(ICC) ඉල්ලීමක් කර දින කිහිපයකට පසුව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) අනිද්දා ඇරඹෙන 2025 ඉන්දියා ප්‍රිමිය ලීගයේදී (IPL) ඊට අවසර දීම පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වනවා.
විදෙස් වාර්තාවලට අනුව, මේ යෝජනාව BCCI අභ්‍යන්තරයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන අතර අද මුම්බායි හි පැවැත්වෙන රැස්වීමකදී මේ අදහස සියලුම IPL කණ්ඩායම්වල නායකයන්ට දැන්වීමට නියමිතයි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දුවට ‘රිවර්ස්’ වීමක් ලබා දීම පිණිස පන්දුවේ එක පැත්තක් කෙළ ගාමින් ඔප දැමීමේ ආදි කාලීන ක්‍රියාව කොවිඩ් වසංගතය පැවති කාලයේදී තාවකාලිකව තහනම් කෙරුණු අතර ICCය 2022 වසරේදී එය නිත්‍ය වශයෙන් තහනම් කළා. IPL ද එම වසංගතයෙන් පසුව ඔවුන්ගේ ක්‍රීඩා නීතිවලට ICCයේ තහනම ඇතුළත් කළ ද ඔවුන්ගේ තරග නිර්ණායක තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලකයන්ගේ සීමාවෙන් බැහැරව.
“කොවිඩ් වසංගතය පැමිණීමට පෙර පන්දුව මත කෙළ පාවිච්චි කිරීම තරගයේ ස්වභාවය වී තිබුණා. දැන් අපිට ඒ තර්ජනය තවදුරටත් නැති නිසා, IPL තරගාවලියේදී කෙළ සම්බන්ධයෙන් තිබෙන තහනම ඉවත් කිරීමෙන් හානියක් සිදුවන බවක් අපට දැනෙන්නේ නැහැ. රතු පන්දුවෙන් කරන ක්‍රිකට් ක්‍රීඩාවේදී එමගින් වඩාත් ලොකු බලපෑමක් සිදුවන බව අපට තේරෙණවා. නමුත් සුදු පන්දුවෙන් කරන ක්‍රීඩාවේත් එයින් පන්දු යවන්නන්ට පොඩි උපකාරයක් ලැබෙනවා නම් IPL තරගවල ඊට අවසරය ලබා දිය යුතුයි. මොකද, එය යම් ප්‍රවණතාවකට නැඹුරුවක් තියෙන තරගාවලියක් නිසා. නායකයන්ගේ තීරණය මොකක් ද කියලා අපි බලමු” යනුවෙන් BCCI උසස් නිලධාරියෙක් ප්‍රකාශ කරනවා.
IPL තරගාවලියේදී මේ තහනම අහෝසි කළහොත් ICCය ට ද මේ තහනම සම්බන්ධයෙන් තිබෙන ඔවුන් දරණ මතය සමාලෝචනය කිරීමට බල කෙරෙනවා.
පසුගියදා පැවති ICC චැම්පියන්ස් කුසලාන තරගාවලිය අතරතුර ඉන්දියා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නෙකු වන මොහමඩ් ෂාමි, පිතිකරුවන් කැපී පෙනෙන ක්‍රීඩාවක පන්දු යවන්නන් පන්දුව මත කෙළ පාවිච්චි කිරීමේ අවශ්‍යතාව පිළිබඳව කතා කර තිබුණා.
“අපි උත්සාහ කරන්නේ ‘රිවර්ස් ස්විං’ ලබා ගන්න. නමුත් පන්දුව මත කෙළ භාවිතයට අවසරයක් නැහැ” යනුවෙන් ෂාමි පවසා තිබුණේ චැම්පියන්ස් කුසලාන අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව කඩුලු හතරකින් ඔස්ට්‍රේලියාව පරාජය කිරීමෙන් පසුව. “අපට ‘රිවර්ස් ස්විං’ එක ආපහු ක්‍රීඩාවට ගෙනැවිත් තරගය වඩාත් රසවත් කරන්න ඉඩ දිය යුතුයි කියා අපි දිගටම ඉල්ලමින් සිටිනවා.”
දකුණු අප්‍රිකාවේ වර්නන් ෆිලැන්ඩර් සහ නවසිලන්තයේ ටිම් සවුතී යන හිටපු වේග පන්දු යවන්නන් ද ෂාමිගේ මේ ඉල්ලීමට සහාය පළකර තිබෙනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



