමැති කටු හරහා ද, සංස්ථා සභාපති ආදීන්ට විගණකාධිපති ගෙන් බාධාවක් නැතිව ද ගැරීමේ දොරටු විවෘත කිරීම ය.
දැන් වාහන බලපත්‍ර නොදීමට ගෝඨාභය මැදිහත්වී ද?
පළමු ව ගෝඨාභය සෑම මන්ත්‍රීවරයකුට භාවිතය සඳහා වාහනයක් (ඒත් ඇත්තට ම භාවිතා කොට, අයත් කරගත හැකි පරිදි වාහනයක්) ලබාදීමට උත්සාහ කළේ ය.
අඩු ම තරමින් ජනතාව ගේ දුක්-පීඩා තුනී වන තෙක් හෝ මේ සඳහා කටයුතු නොකරන ලෙස අප ආණ්ඩු පක්ෂ රැස්වීමේ නැඟූ හඬ මත මෙය නතර විය. එහෙත් විවිධ හේතු නිර්මාණය කරමින් (සංවර්ධන කමිටු සභාපති ධූර, විවිධ ව්‍යාපෘති අධීක්‍ෂණය ආදී හේතු නිර්මාණය කරමින් ආණ්ඩු පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන්ට භාවිතයට වාහන ලබාදුන් බව මගේ වැටහීම යි.
ඉන් පසු බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති වූ විට, ඍජු ව ම බලපත්‍ර දීමේ යෝජනාව ආණ්ඩු පක්ෂ රැස්වීමක සාකච්වට ගැනුණි. එහි දී බැසිල් රාජපක්ෂ මහතා කීවේ, බලපත්‍රයට ආණ්ඩුවට මුදල් වියදම් නොවන නිසා මෙය පහසුවෙන් කළ හැකි බව යි.

රටවැසියන් එ තරම් පීඩාවට පත් ව සිටිය දී මෙය සුදුසු දැ යි මම නැඟූ පැනය නිසා උණුසුම් වූ ආණ්ඩු පක්ෂ රැස්වීම, මහින්ද රාජපක්ෂ මහතා අවසන් කළේ වාහන බලපත්‍ර යෝජනාව තාවකාලික ව කල් තබමිනි. ඒ නිසා ගෝඨාභය මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කළා කීම නිවැරැදි නොවේ.
5) සාමාන්‍ය පෙළ සමත් නොවූ ලක්ෂයකට රැකියා දීම
මේ ගෝඨාභය නැතිනම් ගෝඨාභය ගේ නිලධාරීන් ඇනූ තවත් වැදගත් ව්‍යාපෘතියකි. මම මැතිවරණවලට පෙර සිට ම, මේ ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටියෙමි. එහෙත් බලයට පත් වූ පසු ඒ සඳහා මැදිහත්වීමට කිසි දු ඉඩක් අපට දුන්නේ නැත.
අ.පො.ස. (සා. පෙ.) සමත්ව නැති තරුණයන් ලක්ෂයකට රැකියා දීමේ ව්‍යාපෘතියේ අරමුණ වූයේ විවිධ කාර්මික වෘත්තීන්ට ඔවුන් පුහුණු කර, සමාජයට සම්පතක් වන ආකාරයට ඔවුන්ට රැකියා උත්පාදනය යි. මීට පෙර මහින්ද ජනාධිපතිතුමා ගේ සමයෙහි, ගෝඨාභය ආරක්ෂක ලේකම් ලෙස සරසවි වරම් ලබන සිසුන්ට පවා විවිධ හමුදා කඳවුරුවල ශාරීරික සුවතා හා විනයවත් කිරීමේ කඳවුරු පවත්වා තිබිණි.
එහෙත් කුමක් දෝ ප්‍රාතිහාර්යයකට ගෙවල්හි කාලයක් විරැකියාවෙන් පෙළෙමින් කල් මරා තිබුණු මේ තරුණ-තරුණියන්ව කිසිදු පුහුණුවකින් තොර ව ඍජු ව ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදියට අනුයුක්ත කර තිබිණි. ඔවුනට ඒ ආයතනවල පුටු මේස නොවී ය; කරන්නට දෙයක් නොවී ය. ඒ ඒ ආයතනවල ප්‍රධානීන්ට ඔවුන් වැඩක් නැතී කරදරකාරයන් විය.
මේ ගෝඨාභය නැතිනම් ගෝඨාභය ගේ නිලධාරීන් ඇනූ තවත් වැදගත් ව්‍යාපෘතියකි. මම මැතිවරණවලට පෙර සිට ම, මේ ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටියෙමි. එහෙත් බලයට පත් වූ පසු ඒ සඳහා මැදිහත්වීමට කිසි දු ඉඩක් අපට දුන්නේ නැත.
අ.පො.ස. (සා. පෙ.) සමත්ව නැති තරුණයන් ලක්ෂයකට රැකියා දීමේ ව්‍යාපෘතියේ අරමුණ වූයේ විවිධ කාර්මික වෘත්තීන්ට ඔවුන් පුහුණු කර, සමාජයට සම්පතක් වන ආකාරයට ඔවුන්ට රැකියා උත්පාදනය යි. මීට පෙර මහින්ද ජනාධිපතිතුමා ගේ සමයෙහි, ගෝඨාභය ආරක්ෂක ලේකම් ලෙස සරසවි වරම් ලබන සිසුන්ට පවා විවිධ හමුදා කඳවුරුවල ශාරීරික සුවතා හා විනයවත් කිරීමේ කඳවුරු පවත්වා තිබිණි.
එහෙත් කුමක් දෝ ප්‍රාතිහාර්යයකට ගෙවල්හි කාලයක් විරැකියාවෙන් පෙළෙමින් කල් මරා තිබුණු මේ තරුණ-තරුණියන්ව කිසිදු පුහුණුවකින් තොර ව ඍජු ව ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදියට අනුයුක්ත කර තිබිණි. ඔවුනට ඒ ආයතනවල පුටු මේස නොවී ය; කරන්නට දෙයක් නොවී ය. ඒ ඒ ආයතනවල ප්‍රධානීන්ට ඔවුන් වැඩක් නැතී කරදරකාරයන් විය.

සමාජයේ ඇගයීමට පත් ව, ගෝඨාභය රජයට කෘතවේදී වන ලක්ෂයක් වෙනුවට, සමාජයේ ගර්හාවට ලක් ව, ගෝඨාභය රජය හා වෛරයෙන් පෙළෙන ලක්ෂයක් නිර්මාණය කෙරිණි!
6) සරසවි ප්‍රවේශය 30%කින් ඉහළ නැංවීම.
දැන් මේ කතාව ඇත්ත ද? ඒ සඳහා අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කෙරිණි ද? නැතිනම් තිබුණු විශ්වවිද්‍යාල පහසුකම් වැඩි දියුණු කෙරිණි ද?
තිබෙන පහසුකම් යටතේ ම බඳවාගන්නා ළමයි සංඛ්‍යාව ව වැඩි කිරීමට ගෝඨාභය අදාල ඇමැතිවරයාට, ප්‍රතිපාදන කොමිසමට විශාල පීඩනයක් එල්ල කළේ ය. ඒ වගේ ම පැවැති බොහෝ වෘත්තිය පාඨමාලා (මිනුම්දෝරු වැනි) සඳහා උපාධි පිරිනමන ලෙස බලපෑම් එල්ල විය.
මේ සංඛ්‍යා හා ප්‍රතිශත වැඩි කරගැනීමට ගත් ක්‍රියාමාර්ග සංදර්ශනාත්මක ය; අඩුපාඩුවලින් පිරී තිබිණි.

ඒ අතර යහපාලන කාලයේ ගෙනා නව කොතලාවල පනත, මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් අප ඉදිරිපත් කළ විරෝධය නිසා හකුළාගත් කොතලාවල පනත, ඒ ආකාරයට ම, එක වගන්තියක් හෝ වෙනස් නොකර සම්මත කරගැනීමට ගෝඨාභය උත්සාහ කළේ ය.
ආණ්ඩු පක්ෂය තුළ ම පැන නැඟුන විරෝධය නිසා ඒ උත්සාහය අකුලාගැනීමට ගෝඨාභයට සිදු වූවත්, ඊට එරෙහි ව රටේ උද්ඝෝෂණ සඳහා පැමිණියවුන්, අත්අඩංගුවට ගෙන නිරෝධයනයට යවා ගෝඨාභය (නැතිනම් හොඳින් හෝ නරකින් මේ ව්‍යාපෘතියට කැපවී සිටි ආරක්ෂක ලේකම් පුමුඛ හමුදා නිලධාරීන්) නැති හිසරද රැසක් ඒ වනවිටත් නිර්මාණය කර තිබිණි.
6) කාබනික පොහොර ව්‍යාපෘතිය ;
නිලන්ත ගෙනහැර දක්වා නැති නමුත් කාබනික පොහොර ව්‍යාපෘතිය ද ඒ ලෙස ම ගෝඨාභය රජය විනාශ කළේ ය. තම පාලනයේ විනාශයේ මහා දොරටුවක් බවට ද පත් කරගත්තේ ය. සෞභාග්‍යය දැක්මෙහි වූයේ රට කාබනික පොහොරට හැරවීමේ වසර දහයක සැලැස්මක් ය. එය ආරම්භ කළ යුතු ව තිබුණේ කාබනික පොහොර නිෂ්පාදනයෙනි.
6) කාබනික පොහොර ව්‍යාපෘතිය ;
නිලන්ත ගෙනහැර දක්වා නැති නමුත් කාබනික පොහොර ව්‍යාපෘතිය ද ඒ ලෙස ම ගෝඨාභය රජය විනාශ කළේ ය. තම පාලනයේ විනාශයේ මහා දොරටුවක් බවට ද පත් කරගත්තේ ය. සෞභාග්‍යය දැක්මෙහි වූයේ රට කාබනික පොහොරට හැරවීමේ වසර දහයක සැලැස්මක් ය. එය ආරම්භ කළ යුතු ව තිබුණේ කාබනික පොහොර නිෂ්පාදනයෙනි.
ඉන්පසු එක දිස්ත්‍රික්කයක, එක වගාවකින් පටන්ගෙන අඩුපාඩු හඳුනාගනිමින්, විසඳුම් යොදමින් ක්‍රමානුකූලව යා යුතු වූ ගමනකි. හිටි අඩියේ, සියලු වගාවන්ට, මුළු රටට ම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම, ගොවියන් හා පාරිභෝගිකයන් පාරට කැඳවීමක් හැර අන් කවරක් විය හැකි ද?
ඇතමුන් කීමට තැත් කරන පරිදි, ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ජනතාව ගේ ඉල්ලීමක් නිසා නොවේ. අඩු ම තරමින් 2014/15 කාලයේ දී පටන් ගෝඨාභය රටේ නායකත්වය පිළිබඳ සිහින දැක්කේ ය. 2015 දී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලා, ප්‍රබල ඇමතිවරයෙක් ව, ඒ සඳහා පාර කපාගන්නට සියල්ල සැලසුම් කර තිබුණත්, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේ දී පරාජය වූ විට, ඒ සැලසුම වෙනස් කෙරිණ.
ඒ වෙනුවට පාර්ලිමේන්තු නොගොස් 225න් පරිබාහිර විකල්පයක් ලෙස තමාව ඔසවා තැබීමේ ප්‍රවේශයක් සැලසුම් කෙරිණි. 2018 දී නෙවේ නම් 2019 මුල ජනාධිපති තනතුර අහෝසි කිරීමේ යෝජනාවලියක් ජනතා විමුක්ති පෙරමුණ ගෙනාවිට, මහින්ද රාජපක්ෂ මහතා ඒ පිළිබඳ ව සාකච්ඡා කිරීමට සූදානම් වූ විට, ගෝඨාභය කලබල වූ ප්‍රමාණයෙන් ජනාධිපති වීමට ඔහුට තිබූ අවශ්‍යතාව පැහැදිලි විය.
'ගෝඨාභය ජනාධිපති අපේක්ෂක' හා 'ගෝඨාභය ජනාධිපති'

ගෝඨාභය ජනාධිපති අපේක්ෂක හා ගෝඨාභය ජනාධිපතිතුමා අතර කැපී පෙනෙන වෙනස්කම් පෙන්නුම් කෙරෙන ප්‍රධාන ක්ෂේත්‍ර දෙකකි; ඒ විදේශ සබඳතා ක්ෂේත්‍රයෙහි හා රාජපක්ෂකරණය විෂයෙහි ය.
1) චීනය පිටුදැකීම:
ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා කටයුතු කළේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ විදේශ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්නකු ලෙස ය. පැහැදිලි ව ම, ජනයා එතුමාව හඳුනාගත්තේ යහපාලන රජයේ ඉන්දු-ඇමරිකානු ගැති විදේශ ප්‍රතිපත්තියට එරෙහි ව කටයුතු කරන්නකු ලෙස ය.
2018 වසර අග හා 2019 වසරේ මුල එතුමා වැඩි කාලයක් ගත කළේ චීනයේ විය යුතු ය. ඒ කාලය තුළ බොහෝ භික්ෂුන් වහන්සේලා ගේ, මහජන නියෝජිතයන් ගේ, ආචාර්ය-මහාචාර්යවරුන් ගේ, ජාතික සංවිධාන නියෝජිතයන් ගේ චීන සංචාර සිදුවිය.
එහෙත් බලයට ආ ගෝඨාභය කටයුතු කළේ චීනය පිටුදකිමින් නොවේ නම්, චීනය මඟ හැර නොවේ ද? ගෝඨාභය ජනපතිතුමා ගේ පළමු නිල සංචාරය ඉන්දියාවට ය. අසල්වැසි බලවතා බැවින් එය නිවැරැදි ය. ඊට පසු, නොපමාව, චීන සංචාරය සිදුවිය යුතු තිබිණි. එහෙත් එ තුමා බලයෙන් පහ කෙරෙන තෙක් ම එය සිදුවී ද?
චීනය හා තානාපති සබඳතා ඇරැඹීම පිළිබඳ මෙන් ම චීනය හා රබර්-සහල් ගිවිසුමේ ද වැදගත් සංවත්සරයක් ගෝඨාභය ජනාධිපතිතුමා ගේ කාලයෙහි ද ඉහළ ම රාජ්‍ය-තාන්ත්‍රික සහභාගීත්වය ඇති ව සැමරීමට චීනයට වුවමනා වුව ද ගෝඨාභය ජනාධිපති අකෘතඥ ලෙස ඊට පිටුපෑවේ ය. අවසානයේ කොළඹ නෙලුම් පොකුණේ මේ සංවත්සර උලෙළ පැවැත්වුණේ මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ගේ සහභාගීත්වයෙනි.
2) රාජපක්ෂකරණය:
ගෝඨාභය ජනාධිපති අපේක්ෂක ලෙස ප්‍රක්ෂේපනය කෙරුණේ වෙනස් රාජපක්ෂ කෙනෙක් ලෙස ය; දේශපාලන මඩගොහොරුවේ නොලැග්ග රාජපක්ෂ ලෙස ය.
එහෙත් ජනාධිපති ගෝඨාභය කළේ කුමක් ද?
2) රාජපක්ෂකරණය:
ගෝඨාභය ජනාධිපති අපේක්ෂක ලෙස ප්‍රක්ෂේපනය කෙරුණේ වෙනස් රාජපක්ෂ කෙනෙක් ලෙස ය; දේශපාලන මඩගොහොරුවේ නොලැග්ග රාජපක්ෂ ලෙස ය.
එහෙත් ජනාධිපති ගෝඨාභය කළේ කුමක් ද?

ගෝඨාභය, මහින්ද, චමල්, බැසිල්, නාමල් යන රාජපක්ෂවරුන් ගෙන් සැදුණු කැබිනට් මණ්ඩලයක් පත් කිරීම ය. සංඛ්‍යාත්මකව කැබිනෙට්ටුවෙන් 25%ක්! අමාත්‍යාංශ වශයෙන් ගතහොත් 50%+? ඊට අමතර ව ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය ඇමැතිවරයෙක් කිරීම හා මාතර ලාබාල ඥතියා දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු සභාපති කිරීම!
දැන්, මේ අය මහජන ඡන්දයෙන් තේරී පත්වූ අය බැවින් තමාට විකල්පයක් නොවූ බව යි ගෝඨාභය ගේ පිළිතුර. ඇත්ත ද?
නැත; ටොන් පච ය.
බැසිල් රාජපක්ෂ මහජන නියෝජිතයෙක් ලෙස 2020 මහා මැතිවරණයෙන් තේරී පත් වූයේ නැත. 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනය නිසා, ද්විත්ව පුරවැසිකම සමඟින් ඔහුට මහජන නියෝජිතයකු වීමේ අවකාශයක් නොවී ය. ගෝඨාභය කළේ කුමක් ද? නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ගොඩනැඟූ ජනමතය අවභාවිත කරමින්, 20 වන සංශෝධනය ගෙන ඒම ය.

එහි දී ද, මේ රටේ සඟරුවනට, අපට, නව ව්‍යවස්ථාව ගෙනෙන තෙක්, 19 වන සංශෝධනය ආපසු හැරවුව ද, ද්විත්ව පුරවැසියන් සම්බන්ධයෙන් විවර වන ඉඩ ප්‍රයෝජනයට නොගන්නා බවට දුන් ප්‍රතිඥා කඬ කරමින් ද්විත්ව පුරවැසි බැසිල්ව මුදල් ඇමැති කිරීම ය.
මෙහි දී ගෝඨාභය මහසඟරුවනට, සන්ධානයේ සහෝදර පක්ෂවලට හා ජාතික සංවිධානවලට සහමුලින් ම පිටුපෑවේ ය. ඒ ඇයි? සිය පවුල වෙනුවෙන් ද? ඉන්දියාව වෙනුවෙන් ද? ඇමරිකාව වෙනුවෙන් ද?
අවශ්‍යතාවක් වී නම්, ගෝඨාභයට මහසඟරුවනේ හා අප ගේ විරෝධතාව හේතුවක් කරගෙන ද්විත්ව පුරවැසියන්හට 19 වන සංශෝධනයෙන් පැනවුණු සීමා ඉවත් නොකර සිටීම පහසුවෙන් ම කළ හැකි ව තිබිණි.
නැතිනම්, ඒ සංශෝධනයට අප ගේ සහයෝගය ලබාගැනීමට දුන් ප්‍රතිඥා අනුව, ඒ දුෂ්ට ක්‍රියාවෙන් වැළැකිය හැකි ව තිබිණි. එසේ නම්, එසේ නම්, පාර්ලිමේන්තුවේ 2/3 බලය ලබාගත් සැණින්, තමා බලයට ගෙනා ජාතික බලවේගවලට පිටුපාමින් මේ බැසිල්කරණය, මේ ඉන්දු-ඇමරිකානුකරණය ගෝඨා සිදු කළේ ඇයි? ඔහු බලයට ආවේ මේ සඳහා ම ද?
මෙහි දී ගෝඨාභය මහසඟරුවනට, සන්ධානයේ සහෝදර පක්ෂවලට හා ජාතික සංවිධානවලට සහමුලින් ම පිටුපෑවේ ය. ඒ ඇයි? සිය පවුල වෙනුවෙන් ද? ඉන්දියාව වෙනුවෙන් ද? ඇමරිකාව වෙනුවෙන් ද?
අවශ්‍යතාවක් වී නම්, ගෝඨාභයට මහසඟරුවනේ හා අප ගේ විරෝධතාව හේතුවක් කරගෙන ද්විත්ව පුරවැසියන්හට 19 වන සංශෝධනයෙන් පැනවුණු සීමා ඉවත් නොකර සිටීම පහසුවෙන් ම කළ හැකි ව තිබිණි.
නැතිනම්, ඒ සංශෝධනයට අප ගේ සහයෝගය ලබාගැනීමට දුන් ප්‍රතිඥා අනුව, ඒ දුෂ්ට ක්‍රියාවෙන් වැළැකිය හැකි ව තිබිණි. එසේ නම්, එසේ නම්, පාර්ලිමේන්තුවේ 2/3 බලය ලබාගත් සැණින්, තමා බලයට ගෙනා ජාතික බලවේගවලට පිටුපාමින් මේ බැසිල්කරණය, මේ ඉන්දු-ඇමරිකානුකරණය ගෝඨා සිදු කළේ ඇයි? ඔහු බලයට ආවේ මේ සඳහා ම ද?

බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති කටයුතු කළේ ඉන්දු-ඇමරිකානු අවශ්‍යතා හා ලංකාව ගැටගැසීමට බව පැහැදිලි ය. ඉන්දියානු හා ඇමරිකානු බලශක්ති වුවමනාවන් වෙනුවෙන් ලංකාවේ ස්වාධීනත්වය කැපකිරීමට වෙර දැරුණේ එදා ය.
මීට වෙනස් අදහස් ආණ්ඩු පක්ෂය තුළ ම ඉතා ප්‍රබල ලෙස තිබුණු මුත් ගෝඨාභය ජනාධිපතිට අවශ්‍ය වූයේ මේ මාර්ගයේ ම ඉදිරියට යෑම බවට සාධක බොහෝ ය. මහාචාර්ය ලක්ෂ්මන් විශ්‍රාම ගැනීමත් සමඟ කබ්රාල්ව මහබැංකුවේ අධිපති ලෙස පත් කළ මුත් ඔහු ගේ එක ද යෝජනාවක්වත් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට හෝ නොගත් බව දැන ගන්නට ඇත.
ඒ වෙනුවට ජනතා විරෝධය හමුවේ බැසිල්ට මුදල් ඇමැතිකම අහිමි වූ කළ, ඒ වෙනුවට අලි සබ්රි මුදල් ඇමති කර, උත්සාහ දරමින් තිබුණේ ද මුල්‍ය අරමුදල අනුදක්නා මාවතට ලංකාව යොමු කරලීමට ය. ඒ ක්‍රියාවලියේ තිරය පිටුපස මිලින්ද මොරගොඩ හා යහපාලන යුගයේ අසීමාන්තික ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර උගුලක රට සිර කළ මහබැංකු අධිපති වූ කුමාරස්සාමි මහතා ද වූ බව දැනගන්නට ඇත.

එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල, චීනයේ තනාපති වූ පාලිත කොහොන ගේ ද සහාය ඇති ව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීම් කඩනොකර කරනු පිණිස ණය පහසුකම් සඳහා චීනයේ එකඟතාව ගත් සැණින්, එය ක්‍රියාවට නැඟීමට ඉඩ නොතබා, කඛ්රාල් ඉවත් කිරීම, නන්දලාල් මහබැංකු අධිපති ලෙස පත් කිරීම, රාජකාරී දින දෙකක් තුළ ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම, - මේ සියල්ල සිදුවන්නේ ගෝඨාභය ගේ මේ කාණ්ඩයමේ මෙහෙයවීම මත ය.
පාවා දුන්නා ද? පාවාදීමට සිදුවුණා ද?
ගෝඨාභය සිය ජනවරම පාවාදුන් නායකයකු බව පැහැදිලි ය.
ඔහු බලය ලබාගත්තේ ඒ වෙනුවෙන් ම ද? නැතිනම්, ඇමරිකාවට අවශ්‍ය පරිදි නැටවෙන උගුලකට ඔහු හසුවී ද?
මහින්ද රාජපක්ෂ යුගයේ ආරක්ෂක ලේකම් ලෙස රාජ්‍යය වෙනුවෙන් ගත යුතු පියවර ගැනීමට ගෝඨාභය පසුබට නොවී ය. එ සේ නම් ජනාධිපති වූ පසු ඔහු ඒ සඳහා පසුබට වූයේ ඇයි?

මහින්ද ගේ ආරක්ෂක ලේකම් ගෝඨාභය ඇමරිකානු පුරවැසියෙකි. ජනාධිපති ගෝඨාභය ඇමරිකානු පුරවැසි බව අත්හළ ශ්‍රී ලාංකිකයෙකි. ඔහු විශ්‍රාමිකයකු ලෙස කල් යැවීමට බලාපොරොත්තු වූයේ ලංකාවේ ද? ඇමරිකාවේ ද? ඔහුට ඒ සඳහා ඇමරිකානු හොඳහිත අවශ්‍ය වී ද?
ගෝඨාභයට ලංකාව හා සුවිශේෂි බැඳීමක් වී ද? වී නම් ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලංකාව දරුණු ලෙස ලක්වෙද්දී, සිය හමුදා දිවියෙන් විශ්‍රාමගෙන ඇමරිකාවේ දිවිගෙවීමට යනු ඇතැයි සිතිය නොහැකි ය. ඒ අනුව ඔහු අප රටේ ජනාධිපතිවීමට ඉදිරිපත් වුව ද, විශ්‍රාම දිවිය ගැන සිහින දකින්නට ඇත්තේ, සිය දරු-මුණුපුරන් සමඟ ඇමරිකාවේ ගෙවන දිවියක් විය යුතු ය.
මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ උද්ඝෝෂකයන්ට හැරෙන තැපෑලෙන් උත්තර දුන් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂකයන්ට වාඩිලෑමට ඉඩදෙන සිරිසඟබෝ කෙනකු බවට පත් කළේ මේ අනාගත අපේක්ෂාව ද? ලසන්ත කියන පරිදි ගෝඨාභය ගෙන් තමන්ට අනතුරක් නොවන බවට පරගලකරුවන්ට එ තරම් ම විශ්වාසයක් තිබුණේ, ගෝඨාභයව මෙහෙයවූ තානාපති කාර්යාලය ඔවුන්ට ඒ සහතිකය දී තිබූ නිසා ද?

ගෝඨාභය ජනාධිපති වූයේ ම ඇමරිකානු වුවමනාවන් වෙනුවෙන් නොවේ නම්, ඔහු රාජ්‍ය නායකයා ලෙස සිය වගකීම්, තම දරු-මුනුපුරන් සමඟ ගෙවන විශ්‍රාම දිවියක සිහිනය වෙනුවෙන් පාවාදුන්නේ ද? ආචාර්ය නලින් ද සිල්වා ද සිය අදහස් දැක්වීමක ගෝඨාභයට සිය දරු-මුනුපුරන් හා විශ්‍රාම දිවිය ගෙවීමට වුවමනා වී නම්, එය වරදක් දැ යි අසා තිබිණි.
මෑත ඉතිහාසයේ ජාතික ව්‍යාපාරයට වඩාත් ම හානි සිදු වූයේ ගෝඨාභය ගේ පාවාදීම් නිසා ය. ඒ නිසා නොවේ නම්, අද අප රට පත් ව ඇති අවාසනාවන්ත තත්වයට කිසිලෙසවත් පත්වන්නේ නැත. ජාතික ව්‍යාපාරයකට, ජාතික දේශපාලනයකට යළි හිස එසවිය හැක්කේ ගෝඨාභය පිළිබඳ සත්‍යයට මුහුණදීමෙනි.
(ගෙවිඳු කුමාරතුංග)යුතුකම සංවාද කවය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
gevinducumaratunga@gmail.com
උපුටා ගැනීම | Gevindu Cumaratunga ෆේස්බුක් පිටුවෙන්....



