ආන්ඩුව මොන එකකටද අපේ ලිංගික හැසිරීම් පාලනය කරන්නෙ කියන එක.
ඒක දෙමව්පියන්ට, ඕන නං ඒ අයගෙ පන්සල්වලට පල්ලිවලට, පාලනය කරගන්න පුළුවන්. නීතිය මොකටද ඒක පාලනය කරන්න?
සමාජය හෝ සම්ප්රදාය විසින් පාලනය කළ යුතු දේවල් වෙනයි, නීතියෙන් පාලනය කළ යුතු දේවල් වෙනයි. එතකොට කැමති අයට පුළුවන් නිදහසේ ලිංගිකව හැසිරෙන්න. අකමැති අයට පුළුවන් එහෙම නොකර ඉන්න.
තමන්ගෙ දරුවා අවුරුදු පනහක් හැටක් වෙනකල් ලිංගිකව හැසිරෙන්නෙ නැතුව කන්යාභාවයෙන් තියාගන්න කැමති දෙමව්පියෙකුට ඕන නං එහෙම කරන්නත් පුළුවන්. කවුරු හරි බලහත්කාරෙන් කෙනෙක්ව ලිංගික හැසිරීමට පොළඹනවා නම් ඒකට කොහොමත් නීති තියෙනවා.
අද බයිතක්සලාවට ගියා සෙස් ගැන කතා කරන්න. ඔන්න වීඩියෝ එක පහල තියෙනවා.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්යක්ෂ - facultyofsex
vyadhadeva@gmail.com
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)




