The Leader News
BREAKING
Top Ad
Opinion

ආයෙත් හරින්...| Mahesh Hapugoda

T

The Leader Desk

October 23, 2025 • 4:55 AM

ආයෙත් හරින්...| Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක වෙලාවක යහපාලනයේ සමාරම්භක ජයග්‍රහණය අරන් එන්නේ හරින්.
  • විශේෂයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ ජනප්‍රිය බව සෑහෙන අභියෝගයකට ලක්වෙලා තියෙන වෙලාවේ.
  • හැබයි ඒක ඔවුන්ටත් නොදැනීම ඔවුන්ගේ අනාරක්ෂිත (insecurity) බව ගැන යම් නිර්ණායකයක් සපයනවා).
  • දැනට මාලිමාව තියෙන්නේ අතත්‍ය අවකාශයක (virual space) විතරක් වගේ බවයි මගේ හැඟීම.
අකුරු ප්‍රමාණය (Font Size):

එක වෙලාවක යහපාලනයේ සමාරම්භක ජයග්‍රහණය අරන් එන්නේ හරින්. බදුල්ලෙන්.

දැනට දැනගන්න තියෙන විදියට ඔහුට කරන්න වෙන්නේ කරන්නේ ඩිජිටල් යුද්දයක්. ඒ කියන්නේ ලංකාවේ ඩිජිටල් වේදිකාව පොදු විපක්ෂය පැත්තට ගන්න එක.

ඩිජිටල් වේදිකාව කියල මහා ලොකු එකක් නැහැ. තියෙන්නේ ෆේස්බුක් එකයි යූටියුබ් ෆ්ලැට්ෆෝම් කීපයකුයි විතරයි. ඒ ටික 'බැලන්ස්' කරන්න පුළුවන් උනොත් 'ජනමතය' කියන එක සෑහෙන දුරට මැනිපියුලේට් (manipulate) කරන්න පුළුවන්. විශේෂයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ ජනප්‍රිය බව සෑහෙන අභියෝගයකට ලක්වෙලා තියෙන වෙලාවේ.

 

Screenshot 2025 10 23 101708
මේ වෙනකොට ජාතික ජන බලවේග ආණ්ඩුව කියන්නේ පොඩි දෙයිනුත් කලබල වෙන දේශපාලන බලවේගයක්. මම මුට්ටිය දාන්න වගේ විමුක්ති කුමාරණතුංග ගැන පෝස්ට් එකක් දැම්ම. ඒකට මාලිමා හා හා රියැක්ට් ගොඩයි (ඒක නම් මම කොහෙත්ම ගණන් ගන්නේ නැහැ. හැබයි ඒක ඔවුන්ටත් නොදැනීම ඔවුන්ගේ අනාරක්ෂිත (insecurity) බව ගැන යම් නිර්ණායකයක් සපයනවා).

ඊළඟට ඇමෙරිකාවේ මිනිස්සු පාරට බැහැල ඉන්නවා දැම්ම. ඒකටත් එහෙමයි. කලබලයි. ලංකාවේ කිසිම ආණ්ඩුවක් හෝ දේශපාලඥයින් ඉතාම අසීරු අවස්ථාවල පවා එහෙම පෝස්ට් දැම්ම කියල කලබල උනේ නැහැ. මම දන්නේ නැහැ මෙච්චර තරුණ රැඩිකල් පසුබිමක් තියන මිනිස්සු අර ප්‍රභූ පොරවල්වත් උනේ නැති කලබලයකින් ඉන්නේ ඇයි කියල. එයාලගේ ෆේස්බුක් ගෝලයොත් එහෙමයි.

 

 

මම හිතන්නේ ඔවුන්ට යමක් දැනිලා තියනවා කියල.

මම දකින විදියට අතත්‍ය අවකාශයේ ලොකු චැලේන්ජ් එකක් අවොත් ඔවුන් ලොකුවට කලබල වෙලා සියල්ල අවසන් කරගන්න පුළුවන්.

දැනට මාලිමාව තියෙන්නේ අතත්‍ය අවකාශයක (virual space) විතරක් වගේ බවයි මගේ හැඟීම. ඒකත් අහිමි වුනොත්...

එතකොට තවත් හැරවුමක ආරම්භය හරින් බවට පත්වෙනවා.


Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...