The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
Opinion

ඈත මහින්ද සහ ළඟ මහින්ද.... | Mahesh Hapugoda

T

The Leader Desk

October 28, 2025 • 3:03 PM

ඈත මහින්ද සහ ළඟ මහින්ද.... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහින්ද මහත්තයා කොහේහරි හම්බවෙච්ච තැනකදී මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් එයා එක්ක සුහඳව කතාකරන චායාරූපයක්
  • මොකද මට මහින්ද ලොක්ක කොතැනකදී හෝ හම්බවුනත් මමත් ඒ සමාචාර කරනවා.
  • අනුර පවා ජනාධිපති වෙන්න කලින් යම් යම් අවස්ථාවල යම් යම් තැන්වලට ගියාම එයාට අපි සැලකුවේ ජනාධිපති ලෙසම තමයි.
  • අපි දුර ඉන්න මහින්ද මහත්තය ගැන ලියනකොට හිතන්න ඕනි දේ තමයි එයා ලඟටත් කවදාහරි හම්බවෙන්න පුළුවන් කියල.
අකුරු ප්‍රමාණය (Font Size):

බුකියේ සැරිසරනවා.

මම ඒකෙ ලොකු අමුත්තක් දකින්නේ නැහැ. මොකද මට මහින්ද ලොක්ක කොතැනකදී හෝ හම්බවුනත් මමත් ඒ සමාචාර කරනවා. ඒකට දේශපාලන සහ වෙනත් වෙනස්කම් අදාල වෙන්නේ නැහැ.

වැඩිහිටියෙක් ලෙසත්, ලංකාවේ ජනතා චන්දයෙන් තේරුණ ජනාධිපති කෙනෙක් ලෙසත්, යුද්දය සම්බන්දයෙන් තීරණාත්මක මැදිහත්වීමක් කරපු කෙනෙක් ලෙසත්, මහින්ද කොහොමත් එන්නේ සමාචාර කරගෙනම නිසාත්, ජනතාව එක්ක හිටපු නායකයෙක් හැටියට එයා මිනිස්සු එක්ක ඉන්න දන්නා නිසාත්, එයාගේ කොහොමත් පොඩි ආකර්ෂණයක් තියෙන නිසාත්, එයාව හම්බවෙන කෙනෙක්ට එයා මඟහරින්න බැහැ.

සාමාන්‍යයෙන් දේශපාලඥයෝ කියන්නෙම වෙනම සත්ව කොටසක්. උනුයි අපියි එකක් නෙවෙයි. දෙකක්.

ඒ නිසා අපි ඈත ඉන්න මහින්දට කොහොම බැන්නත් එයා ලඟට ආවම තත්වේ වෙනස්. අනුර පවා ජනාධිපති වෙන්න කලින් යම් යම් අවස්ථාවල යම් යම් තැන්වලට ගියාම එයාට අපි සැලකුවේ ජනාධිපති ලෙසම තමයි. විශේෂයෙන් මම. මොකද මම එයා ජනාධිපති වෙන්න මාස ගාණකට කලින් දැනගෙන හිටිය එයා ලංකාවේ ජනාධිපති කියල.

ඒක නෙවෙයි වැඩේ.

අපි දුර ඉන්න මහින්ද මහත්තය ගැන ලියනකොට හිතන්න ඕනි දේ තමයි එයා ලඟටත් කවදාහරි හම්බවෙන්න පුළුවන් කියල. අනුර ගැන ලියද්දිත් එහෙමයි. මහින්ද මහත්තයට වඩා අනුර ජනාධිපතිතුමා අපිට මුහුණට මුහුණ හම්බවෙන්න තියන අවස්ථාව වැඩියි මගේ හිතේ.

ඒ නිසා අපි කතාකරන කොට. ලියන කොට ඒ ඒ මනුස්සයින්ට ගරහන්නේ නැතුව, පුද්ගලිකව හෙලාදකින්නේ නැතුව, වයස නිසා අවමානයට ලක්කරන්නේ නැතුව, කුණුහරප කියන්නේ නැතුව, බොරු චෝදනා කරන්නේ නැතුව ඉන්නවානම් හොඳයි. මොකද ඈත ඉන්න එයා ළඟට එන්නත් පුළුවන්. එතකොට බය නැතුව, චකිතයක් නැතුව කෙලින් මුහුණ බලන්න පුළුවන්කම තියෙන්න ඕනි කියල මම හිතනවා.

ආයේ මනුස්සයෙක්ගේ මුණ බලන්න තියාගෙන වැඩකරපන් කියල අපේ කිරිඅම්මා මට කියල තියනවා.

මින් අදහස් කරන්නේ නැහැ මනුස්සයකුගේ වැරදි පෙන්නලා දෙන්න එපා කියල. නමුත් අනවශ්‍ය විදියට ගරහන්න එපා. ඒක පාරාවළල්ලක් වෙනවා.

මේ ෆොටෝ එක ගැන අද බුකිය ලියන්නේ ඒ පරස්පර බව නිසා.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...