The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ආජන්ටිනා ජාතික කොඩි, ගායනා, අංක 10 කමිස මැද මැරඩෝනාගේ මරණයේ නඩුව ඇරඹේ

T

The Leader Desk

March 12, 2025 • 12:07 PM

ආජන්ටිනා ජාතික කොඩි, ගායනා, අංක 10 කමිස මැද මැරඩෝනාගේ මරණයේ නඩුව ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතීතයේ පාපන්දු තරග බිමේදී මෙන් මේ අවස්ථාවේදී ද, ක්‍රීඩා ලෝලීන් පුරාවෘත්ත පාපන්දු ක්‍රීඩකයාගේ වාසගම වන “මැරඩෝනා” නම ‌මතුරමින් ගායනා කළ ද, මෙවර ඔවුන්ගේ දෑස්වලින් ගලා ගියේ සතුටු කඳුළු නෙවෙයි.
  • වසරේ නොවැම්බර් 25 වැනි දින හෘදයාබාධයක් හේතුවෙන් සිදුවූ මැරඩෝනාගේ මරණයට පුද්ගලයන් හත් දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් වගකිව යුතුද යන්න තීරණය කිරීම මේ නඩුවේ අරමුණ යි.
  • මැරඩෝනා අවසන් වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඔහුගේ 60 වැනි උපන්දිනයේ.
  • එය, ඇවිදීමේ සහ අන්‍යෝන්‍යව ක්‍රියා කිරීමේ අපහසුවකින් පෙලෙන අලස, හෙමින් යන මැරඩෝනා කෙනෙකු ලෙස.
අකුරු ප්‍රමාණය (Font Size):

අතීතයේ පාපන්දු තරග බිමේදී මෙන් මේ අවස්ථාවේදී ද, ක්‍රීඩා ලෝලීන් පුරාවෘත්ත පාපන්දු ක්‍රීඩකයාගේ වාසගම වන “මැරඩෝනා” නම ‌මතුරමින් ගායනා කළ ද, මෙවර ඔවුන්ගේ දෑස්වලින් ගලා ගියේ සතුටු කඳුළු නෙවෙයි. ඒ කඳුලුවල පිරී තිබුණේ සන්තාපය.

 

ඩිඑගෝ ආමන්ඩෝ මැරඩෝනාගේ මරණය පිළිබඳ නඩු විභාගය ඊයේ ආරම්භ වූයේ මෙවන් වාතාවරණයක. මැරඩෝනා මිය ගොස් සිවු වසරකට වැඩි කාලයකට පසුව මේ නඩුව කැඳවනු ලැබුවේ එය දෙවතාවක් තාවකාලිකව අත්හිටුවීමෙන් පසුව.

2020 වසරේ නොවැම්බර් 25 වැනි දින හෘදයාබාධයක් හේතුවෙන් සිදුවූ මැරඩෝනාගේ මරණයට පුද්ගලයන් හත් දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් වගකිව යුතුද යන්න තීරණය කිරීම මේ නඩුවේ අරමුණ යි.

අපි ජීවත් වෙන්නේ මාෆියාවට බයෙන්' - මැරඩෝනාගේ දුව

 

මොළයේ ශල්‍යකර්මයකින් පසුව මැරඩෝනා මිය ගියේ පෞද්ගලික වටපිටාවක පිහිටි නිවෙසක රෝහල්ගතව සිටියදී.

මැරඩෝනා අවසන් වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඔහුගේ 60 වැනි උපන්දිනයේ. ඒ, ඔහු පුහුණු කරමින් සිටි කණ්ඩායමේ Gimnasia y Esgrima La Plata ක්‍රීඩාංගණයේ.

එහෙත් ඔහුගේ පෙනී සිටීම පැවතුනේ මිනිත්තු කිහිපයක් පමණයි. තරගය ආරම්භ වන වේලාව පැමිණි විට ඔහු එතැනින් නික්ම ගොස් තිබුණේ දැඩි අවධානයක් යොමුවූ ප්‍රතිරූපයක් ඉතිරි කරමින්. එය, ඇවිදීමේ සහ අන්‍යෝන්‍යව ක්‍රියා කිරීමේ අපහසුවකින් පෙලෙන අලස, හෙමින් යන මැරඩෝනා කෙනෙකු ලෙස. ඔහු තීරණාත්මක ශල්‍යකර්මයට බඳුන් වූයේ ඊට දින කිහිපයකට පසුව.

 

photo

නිවෙස්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර වෛද්‍ය කණ්ඩායම වෘත්තිමය ලෙස අපරීක්ෂාකාරීව කාර්ය කළ බව හා මැරඩෝනා ට සාත්තු කිරීමේ වගකීම දැරූ එම වෛද්‍ය කණ්ඩායම නොසැලකිලිමත් හා අනවධානයෙන් කටයුතු කළ බව ඔප්පු කිරීමට මේ නඩුවේ පැමිණිල්ල බලාපොරොත්තු වනවා.

mar 2

 

“Justice for D10S” ලෙස කියැවුනු කොඩි සමග මැරඩෝනාගේ අනුගාමිකයෝ, මාස තුනකට වැඩි කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂිත නඩු විභාගයේ පළමු දිනය ආරම්භ වනතුරු උසාවියේ පදික වේදිකාවට රොක්ව බලා සිටියා.

සෞඛ්‍ය සත්කාරයේ වෘත්තිමය දක්ෂයන් හත් දෙනෙක් මේ නඩුවෙන් චෝදනා ලැබ සිටින අතර මැරඩෝනා ට හෘදයාබාධයක් හටගත් මොහොතේ ඔහු සිටියේ මේ වෛද්‍ය කණ්ඩායමේ සත්කාරය යටතේ. ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක්, මනෝචිකිත්සකයෙක් හා වෛද්‍ය මාණ්ඩලිකයන් කිහිප දෙනෙකුගෙන් යුත් මේ හත් දෙනාගේ කණ්ඩායම මිනීමැරුම් චෝදනාවට වරදකරුවන් ද යනුවෙන් විනිශ්චයකාරවරුන් තිදෙනෙකු විසින් තීරණය කිරීමට නියමිතයි. වරදකරුවන් වුවහොත් ලැබෙන උපරිම සිර දඬුවම් කාලය වසර 25ක්.

 

mar2
අට වැනි විත්තිකරුවෙකුට එරෙහි චෝදනා මේ නඩුව අවසන් වීමෙන් පසුව විභාගයට ගනු ඇත්තේ ජූරියක් ඉදිරියේ.

නඩුවේ පැමිණිලිල්ල වනුයේ මැරඩෝනාගේ දරුවන් පස් දෙනා වන Dalma, Giannina, Jana, Diego සහ Diego Fernando Maradona. මේ අය උසාවියට පැමිණි අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින එක් නීතිඥවරයෙක්, මැරඩෝනා ට නිසියාකාරව සාත්තු නොකළ බව ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි ප්‍රමාණවත් තරමට වඩා තිබෙන බව කියා සිටියා.

මැරඩෝනා ට සහ ඔහුගේ පවුලේ අයට සහයෝගය පළ කිරීමට පැමිණ සිටි සමහර පුද්ගලයන්, නඩුවේ විත්තිකරුවන් පැමිණෙද්දී, “මිනීමරුවා” යනුවෙන් කෑගැසූ අතර තවත් සමහරු හඬා වැටුනා. පැමිණ සිටි සමහරු අත පාපන්දු ලෝක කුසලානයේ අනුරුවක් තිබුණා.

 

mar1
1986 ලෝක කුසලාන පාපන්දු ශූරයා වෙනුවෙන් ගායනා කරමින් සිටියවුන් වෙත පැමිණ ඔවුන්ට පාපන්දු ජර්සි ලබා දුන් Diego Fernandoගේ මව සහ මැරඩෝනාගේ හිටපු සහකාරිනී Veronica Ojeda, උසාවියට එක්රොක්ව සිටි ජනතාවට ඇගේ ස්තූතිය පළ කළා.

මැරඩෝනාගේ වැඩිමල් දියණියන් වන Dalma හා Giannina Maradona ඔවුන්ගේ සහෝදරිය වන Jana සමග පැමිණිය ද ඔවුන් කිසිම ප්‍රකාශයක් කළේ නැහැ.

වැදගත් තරගයක ප්‍රවේශයක් අනුකරණය කරමින් මැරඩෝනාගේ ආධාරකරුවන් උසාවියෙන් පිටතදී රොද බැඳ ගනිමින් නඩුව ආරම්භ වීමට පෙර ආජන්ටිනා ජාතික ගීය ගැයුවා.

නඩුවේ තර්ක කිරීම් උසාවිය ඇතුළත ආරම්භ වෙද්දී ඉන් පිටත ආජන්ටිනා ධජ සහ ලෝක කුසලානයේ ආකෘතින් සමග ජාතික ගීය දෝංකාර වුනා.

sdwdsw

 

ආජන්ටිනා ජාතිකයන් දේවත්වයෙන් සලකනු ලබන ඩිඑගෝ මැරඩෝනා මිය ගොස් සිවු වසරකට වැඩි කාලයකට පසුව ඔහුගේ මරණයට හේතුව සොයා ගැනීමේ නඩුව ආරම්භ වුනේ එහෙමයි.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...