The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

හිටපු පාපන්දු ක්‍රීඩකයා බ්‍රැන්ඩි බොමින් තමාගේ මරණය සමරයි

T

The Leader Desk

March 19, 2025 • 4:23 PM

හිටපු පාපන්දු ක්‍රීඩකයා බ්‍රැන්ඩි බොමින් තමාගේ මරණය සමරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැඳෑවක් බවට පත්වීමේ මේ පුවත ඇසෙන්නේ බල්ගේරියාවේ හිටපු පාපන්දු ක්‍රීඩකයෙකුගෙන්.
  • බල්ගේරියාවේ ඉහළම තලයේ පාපන්දු තරගාවලියේ ක්‍රීඩා කරන එම කණ්ඩායම තරගය ආරම්භ වීමට පෙර ගෑන්චෙෆ් වෙනුවෙන් මිනිත්තුවක නිහඬතාවක් පැවැත්වූයේ 78 හැවිරිදි වියේ පසුවන ඔහු මිය ගොස් ඇති බවට වරදවා වටහාගෙන.
  • මම ගෙදරට වාහනේ පදවා ගෙන එද්දී, මගේ දුරකථනය සෑහෙන වෙලාවක් නාද වෙන්න පටන් ගත්තා” යනුවෙන් ගෑන්චෙෆ් BLITZ නමැති බල්ගේරියානු වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබෙනවා.
  • “මම ගෙදර ඉස්සරහ කාරය පාක් කරලා, මිදුලට ගොඩවුනාම මගේ බිරිඳ කෑගසා අඬමින්, “හෙට්කෝ, හෙට්කෝ, ඔයා මැරිලා කියලා රූපවාහිනියෙන් නිවේදනය කළා” යනුවෙන් පැවසූ බව ගෑන්චෙෆ් කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සැඳෑවක් බවට පත්වීමේ මේ පුවත ඇසෙන්නේ බල්ගේරියාවේ හිටපු පාපන්දු ක්‍රීඩකයෙකුගෙන්.


“මගේ මරණය පිළිබඳ බිය උපදවන ප්‍රවෘත්තිය ඇසුනාම මම බ්‍රැන්ඩි ෂොට් එකක් වීදුරුවට දාගත්තා” යනුවෙන් එම ක්‍රීඩකයා පවසනවා.

Petko Ganchev| (හෙට්කෝ ගෑන්චෙෆ්) Petko Ganchev


හෙට්කෝ ගෑන්චෙෆ් (Petko Ganchev) තමා ක්‍රීඩා කළ Arda Kardzhali පාපන්දු සමාජ කණ්ඩායමේ Levski Sofia පිලට එරෙහි තරගය නැරඹුවේ මේ අයුරින්.

බල්ගේරියාවේ ඉහළම තලයේ පාපන්දු තරගාවලියේ ක්‍රීඩා කරන එම කණ්ඩායම තරගය ආරම්භ වීමට පෙර ගෑන්චෙෆ් වෙනුවෙන් මිනිත්තුවක නිහඬතාවක් පැවැත්වූයේ 78 හැවිරිදි වියේ පසුවන ඔහු මිය ගොස් ඇති බවට වරදවා වටහාගෙන.

cfty56
“මට පෞද්ගලික වැඩක් කරන්න තිබුනු නිසා මම ආවේ තරගය ආරම්භ වී මිනිත්තු දහයකට පස්සේ. මම ගෙදරට වාහනේ පදවා ගෙන එද්දී, මගේ දුරකථනය සෑහෙන වෙලාවක් නාද වෙන්න පටන් ගත්තා” යනුවෙන් ගෑන්චෙෆ් BLITZ නමැති බල්ගේරියානු වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබෙනවා.

 

“මම ගෙදර ඉස්සරහ කාරය පාක් කරලා, මිදුලට ගොඩවුනාම මගේ බිරිඳ කෑගසා අඬමින්, “හෙට්කෝ, හෙට්කෝ, ඔයා මැරිලා කියලා රූපවාහිනියෙන් නිවේදනය කළා” යනුවෙන් පැවසූ බව ගෑන්චෙෆ් කියනවා.

“එයා කියන්නේ මොනවාද, වෙලා තියෙන්නේ මොකක්ද කියලා මට තේරුම් ගන්න බැරිවුනා. එතකොට තමයි මගේ යාළුවන් දෙන්නෙක් මට කතා කළේ.”

“ඇත්තෙන්ම, පණපිටින් වළලන එක පීඩාව ඇති කරවන දෙයක්.”

වැරැද්ද ඉක්මනින් වටහා ගත් Arda පාපන්දු ක්‍රීඩා සමාජය තරගය අවසන් වීමට පෙර ඔවුන්ගේ මුහුණුපොත පිටුවේ පෝස්ටුවක් තබමින් ඔවුන්ට ලැබුනේ වැරදි තොරතුරක් බව සඳහන් කළා.

අනතුරුව එම සමාජයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා තමාට දුරකථනයෙන් කතා කර සමාව ඉල්ලා සිටි බව Arda කණ්ඩායමට වසර පහක් ක්‍රීඩා කළ ගෑන්චෙෆ් කියා සිටියා.

xfg546g| හෙට්කෝ ගෑන්චෙෆ්


“සමහර වෙලාවට මෙවැනි දේ සිදුවෙනවා. නමුත් ඒ වෙලාවේ ඇතිවූ තත්ත්වය කොහෙත්ම පහසු එකක් වුනේ නැහැ.”

“මෙවැනි දූෂමාන ආරංචියක් ගමේ පතුරුවා හැරීම සාමාන්‍ය දෙයක්. නමුත් ඔවුන් එය නිවේදනය කළේ බල්ගේරියාවේ මුළු පාපන්දු ප්‍රේක්ෂක පිරිස ඉදිරියේ.”

“මගේ මිතුරන්, ඥාතීන්, දැන අඳුනන අය සහ එච්චර ලොකුවට අඳුනන්නේ නැති අය ඇතුළු බොහෝ දෙනෙක් මට දුරකථනයෙන් කතා කළා. තත්ත්වය එතරම් ප්‍රසන්න වුනේ නැහැ. නමුත් අවසානයේ අපි ධනාත්මක විය යුතුයි” හෙට්කෝ ග්‍රෑන්චෙෆ් ප්‍රකාශ කරනවා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...