The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Opinion

ලස්සනයි ඒ පසුකරයාම... | Mahesh Hapugoda

T

The Leader Desk

November 5, 2025 • 6:05 PM

ලස්සනයි ඒ පසුකරයාම... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු - ඉන්දියානු -මුස්ලිම් සම්භවයක් ඇති සොහ්රාන් මම්දානි නිව්යෝක් වල නගරාධිපති උනා කියල බටහිර ලිබරල් මාධ්‍ය
  • උගත්කම, මහන්සිය සහ ඇමෙරිකානු වටිනාකම් විසින් ඔවුන්ගේ ජීවිතය ඔසවා තබයි කියල දැඩි විශ්වාසයෙන් ඔවුන් වැඩකලා.
  • (ආචාර්ය මහේෂ් හපුගොඩ) සමාජ හා දේශපාලන විශ්ලේෂක hapugoda@gmail.com (Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...) සබැඳි ලිපි : නිව් යෝර්ක් නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ පළමු මුස්ලිම් ජාතිකයා වන සොහ්රාන් මම්දානි කවුද?
  • ටොරෙස් නගර සභාව 2005 : මම්ඩානි හෙට අනිද්දා සහ කවදත් නැති අපි...
අකුරු ප්‍රමාණය (Font Size):

විශාල වශයෙන් ඔසවල තිබෙනවා දැක්ක හැටියේ මට මතක් උණේ හනිෆ් කුරේෂිගේ My Beautiful Laundrette (1985) චිත්‍රපටියේ හුසේන්.

ලන්ඩන්වල හිටපු ප්‍රසිද්ද වමේ පත්තරකාරයෙක්ගේ චරිතයට පණපොවන වයසක හුසේන් එයාගේ දරුවට එක තැනකදී මෙහෙම කියනවා.

'ඔය සුද්දන්ගේ රෙදි හෝදන වැඩේ පැත්තකින් තියල කොලේජ් එකට ගිහින් හොඳට ඉගෙනගනින්. ඒ අධ්‍යාපනය විසින් අපේ මිනිස්සුන්ට හොඳ අනාගතයක් හදයි'.
එක පරම්පරාවකට තවත් පරම්පරාවක් පසුකර යන්න අධ්‍යාපනය අත්‍යවශ්‍යයි කියල කුරේෂි දැනන්උන්න. ඒක පුදුම උපදවන දෙයක්.  

කුරේෂි හැමදාම ඔය පුදුමය විශ්වාස කළා. ඔබාමා කලෙත් ඒක. උගත්කම, මහන්සිය සහ ඇමෙරිකානු වටිනාකම් විසින් ඔවුන්ගේ ජීවිතය ඔසවා තබයි කියල දැඩි විශ්වාසයෙන් ඔවුන් වැඩකලා. ඔය අධ්‍යාපනය සහ නූතන වටිනාකම් විසින් මිනිස් පැවැත්ම තවත් තලයකට ඔසවා තබයි කියන එක වමේ කේන්ද්‍රීය අදහසක්.  

ඉහළින් ගිහින් ගුවන්යානා වල බෝම්බ බැඳන් ටුවින් ටවර් එකට අතහරිනවා වෙනුවට පොළොවේ වැඩ කරලා උඩට මතුවෙන එක අගෙයි.

මම්දානි ඉස්සර මීරා නායර්ගේ පුතා. දැන් මම්දානිගේ අම්ම මීරා.

ලස්සනයි ඒ පසුකර යාම...

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

සබැඳි ලිපි :

නිව් යෝර්ක් නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ පළමු මුස්ලිම් ජාතිකයා වන සොහ්රාන් මම්දානි කවුද?

ටොරෙස් නගර සභාව 2005 : මම්ඩානි හෙට අනිද්දා සහ කවදත් නැති අපි... | කුසල් පෙරේරා


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...