The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
Opinion

ආනන්ද විජේපාල, තිලකරත්න ඩිල්ශාන්, 'ආචාර්ය' රංවල සහ ලංකාවේ අනන්‍යතා අර්බුදය | Saroj Pathirana

T

The Leader Desk

October 12, 2025 • 5:00 AM

ආනන්ද විජේපාල, තිලකරත්න ඩිල්ශාන්, 'ආචාර්ය' රංවල සහ ලංකාවේ අනන්‍යතා අර්බුදය | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමක් කියන්නේ පුද්ගලයෙකුගේ පළවෙනි අනන්‍යතාව.
  • ඒත් කිසියම් විදියකින් ඇමතිවරයා තමන්ගේ අනන්‍යතාව වෙනස් කරගෙන තියෙනව නම් ඔහුට ඒකට සාධාරණ හේතුවක් ඇති.
  • සමහර විට ඇමති ආනන්ද විජේපාල - එහෙම කළා නම් - නම වෙනස් කළේ දෙමළ ජාතිකයෙක් විදියට පෙනී හිටියොත් අපේ සමාජයේ ප්‍රගතියක් ලබන්න බෑ කියල හිතුණ නිසා වෙන්න ඇති.
  • මේ තුවාන් මොහමඩ් කියන මුස්ලිම් තරුණයා ජාතික ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වෙන්නේ, බුද්ධාගම වැළඳගෙන තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ශාන් කියල නම වෙනස්කරලා තිලකරත්න ඩිල්ශාන් විදියට.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙනෙකුට ඒ අනන්‍යතාව හංගන්න සිද්ද වෙන්නේ බොහෝ දුරට සමාජයෙන් මතුවෙන කිසියම් පීඩනයකින් ගැලවෙන්න. බරපතලම හේතුවක් නැත්නම්, කිසිම කෙනෙක් පහසුවෙන් ඒ වගේ තීරණයක් ගනීවි කියල මම විශ්වාස කරන්නේ නැහැ.  

ආගමික හෝ වාර්ගික නොසලකා හැරීම්, සමාජයෙන් මතුවන ප්‍රචණ්ඩත්වය, දේශපාලන ප්‍රවණතා වගේ විවිධ ආකාරයකින් මේ සමාජ පීඩනය මතුවෙන්න පුළුවන්. කිසිවෙකුට සමාජයෙන් එල්ලවෙන පීඩනය නිසා එහෙම කරන්න සිද්දවෙනව කියන්නෙම ඒ සමාජය කොයිතරම් නොදියුණු ද කියල කියා පාන කැඩපතක්.

1756715981 ananda wijepala L

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ගේ අනන්‍යතාව ගැන පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල ඉතාම පහත්, ජාතිවාදී ප්‍රචාරයක් යනවා මම දැක්ක. ඇමති විජේපාල ගේ තාත්ත සිංහල ද, දෙමළ ද කියල මම දන්නේ නැහැ. ඒත් කිසියම් විදියකින් ඇමතිවරයා තමන්ගේ අනන්‍යතාව වෙනස් කරගෙන තියෙනව නම් ඔහුට ඒකට සාධාරණ හේතුවක් ඇති. සාධාරණ හේතුවක් නැතුව කිසිම පුද්ගලයෙක් තමන්ගේ අනන්‍යතාව හංගන්නේ හෝ වෙනස් කරන්නේ නැහැ.

ලංකාවේ සමාජ දේහය තුළ හැංගිලා තියන කුල පීඩනය මේ විදියට මිනිස්සු තමන්ගේ අනන්‍යතාව හංගන එක හේතුවක්. කුල පීඩනය නිසා කුල පීඩිතයින් තමන්ගේ පෙළපත් නම් වෙනස් කරනව මම ඕන තරම් දැකල තියෙනව.

ජාතිවාදී, ආගම්වාදී නොසලකා හැරීම් නම, ගම හංගන තවත් ප්‍රධාන හේතුවක්.

සමහර විට ඇමති ආනන්ද විජේපාල - එහෙම කළා නම් - නම වෙනස් කළේ දෙමළ ජාතිකයෙක් විදියට පෙනී හිටියොත් අපේ සමාජයේ ප්‍රගතියක් ලබන්න බෑ කියල හිතුණ නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් ඔහුට වෙන දේශපාලනික හේතුවක් තියෙන්නත් පුළුවන්.

 

68nnhgg

තුවාන් මොහමඩ් කියල ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක් විදියට හිටිය කියල මම කිවුවොත් බොහෝ දෙනා පිළිගන්න එකක් නැහැ. මේ තුවාන් මොහමඩ් කියන මුස්ලිම් තරුණයා ජාතික ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වෙන්නේ, බුද්ධාගම වැළඳගෙන තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ශාන් කියල නම වෙනස්කරලා තිලකරත්න ඩිල්ශාන් විදියට.

මේ නම් වෙනස් කිරීමට හේතුව ලංකාවේ සමාජයේ මුල් බැහැගෙන තියන වාර්ගික අසමානතා වෙන්න පුළුවන් කියල සමහරු තර්ක කරනවා මම දැක්ක. ඔවුන්ගේ අදහස වෙලා තිබුණෙ මුස්ලිම් ජාතිකයෙකුට ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරියට යන්න බැහැ කියල. නමුත් තිලකරත්න ඩිල්ශාන් කිවුවේ, ආගම වෙනස් කිරීම වගේම අම්මගේ සිංහල-බෞද්ධ අනන්‍යතාව එක්ක වඩාත් සමීපව පෙනී ඉන්න තිබුණ කැමැත්ත නිසා මුල් නම වෙනස් කළා කියල. හේතුව කවරක් වුණත්, පැහැදිලිවම ඒක ඔහුගේ අයිතිය සහ කැමැත්ත.

ඇමති ආනන්ද විජේපාලට ඉතාම පහත් විදියට වර්ගවාදී "ඩයස්පෝරා" චෝදනා එල්ලකරන සමාජය, ඩිල්ශාන් ගේ තෝරා ගැනීම ගැන කිසිම විවේචනයක් කරනවා මම දැක්කේ නැහැ.  

Ashoka Ranwala
හිටපු කතානායක "ආචාර්ය" රංවල ගේ උපාධි සහතිකය ගැන අර්බුදයේදීත් ඒ වගේ නම් වෙනස්වීමක් ගැන සමහර වාර්තා පළවෙලා තිබුණ. ඒ වාර්තාවල විදියට හිටපු කතානායකතුමා ජපානයේ ආචාර්ය උපාධිය හදාරල තියෙන්නේ වෙනත් නමකින්. අසූව දශකයේ අග භාගයේ ප්‍රේමදාස ආණ්ඩුවේ භීෂණයත් එක්ක බොහෝ ජවිපෙ කාඩර්වරු පෙනී හිටියේ ආරූඩ නම්වලින්. සමහරවිට රන්වලත් ආරක්ෂාව සඳහා එහෙම නමකින් පෙනී හිටිය වෙන්න පුළුවන්. (නම් වෙනස්කිරීම කොහොම වුණත්, මූලික උපාධියක් නොතිබුණ කෙනෙක් ආචාර්ය උපාධියක් ගත්තේ කොහොමද කියන එක නම් ප්‍රශ්නයක්.) මහජන ආරක්ෂක ඇමතිවරයාටත් නම් වෙනස්කරන්න සිද්ද වුනේ ජවිපෙ භීෂණය කාලේ මතුවුණ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.  

කවර හේතුවක් නිසා වුණත්, කිසියම් පුද්ගලයෙක් දෙමාපියන් තමන්ට දුන්න අනන්‍යතාව වෙනස් කරන්නේ ඔහුට හෝ ඇයට එසේ නොකර බැරි හේතුවක් තියන නිසා. ඒක ඒ පුද්ගලයාගේ පෞද්ගලික තීරණයක්. ඒ තීරණයෙන් බාහිර සමාජයට කිසිම අහිතකර බලපෑමක් නැත්නම්, කිසිවෙකුගේ අනන්‍යතාව උපුටාගෙන පහත් ලෙස අපහාස කිරීම ඉතා නොදියුණු, ගෝත්‍රික සමාජයක ලක්ෂණයක්.

Xv1 Cg6r 400x400(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ඔක්තෝබර් 10

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...