මනී ඉන්ටරෙස්ටිං චරිතයක්. ඔහු දක්ෂ ව්‍යවසායකයෙක් විය යුතුයි. ඔහුට අපි දන්න තරමට රොකට් උපාධි නෑ. නමුත් ඔහු විශාල ආයෝජන ආකර්ශනය කරගන්නත්, කලමණාකරනය කරගන්නත්, ඊටත් වඩා නොදන්නා අලුත් ක්ෂ්‍රෙත්‍රයකට අතගසා ව්‍යාපාර ගොඩනගාගන්න, වගේම සාර්තක කරගන්න ශක්තිය හා හැකියාව ගොඩනගාගෙන තියෙන කෙනෙක් විය යුතුයි.
ඊටත් වඩා ඔහු දැනටමත් ලොකේ බිලියනර්ස්ලාට කතා කරන්න පුලුවන් තරමට හැකියාවක් හදන් තියෙන කෙනෙක්. ලෝකෙටම ඇත්තේ බිලියනර්ස්ලා 3000 ක් විතර වෙන්න ඇති.

සමහරු ආසා නැති වුනාට - විශාල ආයෝජන ව්‍යාපෘති වලට කවුරු බලයට ආවත් ව්‍යාපෘති යෝජනා උස්සං යන්න වෙන්නේ ඔය බිලියනයර් ක්ලබ් එකේ අය ලගට තමයි. ඉතිං බිලියනයර්ස්ලා කන්වින්ස් කරගෙන තම තමුංගේ රටවල ආයෝජනය කරගන්න ලෝකයම තරඟකාරී උත්සාහයක ඉන්නවා. මනීලා එහෙම අයට ව්‍යාපාර යෝජනා ගෙනිහිං අනුමත කරං - අවුරුදු 13 ක් දුවලා ආදායං උපදලා, ව්‍යාපාර වර්ධනය කරලා කියන්නේ - සල්ලි ගෙවලා ඉගෙන ගන්න වටින දැනුමක් ඔවුන් සතු විය යුතුයි.
ඉතිං ඒ හැකියාවන් කොහොම ආවද කියලා කවුරුත් දන්නේ නෑ. ඔයාලාට පල්ලේ කැලේ ගියොත් ඒ ගොඩනැගිලි බලන්න පුලුවන්. ලංකාවේ ඉදන් ඩොලර් දෙදාහක් මාසයකට උපයගන්න බැරි බහුතරයක් ඉන්න රටක - මනී ජාත්‍යන්තරයට ගිහිං පතල් කරන්නේ, සැටලයිට් කරන්නේ, ලොකේ වටේ ඔපිස් දුවන්නේ කොහොමද කියලා මම නං කියන්නේ විශ්ව විද්‍යාල වලට ගෙන්නං අහගන්නයි ඕනෑ. විශ්ව විද්‍යාල වලට ගෙන්නගන්න ඕනෑ - අබියෝග වලට මූණ දීලා ජීවිත ජය ගත්තු මිනිස්සුයි.

ඇත්තටම අමුතු දේවල් කරලා ධනය නිර්මාණය කරන මිනිස්සු විශ්ව විද්‍යාල වලට ආරාධනා කරලා, ස්ටාටප් වලට ආරාධනා කරලා, ඔවුංගේ දැනුම හා අත්දැකීම සමාජයට බෙදා දිය යුතුයි. නැත්නං කවුරුත් නොදැන ඔවුංගේ දැනුම හා හැකියාවන් ඔවුන් සමගම අභාවයට යාවී. එය සංවර්ධිත රටක් හදන අපේ අභිලාෂ වලට පිටුවහලක් නෙමෙයි.
ලංකාවේ ඩොලර් මිලියන 20 න් පටං ගත්තු BOI ව්‍යපෘතියක් මිලිය 320 දක්වා වර්ධනය වුන විදිය, ප්‍රාග්ධනය හොයාගන්න විදිය, පාට්නර්ශිප්
කොලැබොරේසං වලට යන විදිය, ඉගෙන ගන්න එකයි වැදගත්. අපි ඇත්තටම කටපාඩං කරලා, කෝස් වර්ක් දීලා ඇම් බී ඒ කරලා වැඩක් නෑ. සැටිපිකට් මිටියක් උස්සං ජීවත් වෙන එක නෙමෙයි විය යුතු. ප්‍රායෝගික ලෝකයේ වැඩ කරපු මිනිස්සුංගේ අහං දැනං ඉගෙන ගන්න එකයි වැදගත්.
අපිට ඉටියෙන් හරි මැටියෙන් හරි - ධනය නිර්මාණය කරන්න දන්න, මිනිස්සු, ව්‍යවසාකයන් හදාගන්න එක වටිනවා. ඔවුන් මෙබදු ඉනොවේටිව් ඔපචුනිටි හොයාගන්නා ආකාරය, ඒවාට ප්‍රාග්ධනය සපයාගන්නා ආකාරය, ඒවා සාර්තකව නිහඩව දුවවන ආකාරය උගත් අලුත් ව්‍යවසායික ප්‍රජාවක් ලංකාව නිර්මාණය කර ගත යුතුයි. එබදු මිනිසුංට විතරයි පුලුවන් අපේ රටේ හිගය, මන්දපෝසනය, දුප්පත්කම, පෝලිම, නැති කරලා සංවර්ධිත රටක් ගොඩනගන්න අවශ්‍ය ධනය නිර්මාණය කරන්න.
ලුවී කීවා!
උපුටා ගැනීම - Charaka Kahandawa ගේ ෆේස්බුක් පිටුවෙන්...




