The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ගින්නෙන් විනාශ වූ ඔලිම්පික් පදක්කම් වෙනුවට ගැරී හෝල් ට අලුත් පදක්කම්

T

The Leader Desk

January 15, 2025 • 10:57 AM

ගින්නෙන් විනාශ වූ ඔලිම්පික් පදක්කම් වෙනුවට ගැරී හෝල් ට අලුත් පදක්කම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වේගයෙන් පැතිරෙන ලැව්ගින්නෙන් බේරී පලා යාමට ඉක්මන් වෙද්දී ඔහුට වසර 1996, 2000 සහ 2004 ඔලිම්පික් ක්‍රීඩා උළෙලන්හි දිනා ගත් පදක්කම් 10 අත්හැර යාමට සිදුවුනා.
  • මට හිතෙන්නේ මිනිත්තු තුනක් ඇතුළත.
  • එහෙත් මේ පිහිනුම් ශූරයාගේ පදක්කම් නැතිවීමේ පුවත ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට (IOC) සැලවීමත් සමග ඔහුට පදක්කම් ආකෘති ලබා දෙන බවට කමිටුව ප්‍රකාශ කර තිබෙනවා.
  • ශ්‍රේෂ්ඨ ඔලිම්පික් ක්‍රීඩකයෙකු වන ගැරී හෝල් (කණිෂ්ඨ)ගේ පදක්කම් ගින්නේදී නැති වී ඇති බවත් අපට දැනගන්නට ලැබී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


වේගයෙන් පැතිරෙන ලැව්ගින්නෙන් බේරී පලා යාමට ඉක්මන් වෙද්දී ඔහුට වසර 1996, 2000 සහ 2004 ඔලිම්පික් ක්‍රීඩා උළෙලන්හි දිනා ගත් පදක්කම් 10 අත්හැර යාමට සිදුවුනා.

“ඒ පදක්කම්වල වටිනාකම ඩොලර්වලින් කියන්න බැරි තරම්. ඒ ඔලිම්පික් පදක්කම්වලින් නියෝජනය වන මතකයන්...ඒවා මට අයෙ කවදාවත් නැවත ලබා ගන්න බැහැ. ඒ කිසිම දෙයක් කිසිම දවසක මට ආයෙ ලැබෙන්නේ නැහැ. මේ සියල්ල සිදුවුනේ ඉතාම වේගයෙන්. මට හිතෙන්නේ මිනිත්තු තුනක් ඇතුළත. මගේ බඩු එකතු කරගෙන පිටවෙන්න මට තිබුනේ මිනිත්තු තුනක් විතරයි” හෝල් පවසනවා.


Gary Hall JR fire medals 011325 tout 7491f2413718415f9f5a746530a99339

 

එහෙත් මේ පිහිනුම් ශූරයාගේ පදක්කම් නැතිවීමේ පුවත ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට (IOC) සැලවීමත් සමග ඔහුට පදක්කම් ආකෘති ලබා දෙන බවට කමිටුව ප්‍රකාශ කර තිබෙනවා.

“ලොස් ඇන්ජලීස් ජනතාව සමග පූර්ණ සහයෝගිතාවෙන් සිටින අපි වෙහෙස නොදැනී කටයුතු කරන ගිනිනිවන භටයන් හා ආරක්ෂක හමුදාවන්ගේ කාර්යභාරය ඉතාම අගය කරනවා” යනුවෙන් IOC සභාපති Thomas Bach නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. “මේ අවස්ථාවේ සම්පූර්ණ අවධානය යොමුවිය යුත්තේ ගින්නට එරෙහිව කරන සටනට හා ජනතාව සහ දේපල ආරක්ෂා කිරීමට. ශ්‍රේෂ්ඨ ඔලිම්පික් ක්‍රීඩකයෙකු වන ගැරී හෝල් (කණිෂ්ඨ)ගේ පදක්කම් ගින්නේදී නැති වී ඇති බවත් අපට දැනගන්නට ලැබී තිබෙනවා. ඒවායේ ආකෘති IOCය ඔහුට ලබා දෙනවා.”

RXFBU6ORD5IM3GQCIZOTHYLROU

අමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල තුනක තරග කරමින් හෝල් රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගත්තා.


මීටර් 50 නිදහස්ආර පිහිනුම් ඉසව්වේ දෙවතාවක ඔලිම්පික් ශූරයෙකු වන ඔහු සිය ක්‍රීඩා දිවිය තුළ අමෙරිකාව සහාය පිහිනුම් තරග පහක ජයග්‍රහණ කරා ගෙන ගියා.

හානියට පත් ප්‍රදේශය නැවත විවෘත කළ විට තමා ෂවලයක් රැගෙන මීට ශතක දෙකකට පෙර කැලිෆෝනියානුවන් ක්‍රියා කළ පරිදි රත්තරං සොයා එහි යන බව ගැරී හෝල් (කණිෂ්ඨ) පවසනවා.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...