පසුගියදා ගල්කිස්ස අධිකරන භුමියේ සිදුවු ක්‍රියාකාරම් දෙකෙන් එකක් පදනම් කොටගෙන සමාජ මාධ්‍යය ගිනිගෙන තිබේ.
සමාජ මාධ්‍ය හරහා නැගෙන හඩ දඩමීමා කරගෙන ශ්‍රී ලංකා පොලිසිය වන්නිනායක නීතිඥ වරයා දඩයම් කරන්නට යනබවක් දැන් දැන් පෙනෙන්ට තිබේ.
කෙසේ නමුත් නීතිඥයාට පහර දීමේ සිද්දිය දැන් තිබෙන්නේ අධිකරනය ඉදිරියේය. අදාල පොලිස් නිලධාරියා දැන් අධිකරනය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට තිබේ.
ශ්‍රී ලංකා පොලිසිය ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාට අදාල නිලධාරියා අධිකරනයට සැකකරුවකු ලෙස ඉදිරිපත් කරමින් කරුනු වාර්ථා කලේ කෙසේද යන්න මෙහිලා වැදගත් වන්නේය. නීතිඥවරයාගේ කතාවට අනුවම ඔහු ඇසින් දුටු සාක්ෂි කරුවෙකි. එය එසේ නම් පැමිනිල්ල පොලිස් නිලධාරියාට එරෙහිව ගොනු කරන අනාගත චෝදනා පත්‍රයක් තුල වන්නිනායක නීතිඤවරයා පැමිනිල්ලේ සාක්ෂි කරුවෙකි.
කරුනු එසේ නම් දැන් පොලිසිය හදන්නේ නඩුවක සාක්ෂි කරුවකුට වක්‍ර ආකාරයෙන් බලපෑම් කිරීමටය.
එවැනි නඩුවක වැදගත්ම කරුන වන්නේ නිලධාරියා විසින් නීතිඥයාට පහර දුන්නා නම් එය අපරාධ නඩු විධාන සංග්‍රහය තුල ගැනෙන අවම බලය භාවිතා කිරීමක්ද නැතහොත් දන්ඩ නීති සංඝ්‍රහය යටතේ ගැනෙන පුද්ගලයකුගේ ශරීරයට එරෙහිව සිදු කරන ලද ප්‍රහාරයක්ද යන්නය.
කරුනු එසේ තිබියදී ශ්‍රී ලංකා පොලීසිය නීතිඥ වන්නිනායක ගේ වාර්ථාවන පරුෂ වදන් අරබයා කිපී තිබෙන බවත් ඒ අනුව සමාජ මාධ්‍යය තුල නැගෙන උද්ඝෝශකයන්ගේ කීමට වන්නිනායක නීතිඥවරයා දඩයම් කිරීමට සැරසෙන බවක් දැන් දැන් පෙනෙන්නට තිබේ.
ලැබෙන තොරතුරු අනුව මේ වන විට ගල්කිස්ස පොලිසිය වන්නිනායක නීතිඥවරයා අරබයා පරීක්ෂනයක් පැවැත්වීමට කටයතු කරමින් කටඋත්තරයක් ගැනීමට ඔහු පොලිසියට කැදවා තිබේ.
අපට අනුව නම් වන්නිනායක අරබයා පරීක්ෂනයක් පැවැත්වීමට තරම් අපරාධ නිමිත්තක් ඇත්තේම නැත.
ශ්‍රී ලංකා පොලිසිය වර්ථමානයේදී දේශපාලනී කරනය වී ඇති බවට චෝදනාවක්ද තිබේ.
මෑතකදී විමල් වීරවංශ කියා තිබුනේ දැන් තිබෙන්නේ ශ්‍රී ලංකා පොලිසියක් නොව ජවිපෙ පොලිසියක් බවය. එම චෝදනාවට සැබෑ පදනමක් තිබුනේය. ඒ පොලිසියට පුද්ගලයකු ලබා දුන් කට උත්තරයක් පදනම් කොට ගෙන මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීම හේතු කොට ගෙනය.
මේවන විට සීඅයිඩියේ ප්‍රාථමික කාර්යවී ඇත්තේ ආන්ඩුවේ මැති ඇමතිවරුන් විසින් තමන්ට මාධ්‍ය අවකාශය තුල සිදු කරන අපහාසයන් පදනම් කොට ගෙන කෙරෙන පැමිනිලි විභාග කිරීමටය.
අපරාධමය අපාහාසය (criminal defemation ) දැන් දන්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කොට තිබුනද සීඅයිඩීය ඒ පිලිබදව වගේ වගක් නැතිව ආන්ඩුව සතුටු කිරීමට තමන්ට ලැබුනු පැමිනිලි විභාග කරමින් චෝදනා ලැබු පුද්ගලයින් පොලිසි වලට කැදවමින් පුද්ගල කරදරය දිගින් දිගටම කරගෙන යමින් සිටී.
පොලිස්පති වරයා දැන්වත් ශ්‍රී ලංකා පොලීසිය වෘත්තිමය පොලිසියක් බවට පත් කිරීමට කටයුතු කල යුතුය.
පොලිසිය පරීක්ෂන ඇරඹීම සදහ භාවිතා කල යුතු මුල් තොරතුර විය යුත්තෙ සමාජ මාධ්‍ය තුල මතු කෙරෙන කෘතීම උද්ඝෝෂන නොවේ.
වන්නිනායක පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැනීම අපරාධ නිමිත්තක්ද යන්න සොයා බැලිය යුත්තේ එය අදාල නිලධාරියාගේ රාජකාරියට භාධාවක් වුයේද යන්න අනුසාරයෙනි.
එය එසේ නොවන්නේ එම නිලධාරියාගේ ක්‍රියා කලාපය වැරදි බව පොලිසියම පිලිගෙන ඔහු අත්අඩංගුවට ගෙන පොලිසිය විසින්ම අධිකරනය ඉදිරියට පැමිනවීම නිසාය.
එසේ නම් නීතිඥ වන්නිනායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට තරම් වු කරුනක් සමාජය ඉදිරියේ පවතින්නේ නැත.
ඒ අනුව ඉතිරි වන්නේ වන්නිනායක භාවිතා කල පරුෂ වදන් පිලිබද ප්‍රශ්නය පමනකි.
එම ප්‍රශ්නය විසදාගත යුත්තේ වෘත්තිමය සදාචාරය තුල මිස පොලීසිය තුල නොවේ.
නීතිඤ වන්නිනායක කොළඹ මහේස්ත්‍රාත් අධිකරන නීතිඤ සංගමයේ නීතිඥ වරුන්ගේ සංගමයේ සභාපති වරයාය.
ඔහුගේ දෑස් ඉදිරියේ පොලිස් නිලධාරියකු තම සහෝදර නීතිඥයකුට පහර දීම ඔහු නිරීක්ෂනය කරයි.
අසාධාරනයට එරෙහිව සැමදා නැගී සිට සටන්කොට ලබාගෙන තිබු පරිචයක් තිබු වන්නිනායකට තම උන් හිටි තැන අමතක වීම පුදුමයට කරුනක් නොවේ. එවැනි අවස්තාවක සැබවින්ම බලවතා වන්නේ අදාල පොලිස් නිලධාරියා මිස නීතිඥයා නොවේ. පීඩිතයා වෙනුවෙන් පීඩකයාට එරෙහිව දක්වන ප්‍රතිචාරය සැම විටම ශිෂ්ඨ සම්පන් විය නොහැකිය. වන්නිනායකගේ පරුෂ වචන ප්‍රතිචාරය එලි දැක්වෙන්නේ දියත් කෙරුන බලයට එරෙහිවය.
පොලිසිය විසින් සාමාන්‍ය පුරවැසියකුට පහර දුන් අවස්තාවකදී පොලිසියට එරෙහිව පුරවැසියන් දැක්වු ප්‍රතිචාරයන් විවිධ අවස්තා වලදී අප දැක තිබේ.
එසේ නම් දැන් වන්නිනායකව දඩුකදේ ගසන්නට යයි කෙරෙන ඝෝෂාවෙහි හරයක් ඇත්තේ නැත.
පොලිසියට කියන්නට තිබෙන්නේ කරුනාකර මේ සිද්දියෙන් පිටස්තර වන්නට කියාය.
එසේ නොවන්නේ නම් පොලිස්පති වරයාද ජවිපෙ ආන්ඩුවද අත ගසන්නට යන්නේ කොහොල්ලා ගුලියකටය.
පොලිස්පතිට අවශ්‍ය නම් වන්නිනායකට එරෙහිව අගවිනිසුරු තුමන්ට පැමිනිලි කොට වෟත්තිය ආචාර ධර්ම කඩවී තිබේදැයි සොයා බලන්නට පුළුවන.
(සටහන | නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
slakthilaka@gmail.com
@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...
2025 ඔක්තොම්බර 12
සබැඳි ලිපියක් :
ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවීම ගැන CCTV ඔස්සේ විමර්ශන




